විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් ප්‍රසාද් මංජුට ඇප...
2011 - 2015 කාලසීමාව තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හිටපු මාධ්‍ය ලේකම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (24) නියෝග කළේය.
විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම්
ප්‍රසාද් මංජුට ඇප...
සම්බන්ධීකරණ ලේකම් ජූලි 03 තෙක් රිමාන්ඩ්.
2011 - 2015 කාලසීමාව තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හිටපු මාධ්‍ය ලේකම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (24) නියෝග කළේය.
කෙසේ වෙතත්, මෙම සිද්ධියටම අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ක්‍රිෂාන්ත ප්‍රදීප් සිල්වා නැමැත්තා ලබන ජූලි මස 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමේ තීන්දුව එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් දෙදෙනා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කරමින් රුපියල් මිලියන 41 කට අධික රජයේ මුදලක් අවභාවිත කර ඇති බවයි.
ප්‍රසාද් මංජු මහතාට එල්ල වී ඇති චෝදනා:
ඔහු 2011.02.03 සිට 2015.01.08 දක්වා කාලය තුළ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇත. නිල වාහනයක්, ඉන්ධන හෝ ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීමට ඔහුට හිමිකම් තිබුණද, ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් වෙනත් මුදල් ද ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. වාහන භාර නිලධාරී දයානන්ද මහතාගේ ප්‍රකාශයන්ට අනුව, ප්‍රසාද් මංජු මහතා වෑන් රථයක් සහ මෝටර් රථයක් අවභාවිත කර ඇති අතර ඒ සඳහා රුපියල් 1,746,000 ක මුදලක් වැය කර ඇත.
සම්බන්ධීකරණ ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනා:
හිටපු සම්බන්ධීකරණ ලේකම් ක්‍රිෂාන්ත ප්‍රදීප් සිල්වා නැමැත්තා රුපියල් ලක්ෂ 12 කට අධික රජයේ මුදලක් මෙලෙස අවභාවිත කර ඇති බව CIDය සඳහන් කළේය.
මෙම සිදුවීමට අදාළව 2017.12.20 දින නීතිපති උපදෙස් ලබාගෙන ඇති අතර, සැකකරුවන්ට එරෙහිව වෙනම නඩුකරයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොනු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව සිදුකළ විමර්ශනවලින් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු මාධ්‍ය ලේකම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මහතා 2026 ජූනි මස 11 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

