පීඩන අවපාතය දරුණු වෙයි. දිස්ත්‍රික්ක 8කට රතු නිවේදන. ප්‍රධාන ජලාශ 16ක් වාන් දමයි

දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනය කළේය. මේ හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් වාන් දැමීම ආරම්භ කර ඇති අතර, පහත් බිම්වල වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසු වන ලෙස දැනුම් දී තිබේ.

May 13, 2026 - 15:31
May 13, 2026 - 15:32
 80
පීඩන අවපාතය දරුණු වෙයි.   දිස්ත්‍රික්ක 8කට රතු නිවේදන.  ප්‍රධාන ජලාශ 16ක් වාන් දමයි

පීඩන අවපාතය දරුණු වෙයි.


 

''දිස්ත්‍රික්ක 8කට රතු නිවේදන.

ප්‍රධාන ජලාශ 16ක් වාන් දමයි''


දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනය කළේය. මේ හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් වාන් දැමීම ආරම්භ කර ඇති අතර, පහත් බිම්වල වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.


 මිලිමීටර් 200 ඉක්මවූ අති තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 204 ඉක්මවූ අති තද වැසි ඇතිවිය හැකි බවට අද පස්වරු 3.30 දක්වා වලංගු වන පරිදි රතු නිවේදන නිකුත් කර ඇත. මීට අමතරව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කෙරේ. ගතවූ පැය 22 තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 204කි.


ජලාශ 33ක් වාන් මට්ටමේ: ගංගා කිහිපයක් පිටාර ගැලීමේ අවදානමක


පවතින වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වන විට වාන් දමමින් පවතී.


1 රාජාංගණය ජලාශය - වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර තත්පරයට ඝන අඩි 14,000ක ජල කඳක් කලා ඔයට මුදා හැරේ.

2 ලුණුගම්වෙහෙර - දොරටු 6ක් විවෘත කර කිරිඳි ඔයට ජලය මුදා හරිනු ලබයි.

3 වෙහෙරගල - දොරටු 6ක් විවෘත කර ඇති බැවින් මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතී.

මීට අමතරව අනුරාධපුරය, කුරුණෑගල, හම්බන්තොට, බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල වැව් රැසක් වාන් මට්ටමට පැමිණ තිබේ.


නායයාම් සහ අකුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාවත් සමඟ කඳුකර ප්‍රදේශවල නායයාම් අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය. “පවතින ජල ගැලීම් තත්ත්වය හමුවේ අනතුරුදායක ස්ථානවල දිය නෑමට යාමෙන් වළකින්න. පසුගිය දිනවල එවැනි අමනෝඥ ක්‍රියා නිසා ජීවිත කිහිපයක් අහිමි වුණා” යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු මගින් සිදුවිය හැකි හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 1
Wow Wow 0