අප්‍රේල් 1 දා සිට විදුලි බිල ඉහළට…

026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සාමාන්‍යයක් ලෙස 10%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ. මෙම නව ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

Mar 31, 2026 - 11:23
 11
අප්‍රේල් 1 දා සිට විදුලි බිල ඉහළට…

අප්‍රේල් 1 දා සිට විදුලි බිල ඉහළට…

අඩුම ඒකක කාණ්ඩයට 4.3%ක සහ 

වැඩිම කාණ්ඩයට 25.3%ක වැඩිවීමක්. 

සමස්ත වැඩිවීම් ප්‍රතිශතය 10%ක්.

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සාමාන්‍යයක් ලෙස 10%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ. මෙම නව ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියද, මහජන අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් කොමිසම එය 10%ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇත.

ගෘහස්ථ කාණ්ඩයේ ගාස්තු ඉහළ යන ආකාරය:

පාරිභෝගිකයන් භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු ඉහළ යන ප්‍රතිශතයන් සහ මාසික බිල්පතට එකතු වන අමතර මුදල පහත පරිදි වේ:

ඒකක 0 - 30 දක්වා: 4.3%කින් ඉහළට (වැඩිවීම රු. 15කි)

ඒකක 31 - 60 දක්වා: 6.9%කින් ඉහළට (වැඩිවීම රු. 45කි)

ඒකක 61 - 91 දක්වා: 6.9%කින් ඉහළට (වැඩිවීම රු. 120කි)

ඒකක 91 - 180 දක්වා: 7.2%කින් ඉහළට (වැඩිවීම රු. 420කි)

ඒකක 180ට වැඩි: 25.3%ක ඉහළ ගාස්තු වැඩිවීමක්.

ආගමික හා පුණ්‍ය ආයතන සඳහා සහන

මාසික පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික හා පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට තීරණය කර ඇත. එහෙත් ඒකක 180ට වැඩි පරිභෝජනයක් සහිත එම ආයතන සඳහා 9.6%ක ගාස්තු වැඩිවීමක් අනුමත කර තිබේ.

අනෙකුත් අංශවල ගාස්තු සංශෝධන:

පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය: 8%කින් ඉහළට.

කර්මාන්ත අංශය: 8.7%කින් ඉහළට.

රාජ්‍ය ආයතන: 14.4%ක ඉහළ අගයකින් ගාස්තු වැඩි වේ.

මෙම ගාස්තු සංශෝධනය හරහා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය මෙන්ම පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමක ගාස්තු පවත්වා ගැනීම කොමිසමේ අරමුණ වී ඇතැයි කොමිසම පවසයි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0