ආදරවන්තයින්ගේ සටනේ තරඟයේ වීරයාට අවියානා කුසලානය

ගාල්ල රිච්මන්ඩ් සහ මහින්ද විදුහල් අතර 121 වැනි වරට පැවැති ආදරවන්තයින්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ජය පරාජය පිළිබද විසඳුමකින් තොරව නිමා විය.

Mar 23, 2026 - 14:29
 24
ආදරවන්තයින්ගේ සටනේ  තරඟයේ වීරයාට  අවියානා කුසලානය

ආදරවන්තයින්ගේ සටනේ 
තරඟයේ වීරයාට 
අවියානා කුසලානය


ගාල්ල රිච්මන්ඩ් සහ මහින්ද විදුහල් අතර 121 වැනි වරට පැවැති ආදරවන්තයින්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ජය පරාජය පිළිබද විසඳුමකින් තොරව නිමා විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් රිච්මන්ඩ් පිල පළමු ඉනිමට ලකුණු 315ක් රැස්කළ අතර පිළිතුරු ලෙස මහින්ද විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු නමයක් දැවී ලකුණු 333 ක් රැස්කර තිබියදී ඉනිම අත්හිටුවීය.

 තරඟය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන රිච්මන්ඩ් පිල කඩුල්ලක් දැවී ලකුණු 83ක් රැස්කර තිබිණි. මේ තරගයේදී දිනෙත් පැහැසර මහින්ද විදුහල වෙනුවෙන් පන්දු 201කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2 ක් සමඟ ලකුණු 124 ක් රැස්කළ අතර ඔහු තරගයේ දක්ෂතම පිතිකරු ලෙස සම්මානය දිනා ගත්තේය.

 මහින්ද පිල වෙනුවෙන් කඩුලු 5ක් බිඳ දවා ගනිමින් ලකුණු 58ක් රැස් කරමින් දස්කම් දැක්වූ මානිත රාජපක්ෂ තරඟයේ වීරයා වූ අතර, රිච්මන් පිලේ මිනඟ ආරියදාස දක්ෂතම පන්දු යවන්නා ලෙසත් පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනා ගත්හ.

මෙම තරඟයේදී තරඟයේ වීරයා බවට පත්වූයේ මහින්ද විද්‍යාලයේ මානිත රාජපක්ෂ  ක්‍රිඩකයාය. එම සම්මානය සහිත සහතිකය ඔහුට ලබාදුන්නේ මෙම තරඟයට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදුන් ශ්‍රී ලංකාවේ පළමු තරු 07 හෝටලය වන අවියානා සිලෝන් (Aviyana Ceylon) සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා විසිනි. තිසර හේවාවසම් මහතා රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0