අවියානා සාදර අනුග්‍රාහයෙන් ආදරවන්තයින්ගේ සටන ඇරඹේ.
The Battle of Lovers begins with the support of Aviyana Sadara.
අවියානා සාදර අනුග්‍රාහයෙන්
ආදරවන්තයින්ගේ සටන ඇරඹේ.
121 වරටත් හෙට ගාල්ලේදී...
ගාල්ල රිච්මන්ඩ් - මහින්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුම, “ආදරවන්තයින්ගේ සටන” 121 වරටත් හෙට 19, 20, 21 දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු තරු 7 හෝටලය වන “අවියානා සිලොන්” (Aviyana Ceylon) හෝටල් සමුහයයි. මේ සදහා මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුව ගාල්ල “ජෙට්වින් ලයිට් හවුස්” හෝටලයේදී පසුගියදා පැවැත්විණි.
ආදරවන්තයින්ගේ සටන සඳහා අනුග්‍රාහක චෙක්පත අවියානා සිලෝන්හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් විද්‍යාලයේ විදුහල්පතිවරුන්ට ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.විද්‍යාල දෙකේ ක්‍රිකට් කණ්ඩායම් දෙක වෙත ක්‍රිඩා කිරීම සඳහා නිල ඇඳුම් ලබාදීම මෙහිදී සිදුකෙරුණේද අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවස්ම් මහතා අතිනි.
ආචාර්ය තිසර හේවාවසම් මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු විමද විශේෂත්වයකි. රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස බෙවින් ජයවර්ධන සහ මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස අරෝෂ උදයාංග කටයුතු කරයි.
මාධ්‍ය හමුව සදහා රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවාගේ මහතාද, මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතාද එක්ව සිටියහ.
121 වෙනි ආදරවන්තයින්ගේ සටන, ගාල්ල රිච්මන්ඩ් - මහින්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟය සඳහා මෙවර ප්‍රධාන අනුග්‍රහය ලබාදෙන ශ්‍රී ලංකාවේ පළමු තරු හතේ හෝටලය වන අවියානා සිලෝන් හෝටල් සමූහය මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා දැවැන්ත දායකත්වයක් ලබාදීමට සූදානමින් සිටි. මෙම මාධ්‍ය හමුවට රිච්මන්ඩ්, මහින්ද විද්‍යාලවල ගුරුවරු ආදිශිෂ්‍යයෝ ඇතුළු පිරිසක් සහභාගී වුහ.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

