ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ බංකොලොත්භාවය...?

ඉන්දියන් සත්කාරකත්වයෙන් සංවිධානය කෙරුණු මිලාන් යුද අභ්‍යාසය සඳහා සහභාගි වු ඉරාන යුද නෞකාව ශ්‍රි ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය තුළ ඇමරිකානු සබ්මැරින් මගින් පුපුරුවා හැරීමත් සමග මැද පෙරදිග යුධ උණුසුම ලංකාවටත් තදින්ම දැනෙමින් පවතින බවත්, ඇමරිකානු සබ්මැරින් ප්‍රහාරයෙන් පුපුරා ගියේ ඉරාන නෞකාව පමණක් නොවන බවත් එසේ පුපුරුවා හරිනු ලැබුවේ අපේ විදේශ ප්‍රතිපත්තිය බවත්, ඉන් ලොවට ගම්‍ය වන්නේ වත්මන් ආණ්ඩුව සතු විදෙස් ප්‍රතිපත්තියේ බංකොලොත්භාවය බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක සහ විධායක සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව පවසයි.

Mar 10, 2026 - 16:04
 16
ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය සහ  ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ බංකොලොත්භාවය...?

ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරය සහ 

ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ 

බංකොලොත්භාවය...?

ඉන්දියන් සත්කාරකත්වයෙන් සංවිධානය කෙරුණු මිලාන් යුද අභ්‍යාසය සඳහා සහභාගි වු ඉරාන යුද නෞකාව ශ්‍රි ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය තුළ ඇමරිකානු සබ්මැරින් මගින් පුපුරුවා හැරීමත් සමග මැද පෙරදිග යුධ උණුසුම ලංකාවටත් තදින්ම දැනෙමින් පවතින බවත්, ඇමරිකානු සබ්මැරින් ප්‍රහාරයෙන් පුපුරා ගියේ ඉරාන නෞකාව පමණක් නොවන බවත් එසේ පුපුරුවා හරිනු ලැබුවේ අපේ විදේශ ප්‍රතිපත්තිය බවත්, ඉන් ලොවට ගම්‍ය වන්නේ වත්මන් ආණ්ඩුව සතු විදෙස් ප්‍රතිපත්තියේ බංකොලොත්භාවය බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක  සහ විධායක සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව පවසයි.         

එය හුදෙක්ම ආණ්ඩුවේ බංකොලොත්බව පමණක් නොව, නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති විපක්ෂයේ පුස්සද ප්‍රදර්ශනය කරණ වේදීකාවක් බවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි... ඒ පිලිබද තව දුරටත් අදහස් දක්වන ඔහු මෙසේද පවසයි.
  
“විදේශ ප්‍රතිපත්තිය යනු රටක අභ්‍යන්තර ප්‍රතිපත්තියේම ව්කාශයකි.  විදේශ ප්‍රතිපත්තිය අපේ ඇසින් ලෝකය බැලීමක් මිස ලෝකයේ ඇසින් අපේ දෙස බැලීමක් නොවේ. විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රය විය   යුත්තේ අදාළ රටේ ජාතික අභිලාෂය විනා වෙනත් රටක  උවමනාව නොවිය යුතුය. 

පසුගිය දශක හතරක කාලය තුළ රාජ්‍යයක් වශයෙන් විවිධාකාරයෙන් දුර්වල කිරිම තුළ සහ ඉන්දියන් සාගරයේ බල අරගලය තුළ ලංකාව ඉන්දියාව, චීනය සහ ඇමරිකාව අතර බලඅරගලයේ කෙළිබිමක් වි ඇත. ආණ්ඩුව සහ විපක්ෂය එම බලවතුන්ගේ නියෝජිතයන් වන තාක් දුරට අපිට අපේ විදේශ ප්‍රතිපත්තියක් තිබිය නොහැක. ජාතික තලයේ අනුර, සජිත් සහ නාමල්ට සාපේක්ෂව පහළ තලයේ ද ඇත්තේ විජාතික නියෝජනයකි. 

ශ්‍රි ලංකා- පකිස්ථාන ක්‍රිකට් තරඟයේදි පකිස්ථානයට හුරෙ දමන ඉස්ලාමිය පරපුරත්, ඉන්දියාවට ආවඩන මළෙනාඩුවේ කම්කරුවාත් පමණක් නොව ඊශ්‍රායලයේ සල්ලි වලින් යැපෙන  දේශපාලන ක්‍රියාකාරින්ටත් අපේ ජාතික අභිලාෂය ගැන අවබෝධයක් හෝ වටිනාකමක් නැත. ඔවුන්,  ඔවුන්ට වැටුප් ගෙවන ස්වාමීවරුන්ගේ උවමනාව, අපේ ජාතික අභිලාෂයට ඉහළින් තබා ඇත. 
                
අනුන්ගෙන් එදා වේල කා ජීවත් වන රටක නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් යනු හුදෙක් පොතට සීමාවුවක් පමණි. හිඟන කම යනු ආර්ථික නොහැකියාව පමණක් නොව හුංඩු මානසිකත්වයේ හීනමානයද  එම නොහැකියාවේම කොටසකි. අවුරුද්ද පුරාවට හිරු එළිය වැටෙන, වැස්ස නොඅඩු , සුළං බලයෙන් විදුලිය නිපදවන්න හැකි අපි බලශක්ති ස්වාධිපත්‍යය ළඟා කර ගන්නා තුරු සහ විසිකරපු මංඤ්ඤෝකා දණ්ඩත් පැලවෙන රටේ ආහාර සුරක්ෂිත බව තහවුරු කර ගන්නා තෙක් සහ හැම ගහකම කොළයක් පොත්තක් ඖෂධයක් වුන රටේ දේශිය වෙදකමට නිසිතැන නොදි ජාත්‍යන්තර ඖෂධ මාෆියාවේ ගොදුරක් වන තාක් අපිට  එ.ජා ප්‍රඥ්ඥපතියේ ස්වාධිපත්‍යය බයිලාවක් පමණක් වනු ඇත. 

හුංඩු මානසිකත්වය ඇති නායකයන් සහ ඉන්දියාවෙන් සහ ඇමරිකාවෙන් බෞතීස්ම වීමට අපේක්ෂා කරන නායකයන් මෙන්ම සල්ලිවලට ඉරානයට හා ඊශ්‍රායලයට හුරේ දාන කුළි හේවායන් ට මේ රට ගොඩ දාන්න මේකපේට නොහැකි බව තේරුම් ගත යුතුය.                                                                        

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0