නාමල්ගේ දේශන එපා ආපසු යවන්න...

මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සහ කේම්බ්‍රිජ් සරසවියේ oxford union හා cambridge union යන සංගමයන් දෙකෙහි ආරාධනා පරිදි දේශන දෙකක් පැවැත්වීම සඳහා සූදානම්ව එංගලන්තයට ගොස් සිටින නාමල් රාජපක්ෂට “ඔක්සර්ඩ් සරසවියත්” තම දේශනය අවලංගු කළ බව 22 දා පස්වරුවේ දන්වා සිටි බව නාමල් රාජපක්ෂගේ විදේශ සංචාර පිළිබද සම්බන්ධීකාරක මිලින්ද රාජපක්ෂ බවසයි.

Feb 23, 2026 - 18:05
Feb 23, 2026 - 18:06
 60
නාමල්ගේ දේශන එපා ආපසු යවන්න...

නාමල්ගේ දේශන එපා

ආපසු යවන්න...


දෙමළ ශිෂ්‍ය විරෝධය හා

කොටි ඩයස්පෝරා තර්ජන මත

ඔක්ෂ්ෆර්ඩ් සරසවියත් (oxford union)

නාමල්ගේ දේශනය අවලංගු කරයි.


මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සහ කේම්බ්‍රිජ් සරසවියේ oxford union හා cambridge union යන සංගමයන් දෙකෙහි ආරාධනා පරිදි දේශන දෙකක් පැවැත්වීම සඳහා සූදානම්ව එංගලන්තයට ගොස් සිටින නාමල් රාජපක්ෂට “ඔක්සර්ඩ් සරසවියත්” තම දේශනය අවලංගු කළ බව 22 දා පස්වරුවේ දන්වා සිටි බව නාමල් රාජපක්ෂගේ විදේශ සංචාර පිළිබද සම්බන්ධීකාරක මිලින්ද රාජපක්ෂ බවසයි.
 

නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පසුගිය 20 වැනිදා දිවයිනින් බැහැරව එන්නට පෙර Cambridge Union එක අවසාන මොහොතේ, නොවැළැක්විය හැකි හේතුවක් නිසා තම සංගමයේ දේශනය අවලංගු කරන්නට සිදුවූ බව දන්වා තිබිණි. 


2026 පෙබරවාරි 25 වන වනදා ඔක්සර්ඩ් සංගමය Oxford Union අමතන්නටත් ඉන්පසුව 27 වැනිදින කේම්බ්‍රිජ් සංගමය Cambridge Union අමතන්නටත් විශ්ව විද්‍යාල දෙක විසින් ආරාධනය කර තිබූ අතර නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා ඉකුත් 20 වැනිදා ලංකාවෙන් බැහැරව එංගලන්තයට යන්නට සියල්ල සූදානම් කර තිබිණි. Cambridge Union එක තම දේශනය අවලංගු කරන්නට සිදුව ඇති බව දන්වා තිබුණේ ඒ අතරතුරයි.

එනමුත් ඔක්සිෆර්ඩ් සරසවියේ Oxford Union දේශනය ඒ වනවිට වෙනසක් නොවූ බැවින් නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, නාමල්ගේ විදේශ කටයුතු සම්බන්ධීකාරක ලෙස මිළින්ද රාජපක්ෂ, තේනුක විදානගමගේ සහ යූ. කේ. සුමිත් 20 වෙනිදා දිවයිනෙන් බැහැරව ලන්ඩනය බලා පැමිණ සිටියහ.


ඒ වනවිටත් නාමල් රාජපක්ෂට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබිණි. නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ ආරක්ෂාව පිණිස ඔවුන් යන එන ගමන්බිමන් හා නවාතැන් ගන්නා තැන් පිළිබදවද විශේෂ අවධානයක් යොම කරමින් එහි ආරක්ෂක අංශ ක්‍රියාකර තිබේ. 


මේ අතර රට තුළ උද්ගතව පවතින තත්ත්වය මත 25 වනදාට පැවැත්වීමට නියමිතව තිබෙන දේශනය 23 වනදා හවස 3 00ට පවත්වන්නට හැකිදැයි කියා ඔක්ස්ෆර්ඩ් සංගමය Oxford Union නාමල් රාජපක්ෂගෙන් විමසා ඇත. ඊට එකඟ වූ නාමල් රාජපක්ෂ  තම සම්බන්ධිකාරක මිලින්ද රාජපක්ස මගින් විශ්ව විද්‍යාල සංගමයට දන්වා තිබුණේ, විශ්ව විද්‍යාලයේ සිටින දෙමළ ජාතික ශිෂ්‍ය ප්‍රජාව අතරින් යම් කොටසක් තමන්ගේ සහභාගීත්වය පිළිබඳ යම්කිසි ප්‍රතිවිරුද්ධ මතයක් දරන්නේ නම්, අදහස් දැක්වීම අතරතුර ඔවුන් සමඟ විවෘත සංවාදයක් තුළින් ගැටලු සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද ඔක්ස්ෆර්ඩ් සංගමය Oxford Union වෙත දන්නවා තිබිණි.
 

නාමල් රාජපක්ෂට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union)  සහ කේම්බ්‍රිජ් සංගමය (Cambridge Union) ඇමතීමට ආරාධනා කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය දෙමළ සිසුන් සහ තරුණ සංවිධාන දැඩි  කෝපයක් ප්‍රකාශ කර ඇත. 


මෙම ගැටළුව මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් ඔබ්බට ගොස් යුරෝපීය ඒකාබද්ධ එල්.ටී.ටී.ඊ හිතවත් ඩයස්පෝරාවේ මෙහෙයවීම් මත සිදුවන බලපෑමක් බව තේරුම් ගන්නට ලාංකීය දූත පිරිසට අවසානයේ හැකි වූයේ ඒවන විටත් විශ්වවිද්‍යාල දෙකෙහි අදාළ විශ්ව විද්‍යාල සංගම්වලට හා ඒවායේ නිලධාරීන්ට බලපෑම් කරමින් තර්ජනය කරමින් සහ යුරෝපය පුරා ගෙනයමින් තිබූ රාජපක්ෂ විරෝධී, සිංහල බෞද්ධ විරෝධී මෙහෙයුම සුළුපටු නොවන බව දැනගන්නට හැකි වූ පසුවයි.


නාමල්ට විරෝධය දක්වමින් ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල දෙකෙහිම “දෙමළ තරුණ සංවිධානය” සහ “ෆීනික්ස් ටී. එන්. ජී.” (Tamil Youth Organization and Phoenix TNG) ඇතුළුව බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල දෙමළ සමාජ 20 ක් අත්සන් කර තිබෙන “ඒකාබද්ධ ප්‍රකාශනයක්” විශ්වවිද්‍යාල දෙකට බාරදී තිබිණි.  ප්‍රකාශණය හරහා ඔවුන් දන්වා තිබුණේ 30 වසරක යුද්ධය අවසන් කිරිම ඔස්සේ එදා රාජපක්ෂලා බලයේ සිටි ආණුඩු තමන්ගේ “නිජබිම්” අහිමි කර ඇති බවයි.


එක්සත් රාජධානිය පුරා දෙමළ තරුණ හා ශිෂ්‍ය සංවිධාන විසින් නිකුත් කරන ලද එම ඒකාබද්ධ ප්‍රකාශය තුළින්, රාජපක්ෂලාට සත්කාරකත්වය සැපයීමේ තීරණය තුළින් විශ්වවිද්‍යාල “දෙමළ ජනතාවට ගැඹුරු අසංවේදී ක්‍රියාවක් සහ දරුණු අපහාසයක්” සිදුකර ඇති බව දක්වා ඇත .


“රාජපක්ෂවරයෙකුට සත්කාර කිරීම යනු ලේ වැගිරීම්වලට සුදු හුනු ගෑමක්”  බව එම සංවිධාන විශ්වවිද්‍යාලවලට දන්වා ඇත.


තවදුරටත් එම ලිපිමගින් පසුගිය යුධ සමයේ උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වූවා යැයි දෙමළ සංවිධාන චෝදනා කරන “විවිධ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” ගණනාවක්ම පෙළ ගස්වා ඇති අතර දෙමළ ජනතාවට එරෙහිව සටන් කරමින් දෙමළ ජනතාවට “ජීවත් වන්නට නිජබිමක්” අහිමි කළේ යැයි චෝදනා කර තිබේ. 


දෙමළ ජනතාවට එරෙහි එම සංහාරය කළාවූ ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකු වන මහින්ද රාජපක්ෂ පරපුරේ ඊලඟ “අනුප්‍රාප්තිකයාට” මෙසේ අනුග්‍රහය දැක්වීම හා සත්කාර සැලසීම සම්බන්ධයෙන් ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවගේ විරෝධය හා පිළිකුල දැඩි ලෙස කියා පාමින් මෙම විරෝධතා ලිපි ඉදිරිපත්කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0