“ඉමියුනොග්ලෝබියුලින්” නඩුවේ නීතීඥ පාර්ශව දෙක අතර ගැටුමක්..!
එම මැදිහත්වීම හා එහිදී ඔහුගේ ක්‍රියාකලාපයය නිසා අධිකරණයක් තුළ “නීතිපතිවරයාගේ කාර්යභාරය” කුමක්දැයි රට තුළ ලොකු සංවාදයක් ද ඇති විය. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ඇදී ගිය සංවාදයේදී මෙම උගත් නීතිවේදීන්ගේ ක්‍රියා කලාපය අගය කෙරුණ අවස්ථා මෙන්ම බරපතල විවේචනයට ලක් වූ අවස්ථාවද ඇත්තේ නැතුවා නොවේ.
“ඉමියුනොග්ලෝබියුලින්” නඩුවේ
නීතීඥ පාර්ශව දෙක අතර ගැටුමක්..!
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ; එම ලිපිකාරිනිය විදේශගතවෙලා සිටින්නේ. යමෙකු විදේශගත වෙලා සිටින්නේ නම් අධිකරණය මගහැර සිටින්නේ නම් හෝ ලංකාවට ගෙන්වා ගත නොහැකි නම් එම සටහන්වල ඇති හරයාත්මක කරුණු සනාථ කරන්න වෙනත් සාක්ෂියක් මගින් පුළුවන්. එම ලිපියට අත්සන් කළ දොළොස්වන විත්තිකරු ඒ බව තහවුරු කරන්නේ නෑ නේ?
නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; පැමිණිල්ලේ සාක්ෂි ඔප්පු කිරීමේ භාරය තිබෙන්නේ පැමිණිල්ලට මිසක් විත්තියට නෙමෙයි.
අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගයන්ත විජේසුන්දර මහතා ; මමත් දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින උගත් නීතිඥවරයා දක්වන එම විරෝධතාවයට එකඟයි. පැමිණිල්ලට එහෙම කරන්න බැහැ.
නීතිඥ චමින්ද අතු කෝරල මහතා ; කෙසේ නමුත් මගේ උගත් මිතුරිය දැරූ උත්සාහය ගැන මම සතුටු වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මගේ වැඩ ගැන කවුරුවත් සතුටු වෙන්න ඕන නෑ.
පසුගිය දිනවල දිගින් දිගටම අපේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ උසාවිවල විභාග කෙරෙන නඩු කටයුතුවලදී, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වන උගත් නීතිවේදීන්ගේ මැදිහත්වීම කැපී පෙනෙයි.
පසුගිය දිනවල වඩාත් ආන්දෝලනයට ලක්වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එංගලන්ත සංචාරය සම්බන්දයෙන් කෙරුනු නඩු විභාගය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ මැදිහත්වීමයි.
එම මැදිහත්වීම හා එහිදී ඔහුගේ ක්‍රියාකලාපයය නිසා අධිකරණයක් තුළ “නීතිපතිවරයාගේ කාර්යභාරය” කුමක්දැයි රට තුළ ලොකු සංවාදයක් ද ඇති විය. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ඇදී ගිය සංවාදයේදී මෙම උගත් නීතිවේදීන්ගේ ක්‍රියා කලාපය අගය කෙරුණ අවස්ථා මෙන්ම බරපතල විවේචනයට ලක් වූ අවස්ථාවද ඇත්තේ නැතුවා නොවේ...
මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විමර්ශනය කෙරෙන “හියුමන් “ඉමියුනොග්ලෝබියුලින්” (Human Immunoglobulim) නඩු විභාගයේ දී ද නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණෙන සුවිශේෂී උගත් නීති වේදනියක ගැන ක්ෂේත්‍රයේ කතා බහ වෙයි. එම නඩු විභාගය ආරම්භයේ සිටම මෙසේ කැපී කැපී පෙනෙන නීතිවේදිනිය වූ කලී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියයි...
විත්තිය වෙනුවෙන් චූදිතයින් දොලොස් දෙනකු ඇති බැවින් ඔවුන් වෙනුවෙන් උසාවියේ පෙනී සිටිමට පැමිණ සිටින්නේ ලංකාවේ දැනට සිටින ප්‍රවීණතම, චතුර කථිකයින්ද වූ අති දක්ෂ නීතිඥ මඩුල්ලක් බව රහසක් නොවේ...
එහෙත් ඒ සියලු දෙනා සමඟ කරට කර ගැටෙමින්, රජය නියෝජනය කරමින් පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවෙමින් ඇය තනිව විත්තියේ උගත් නීතිඥ මඩුල්ල සමග “හබ වන” ආකාරය බලන්නටම මේ උසාවි පරිශ්‍රයට පැමිණෙන පිරිසක්ද සිටින බව කියති...
මේ වූ කලී කලී එවන් උණුසුම් වාද විවාදවලින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පරිශ්‍රය පිරීගිය තවත් එක් අලුත් දවසකි. දිනය 2026 පෙබරවාරි මස 12 වනදාය.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඖෂධ නියාමන අධිකාරියේ සේවය කළ මේ වන විට විදේශගතව සිටින ලිපිකාරිනිය විසින් තබන ලද රාජකාරී සටහන් කීපයක් අඩංගු ලේඛන එම අධිකාරියේම සේවය කරන පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය මගින් ලකුණු කොට ඒ පිළිබඳව සාක්ෂි ලබාදීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය දැරූ උත්සාහය පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධතාවය දැක්වූහ.
එම නඩුව ඊයේ (12) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී විභාගයට ගැනිණි. එහිදී පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරිනි නිශානි ලංකා කරුණාතිලක මහත්මිය තෙවන දිනටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන්නාය.
එම අවස්ථාවේදී ඖෂධ නියාමන අධිකාරියේ ලිපිකාරිනිය ලෙස රාජකාරී කළ මේ වනවිට විදේශගතව සිටින්නේ යැයි කියන “ජී 38” ලෙස හැඳින්වූ හිමාලි තනුජා නමැත්තිය සටහන් කරන ලද සටහන් සාක්ෂි ලබාදෙමින් සිටි සාක්ෂිකාරියට පෙන්වා පැමිණිල්ලේ සාක්ෂි ලෙස එකී ලේඛන ලකුණු කොට සාක්ෂි ලබා ගැනීමට නියෝජ්‍ය සොළිසිටර්වරිය උත්සාහ කළේය.
දොලොස්වන විත්තිකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා විරෝධතා ඉදිරිපත් කළේ මෙසේය.
“ස්වාමීනි, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය, මේ වන වනවිට විදේශගතව ඇතැයි කියන “එම ලිපිකාරිය” තැබූ බව කියන එම කාර්ය සටහන් පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කරනවාට මම විරුද්ධ නෑ. නමුත් ඒවා පැමිණිල්ලේ සාක්ෂි ලෙස මෙම සාක්ෂිකාරිය මගින් ලකුණු කරන එම ලේඛනවල අන්තර්ගතය සාක්ෂියක් ලෙස මෙම සාක්ෂිකාරිය මගින් තහවුරු කිරීමට දරන උත්සාහයට මම විරුද්ධයි. වෙනත් අයකු තැබූ සටහනක් මේ සාක්ෂිකාරිය මගින් තහවුරු කිරීම ප්‍රවර්ධන සාක්ෂියක් බවට පත්වෙනවා. යම් ලේඛණයක අන්තර්ගත හරයාත්මක කරුණු තහවුරු කළ යුත්තේ මුල් සටහන තැබූ අය මඟිනුයි. වෙනත් අයෙකුගේ සටහන් තවත් අයකුට සලකුණු කොට සාක්ෂි ලබාගන්න බෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ; එම ලිපිකාරිනිය විදේශගතවෙලා සිටින්නේ. යමෙකු විදේශගත වෙලා සිටින්නේ නම් අධිකරණය මගහැර සිටින්නේ නම් හෝ ලංකාවට ගෙන්වා ගත නොහැකි නම් එම සටහන්වල ඇති හරයාත්මක කරුණු සනාථ කරන්න වෙනත් සාක්ෂියක් මගින් පුළුවන්. එම ලිපියට අත්සන් කළ දොළොස්වන විත්තිකරු ඒ බව තහවුරු කරන්නේ නෑ නේ?
නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; පැමිණිල්ලේ සාක්ෂි ඔප්පු කිරීමේ භාරය තිබෙන්නේ පැමිණිල්ලට මිසක් විත්තියට නෙමෙයි.
අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගයන්ත විජේසුන්දර මහතා ; මමත් දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින උගත් නීතිඥවරයා දක්වන එම විරෝධතාවයට එකඟයි. පැමිණිල්ලට එහෙම කරන්න බැහැ.
නීතිඥ චමින්ද අතු කෝරල මහතා ; කෙසේ නමුත් මගේ උගත් මිතුරිය දැරූ උත්සාහය ගැන මම සතුටු වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මගේ වැඩ ගැන කවුරුවත් සතුටු වෙන්න ඕන නෑ.
එහිදී එය සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ එම විරෝධතා ප්‍රතික්ෂේප කොට පැමිණිල්ලට සාක්ෂිකාරියගෙන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි මෙහෙයවීමට අවසර ලබා දුන්නේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පෙර දින සඳහන් කළ පරිදි විශේෂ සීඝ්‍රගාමී ඖෂධ සැපයුම් ක්‍රියාවලිය යටතේ ඖෂධ මිලදී ගැනීමට අදාළ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සටහන් ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද ?
සාක්ෂිකාරිය ; නෑ ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; 2022.09.17 වැනිදා එකී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඒ කියන්නේ සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගැනීමට අදාලව පැවැති සාකච්ඡාවක් ගැන ඔබ සඳහන් කළා ?
සාක්ෂිකාරිය ; ඔව් ඖෂධ නියාමන අධිකාරියේ ජාතික ඖෂධ තත්ත්ව පරීක්‍ෂණාගාර ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු ප්‍රධානීන් රැසක් එයට සහභාගී වී තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එහිදී ඖෂධ මිලදී ගැනීමට අදාළව ලබා දී තිබූ උපදෙස් මොනවාද ?
සාක්‍ෂිකාරිය ; එකී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියේ සඳහන් කරුණු ඉංග්‍රීසි භාෂාවෙන් පැවසුවාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එලෙස මිලදී ගන්නා ඖෂධ සඳහා නියමිත ගෙවීම් සිදුකිරීමටත්, අනුමැතිය දීලා තිබෙනවා නේද ? 2022 සැප්තැම්බර් වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද?
සාක්ෂිකාරිය ; මට ඒ පිළිබඳව දැනුමක් නැහැ. එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ කවුද කියලා දැනුමක් නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ සඳහන් කළ පැ 95 කියන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මෙන්ම පැ 99 කියන සංශෝධිත අධ්‍යක්ෂ මණ්ඩල දැනුම් දීමේ පත්‍රිකාව ඔබට හඳුනාගන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අධ්‍යක්ෂ මණ්ඩල සටහන් ඉදිරිපත් කිරීමට අනුමැතිය දීලා තියෙන්නේ කවුද ?
සාක්ෂිකාරිය ; දොලොස්වන චූදිත වන එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර මහත්මයා. 2022.09.02 සහ 2023.09.04 වැනිදා කාලය අතරතුරදී ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රජයට අයත් රුපියල් 144,293,357.32 ක මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (13) දක්වා කල් තැබිණි.
2022 නොවැම්බර් 30 දිනැති අංක 131632දරන ගැනුම් ඇණවූමෙහි ප්‍රකාරව සැපයිය යුතුව තිබූ Rituximab ing 500 mg in 50 ml vial හා වර්ෂ 2023 ජනවාරි 13 දිනැති අංක 135759 දරන ගැනුම් ඇනවුමෙහි ප්‍රකාරව සැපයිය යුතුව තිබූ Human Immunoglobulim IV 5g - 6g vial නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රාවණ අඩංගු කුප්පි 6195 සැපයීමෙන් එකී වැරදි සිදුකර ඇතැයි ද විත්තිකරුවන්ට චෝදනා නගා තිබිණි.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

