කඩදාසි මත සිහින සහ මහපොළොවේ යථාර්ථය අතර ගැටුම.
ශ්‍රී ලංකාව වැනි සූර්ය බලයෙන් අනූන රටක බලශක්ති අර්බුදයෙන් ගොඩ ඒමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්, විශේෂයෙන් සූර්ය බලශක්තිය, ඉතාමත් ලාභදායී සහ ස්වභාවික විසඳුමක් බව නොරහසකි. නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් දෙස බලන විට පෙනෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබූ සැලසුම් සහ ආයෝජකයන් මුහුණ දෙන බාධක අතර බරපතල පරස්පරතාවයක් බවයි.
කඩදාසි මත සිහින සහ
මහපොළොවේ යථාර්ථය අතර ගැටුම.
අනාගත ඉලක්කයක් නැති
අපේ රටේ පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්තිය.
ශ්‍රී ලංකාව වැනි සූර්ය බලයෙන් අනූන රටක බලශක්ති අර්බුදයෙන් ගොඩ ඒමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්, විශේෂයෙන් සූර්ය බලශක්තිය, ඉතාමත් ලාභදායී සහ ස්වභාවික විසඳුමක් බව නොරහසකි. නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් දෙස බලන විට පෙනෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබූ සැලසුම් සහ ආයෝජකයන් මුහුණ දෙන බාධක අතර බරපතල පරස්පරතාවයක් බවයි.
2026 පෙබරවාරි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ "පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැසුම 2025-2030" මගින් 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම සහ 2050 වන විට කාබන් උදාසීනතාවය ලඟා කිරීම ඉලක්ක කර ඇතත්, මෙම සැලැසුම් ක්‍රියාත්මක කිරීමේදී රජයේ අසමත්කම් සහ ප්‍රතිපත්ති අස්ථාවරත්වය නිසා ආයෝජකයන් බරපතළ ලෙස කලකිරීම්වලට ලක්ව සිටින බව පෙනේ.
මෙම තත්ත්වය රටේ බලශක්ති අනාගතයට බරපතල තර්ජනයක් වී ඇති අතර, ජල විදුලියට වඩා අඩු පිරිවැයකින් සූර්ය බලය නිපදවීමේ හැකියාව තිබියදීත්, රජයේ ප්‍රතිපත්තිවල අස්ථාවර බව හා අවිධිමත් තීන්දු තීරණ නිසා මෙම ක්ෂේත්‍රය විනාශ වෙමින් යන බව පෙනේ.
කැබිනට් අනුමැතිය ලැබූ මෙම සැලැසුම තුළ “පාවෙන සූර්ය බල” ව්‍යාපෘති, පුනර්ජනනීය බලශක්ති උද්‍යාන සහ ඉඩම් සිතියම්කරණය වැනි සුබවාදී අංග රැසක් අඩංගු වුවත්, මහපොළොවේ යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් බව ආයෝජකයන්ගේ අත්දැකීම්වලින් පැහැදිලි වේ.
2025 ජූනි මාසයේදී රජය විසින් සූර්ය බලශක්ති පද්ධති සඳහා ගෙවන මුදල (Feed-in Tariff) රුපියල් 37 සිට රුපියල් 27 දක්වා 40%කට ආසන්න ප්‍රමාණයකින් කපා හැරීම මෙම ගැටලුවේ මූලික හේතුවකි. මෙම කප්පාදුව නිසා “වහල මත සවිකරන සූර්ය පැනල් පද්ධතිවල” ආයෝජකයන් බැංකු ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර, බැංකු පද්ධතියටද එය බරපතල තර්ජනයක් එල්ල කර ඇත.
රැකියා 40,000කට අධික ප්‍රමාණයක් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම ක්ෂේත්‍රය වටා එකතුවී ගොනු වී සිටියදීත්, රජයේ මෙම අස්තාවර වැනෙන හා වෙනස්වන සුළු ප්‍රතිපත්ති නිසා ඔවුන්ගේ පැවැත්ම අවදානමට ලක්ව ඇති බව විවිධ වාර්තාවලින් හෙළි වේ.
එසේම, ආගමික ස්ථානවලට සූර්ය පැනල් ලබා දීමේ වැඩසටහන්ද මෙම මිල වෙනස්කම් නිසා අසාර්ථක වී ඇති අතර, එම ස්ථානවලට විදුලි බිල් බර දැරීමට සිදුව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීම සඳහා ජනතාවගේ විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය උත්සාහ දැරිම මේ වනවිට දැඩි විවේචනයට බදුන්ව තිබෙන කාරණයකි. මෙමගින් ජනතාවට බරපතල බරක් පැටවෙන අතර, අඩු පිරිවැයකින් විදුලිය නිපදවන දේශීය සූර්ය බලශක්ති නිෂ්පාදකයන්ට ගෙවන මුදල කපා හැරීම ආර්ථික විද්‍යාත්මකව ගැටලු සහගතය.
ඉන්ධන මගින් විදුලි බලය නිපදවීම, ගල් අඟුරු මගින් විදුලි බලය නිපදවීම ආදී අන්තයන්ට විකල්පව පුනර්ජනනීය බල ශක්තිය මගින් විදුලි බලය නිපදවීමට රජයේ සැලසුම් සහගතව අවධානය යොමු කළේ විදුලිය ජනනය සඳහා වන පිරිවැය අඩු කරගෙන එමවාසියක් විදුලි පාරිභෝගිකයාට සලසා දෙන්නට බව රහසක් නොවේ.
සැබවින්ම එය එසේ කළේ නම් රටේ ආර්ථිකයට සිදුවන සුභ සිද්ධිය හා පහසුව මෙතෙකයි කියා මෙම කළ නොහේ. එහෙත් තිබෙන ප්‍රශ්නය වී ඇත්තේ රජයට තවමත් මේ සම්බන්ධයෙන් නිවැරදි හරියාකාර ප්‍රතිපත්තිමය තීන්දුවක් නොමැති වීමයි.
මුලින් රජය සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ආයෝජකයන්ගේ අවධානය පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් වෙත යොමු කරනුලැබුවේය. ඒ තුළින් ආදායම් උපදවන්නට ඔවුන් උනන්දු කළේය. අවශ්‍ය ප්‍රාග්ධනය සලසා දීම සඳහා බැංකුවලින් ණය ලබා ගැනීමටද පහසුකම් ඇති කළේය. එහෙත් අවසානයේ මේ දැන් කරමින් සිටින්නේ කුමක්ද...
මේ පිළිබඳව විදේශ රටවල් වලින් කරන ලද අධ්‍යයන් අධ්‍යයනයන්වලින් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අදානි සමූහය ලංකාවේ සුළං බල ව්‍යාපෘතිවලින් ඉවත්ව යාමත් සමඟම ලංකාවේ විදුලි බලය සම්බන්ධ ප්‍රතිපත්තියේ පුළුල් පරිවර්තනයක් ඇතිවූ බවය...
ඒ සමගම රජයේ විදුලි බලි ප්‍රතිපත්තිවල බරපතළ අස්ථාවරත්වයක් ද නිර්මාණය වූයේය. එමඑම ගිහින් අනාථ වූයේත් අස්ථාවර වූයේත් අසරණයේත් විදුලි බල ක්ෂේත්‍රයේ පුනර්ජනනීය බල ශක්තිය සඳහා ආයෝජනය කරන්නට ඉදිරිපත්ව සිටි සුළු හා මධ්‍යම පරිමාණයේ ආයෝජකයන්ය...
අද වන විට ඔවුන්ට අදාල ගැටළුව ගැන සාකච්ඡා කරන්නට විදුලි බල හා බලශක්ති ඇමතිවරයා හමුවන්නට අවස්ථාවක් පවා ලබා දෙන්නේ නැති තරම්ය.
සමහරු කියන්නේ පුනර්ජනනීය බල ශක්තිය සඳහා රජය අතගසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික ලබා ගැනීම සඳහා පමණක් බවය. ඒ හැර මෙම ව්‍යාපෘතිවලට රජයේ සැබෑ උනන්දුවක් නොමැති බව තතු දත්තෝ පවසති...
රජයේ මෙම අස්ථාවර වැනෙන වැඩ පිලිවෙල පිටුපස ගල් අඟුරු සහ ඛනිජ තෙල් මාෆියාවේ බලපෑමක් ඇති බවට සැක මතු වී තාබේ. චීනය සහ ඉන්දියාව වැනි රටවල් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන වටපිටාවක රජයේ මෙම තීරණ දේශපාලනික හෝ ව්‍යාපාරික අවශ්‍යතා මත පදනම් වී ඇති බව පෙනේ.
නව ජාතික විදුලි ප්‍රතිපත්තිය මගින් Feed-in Tariff පද්ධතිය අහෝසි කිරීමේ යෝජනාවද මෙම ක්ෂේත්‍රයේ 80%කට වැඩි සූර්ය සහ සුළං බලශක්ති ව්‍යාපෘතිවලට බලපෑම් එල්ල කරනු ඇති අතර, සමහර ව්‍යාපෘතිවල බලශක්ති නිෂ්පාදනය අඩු කිරීම මගින් ගිවිසුම් උල්ලංඝනය වී ඇති බව ආයෝජකයන් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය නිසා දේශීය සූර්ය බලශක්ති ව්‍යවසායකයන් බංකොලොත් වීමේ අවදානමකට මුහුණ දී ඇති අතර, රජයේ ඉලක්ක සැබෑ කර ගැනීමට නම් ප්‍රධාන කොටස්කරුවන් වන මෙම ආයෝජකයන් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය.
නිගමනයක් ලෙස, කැබිනට් පත්‍රිකා මගින් "2030 දී 70% පුනර්ජනනීය බලශක්තිය" යැයි ඉලක්ක ගත කිරීම පහසු වුවත්, එම ඉලක්ක සැබෑ කර ගැනීමට රජය කළ යුත්තේ ගණිතමය සූත්‍ර මත පමණක් පිහිටා කටයුතු කිරීම නොව, පුළුල් ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ දෙස බලා වැඩ කරන්නට පටන් ගානීමයි.
සූර්ය බලශක්ති කර්මාන්තය විනාශ වීමට ඉඩ හැරීමෙන් රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ ආර්ථික ස්ථාවරත්වය අනතුරේ හෙලීම පමණක් සිදු වේ. අවශ්‍ය වන්නේ කඩදාසි මත සැලසුම් නොව, ස්ථාවර සහ සාධාරණ ප්‍රතිපත්ති මගින් මහපොළොවේ පැලවෙන සැබෑ විසඳුම් බව රජය අවබෝධ කර ගත යුතුය. වත්මන් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් 2030 ඉලක්කය හීනයක්ම වී ඇති බව පැහැදිලිය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

