“හියුමන් ඉමියුනොග්ලෝබියුලින්” නඩු විභාගයේ අලුත්ම හෙළිදරව්ව..!
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14 කට අධික මුදලක් (රු 144,293,357,32) වංක ලෙස ව්‍යාසහරණය කිරීම ඇතුළු චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. විත්තියේ නීතිඥවරුන් පෙර දිනවලදී එම සාක්ෂිකරුගෙන් අසන ලද හරස් ප්‍රශ්න සහ එකී හරස් ප්‍රශ්නවලට එම සාක්ෂිකරු ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය දීර්ඝ ලෙස නැවත ප්‍රශ්න අසනු ලැබුවාය.
කෙහෙලියගේ (ඉමියුනොග්ලොබියුලින්) නඩුවේ
අලුත්ම තත්ත්වය හැමදාම කියවන්න
“හියුමන් ඉමියුනොග්ලෝබියුලින්”
නඩු විභාගයේ අලුත්ම හෙළිදරව්ව..!
විත්තියේ නීතිඥවරයා ; මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ඉන්දියානු රාජ්‍ය බැංකුව සමඟ අත්සන් කළ එකී ණය ගිවිසුම ඔබ දැක තිබෙනවාද ?
සාක්ෂිකරු ; නැහැ මම දැකලා නැහැ. මාධ්‍ය මගින් මම එම ගිවිසුමේ කොන්දේසි දැනගත්තේ. එම ගිවිසුම මට ලැබුණේ නැහැ. ඒ නිසා එම කොන්දේසි මොනවාද කියලා මට සම්පූර්ණයෙන්ම කියන්න බැහැ.
විත්තියේ නීතිඥ ; ඔබ එකී ණය යෝජනා ක්‍රමය ගැන සම්බන්ධීකරණය කළ කමිටුවේ සාමාජිකයෙක්. එම කමිටුව පත් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. වසර 24ක් මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ඔබ එකී ණය යෝජනා ක්‍රමය සඳහා මාර්ගෝපදේශ සකස්කළ කමිටුවේ සාමාජිකයෙක්. එහෙම අයෙක් වන ඔබ කියන්නේ එකී ගිවිසුමේ අඩංගු කොන්දේසි දන්නේ නැහැ කියලද ?
සාක්ෂිකරු ; ඉන්දියාව හා ලංකා රජය ඇති කරගත් ණය ගිවිසුම මට අධ්‍යයනය කරන්න ලැබුණේ නැහැ. ඒවා පිළිබඳ යම් දැනුවත් කමක් තිබුණා.
විත්තියේ නීතිඥ ; මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය කියන්නේ මෙරට මූල්‍ය ප්‍රතිපත්ති හා රටේ ආර්ථිකය ගැන වග කිව යුතු ආයතනයනේ. එහෙම ආයතනයක වසර 24ක් සේවය කළ ඔබ කියන්නේ මාධ්‍ය මගින් තමයි ඒ ගැන දැනගත්තේ කියලද ?
ඉතිහාසය අපට බොහෝ දේ උගන්වයි. කාලයේ වැලිතලාවට යට වී සමාජයට අමතකව ගිය ඇතැම් වැදගත් කරුණු යළි යළිත් මතු කරදෙයි.
එහෙත් කාලයේ වැලිතලා පිට වැලිතලා යට තැන්පත් වී ඉතිහාසය තුළ වැළලී යටපත්ව ගිය “සත්‍යය” ඕපාපාතිකව, නිරායාසයෙන් මතුපිටට පැමිණෙන්නේ නැත. එවන් සත්‍යයක් සොයා ගැනීමේ එකම උපාය මාර්ගය වන්නේ සත්‍ය ගවේෂණයයි.
විධිමත් නඩු විභාගයකින් කෙරෙන්නේද කාලයාගේ ඇවෑමෙන්, ඉතිහාසය මත වැළලී යටපත්ව සමාජයට “අමතකව ගිය සත්‍යය” යළි යළිත් මතුපිටට ගෙන ඒමේ ක්‍රියාන්විතයයි. නඩුවක් විභාග වීම හා උසාවියේ හඹවීම යනු සත්‍යය සොයා කරන මෙහෙයුමක් වන්නේ ඒ නිසා ය.
මේ දිනවල කොළඹ ස්තිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන “කෙහෙළියගේ බාල බෙහෙත් නඩුව” හෙවත් “හියුමන් ඉමියුනොග්ලෝබියුලින්” නඩු විභාගයේදී පැමිණිල්ලේ උගත් නීතිඥවරිය හා විත්තියේ උගත් නීතිඥ මඩුල්ල “හබ” වෙමින්, වාද විවාදවල යෙදෙමින් සමාජයේ යටපත්ව ගිය එම සත්‍යය මතු කර ගැනීමට වෙහෙසෙයි.
මේ වන විටත් සමාජයට අමතකව ගිය බොහෝ සත්‍ය කරුණු නඩු විභාගයේදී මතු කර කරගන්නට ඒ උගත් නීතිඥවරු සමත්ව තිබෙන බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන ඖෂධ වර්ග “ඉන්දියාවෙන්ම ගෙන්වා ගැනීමට” සිදු වූයේ ඇයිද යන කාරණාවට විධිමත්ව ලබා ගත හැකි උත්තරය පසුගිය දිනවල උසාවිය හමුවේ අනාවරණය විය. ඉන්දීය ණය කොන්දේසි මත එය එසේ කරන්නට සිදුවූ බව කරුණු කාරණා හෙළිවෙමින් පවතී...
2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු රුපියල් මිලියන 1000ක මුදලින්, රුපියල් මිලියන 200ම වැය වී ඇත්තේ මේ ඖෂධ මිලදී ගැනීම්වලටය. ඊටත් අමතරව තවත් රුපියල් මිලියන 35ක මුදලක් ඒ සඳහා වෙන්කර ඇති බව ඇතැම් නිලධාරීන් දන්නේ නැති වගත් නඩු විභාගයෙන් මතුවෙයි. ඇතැම්හු ඒ ගැන දැන සිටියහ. ඇතැම්හු ඒ ගැන නොදැන සිටියහ.
එහෙත් සත්‍යය ඇත්තේ තවමත් ඉතිහාසය පතුලේ බව නොකිවමනාය. 2022 වසරේ ඔක්තෝබර් 10 වෙනිදා එවකට මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද “කැබිනට් පත්‍රිකාවෙන්” මුදල් වෙන් කරන ලද්දේ එකී ඖෂධ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගැනීමටද? එසේත් නැත්නම් ඒ ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර පිරවීමටද කියා ශ්‍රී ලාංකික පුරවැසි ජනතාව දැන ගතයුතුය.
මේ ගැන යම් සැකයක් මතුවී ඖෂධ ප්‍රසම්පාදන හා නියාමන ක්‍රියාවලිය ගැන යම් පරීක්ෂණයක් පවත්වන්නැයි “රහස් පොලිසිය” හමුවේ පැමිණිල්ලක් කරන ලද්දේ ද එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බව එක් පාර්ශවයක් කියයි.
එසේ නම් පරීක්ෂණයක් කරන්නැයි “අදාල ප්‍රස්තුතය” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් පුද්ගලයා හැටියට කෙහෙළිය රඹුක්වැල්ල මේ නඩුවේ නමවැනි වග උත්තර කාරයා වූයේ කෙසේද..?
මේ වූ කලි පැමිණිල්ලත් වග උත්තරකරුවනුත් දෙගොල්ලෝම එකතු වී කරන ලද ව්‍යාපෘතියක්ද.. එසේත් නැති නැතිනම් කවුරුන් හෝ හිතාමතාම වග උත්තරකරුවන් හා වග වගකිවයුත්තන් මෙන්ම පැමිණිලිකරුවන් එකට කලතා ගොඩ නඟන ලද උපක්‍රමශීලි උභතෝකෝටිකයක්ද..?
මේ සියල්ල අපට හෙට දවසේ “ශ්‍රී ලාංකීය පුරවැසි මහජනතාව” ලෙස වටහා ගත හැකි වන්නේ මේ ආකාරයෙන් නඩු විභාගය විධිමත්ව හා උණුසුම්ව පවත්වාගෙන යන තරමටය... දැන් දැන් නඩු විභාගය වඩාත් උණුසුම්ය.
එම උණුසුම් නඩු විභාගයේදී පසුගිය 03 වන අඟහරුවාදා හෙළිදරව් වූ කරුණු මෙසේය...
2022 වසරේදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු රුපියල් “මිලියන 1000ක ණය” මුදලින් රුපියල් මිලියන 200ක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කළ බව තමාට යම් අවබෝධයක් ඇතත් එයට අමතරව තවත් රුපියල් මිලියන 35ක මුදලක් ඒ සඳහා වෙන්කළ බවට තමා නොදන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක අධ්‍යක්ෂක ප්‍රසම්පාදන යුනූස් ලෙබ්බේ මොහම්මදු නවවි මහතා අටවන දිනටත් කොළඹ ස්ථීර ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසීය. පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය නැගූ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වර්තමානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඒ මහතා එලෙස පැවසීය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14 කට අධික මුදලක් (රු 144,293,357,32) වංක ලෙස ව්‍යාසහරණය කිරීම ඇතුළු චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. විත්තියේ නීතිඥවරුන් පෙර දිනවලදී එම සාක්ෂිකරුගෙන් අසන ලද හරස් ප්‍රශ්න සහ එකී හරස් ප්‍රශ්නවලට එම සාක්ෂිකරු ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය දීර්ඝ ලෙස නැවත ප්‍රශ්න අසනු ලැබුවාය.
එම අවස්ථාවේදී 11 වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්‍ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසීම සිදු කරන ආකාරය පිළිබඳ විරෝධතාවයක් මතු කළේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා ; මෙතුමිය නැවත ප්‍රශ්න අසන ආකාරයෙන් මම මෙම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසුවේ නෑ. එතුමිය ඒ විදිහේ හරස් ප්‍රශ්න නැගීමෙන් වෙන්නේ නැති කාරණා උපකල්පනය වෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; මගේ උගත් මිත්‍රයාට උපදෙස් දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වෛද්‍ය සැපයුම්, අංශයේ අධ්‍යක්ෂවරයෙක්නේ ?
නීතිඥ අමිත ආරියරත්න මහතා ; මගේ සේවා දායකයාගේ වෘත්තීය තත්ත්වය ගැන කියලා උපකල්පනය කර නැවත ප්‍රශ්න අහන්න බෑ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අතිරේක ලේකම්වරයා (සාක්ෂිකරු) ඔහුගේ රාජකාරියට නොවැටෙන කරුණක් ගැන උත්තර දුන්නාම මට ඒ ගැන අහන්න වෙනවා. මොන පර්යේෂණය යටතේද ඔවුහු විත්තියේ හරස් ප්‍රශ්නවලදී උත්තර දුන්නේ කියන එක අහන්න සාක්ෂි ආඥා පනත යටතේ මට පුළුවන්.
අධිකරණය ; තොග නොලැබීම පිළිබඳව මෙම සාක්ෂිකරු පිළිතුරු දුන්නේ කුමන පදනමක් මතද කියලයි පැමිණිල්ල අහන්නේ. මොහු කැඳවා ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ගැන සාක්ෂි දෙන්නයි. ප්‍රසම්පාදන ගණනය ගැන සාක්ෂි දී තිබීම අනුව එලෙස නැවත ප්‍රශ්න ඇසීම අනීතික නෑ.
එම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කීපයක් ඇසූ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය පෙරවරු 11.15ට පමණ එම සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම අවසන් කළේය. අනතුරුව පැමිණිල්ලේ 199 වන සාක්ෂිකරු ලෙස නම් කර තිබූ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් මංජුල කුලතුංග හෙට්ටිආරච්චි මහතා සත්‍ය ප්‍රකාශ කරන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥා දෙමින් සාක්ෂි ලබාදීම ආරම්භ කළේය.
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, එනම් ජයවර්ධන විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳව මූලික උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගැනීම හා වෘත්තීය සුදුසුකම් පිළිබඳව කෙටි සාක්ෂියක් හෙතෙම ලබා දුන්නේය.
මේ වනවිට තමා සේවය කරන මුදල් අමාත්‍යංශයේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලික කාර්ය භාරය වනුයේ රටපුරා විසිරීී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සහනාධාර ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම වන්නේ යැයි ද සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් හෙතෙම පැවසීය.
ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් රුපියල් බිලියනයක ණය යෝජනා ක්‍රමය යටතේ එම රටේ නිෂ්පාදනය කරන ඖෂධ, ආහාර ද්‍රව්‍ය එරට අපනයනකරුවන් මගින් මිලදී ගැනීම එකී ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ බවත් ඒ සඳහා එරට අපනයනකරුවන්ට ඉන්දියානු මුදලින් ගෙවීම් සිදු කිරීම සිදුකළ බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් එම සාක්ෂිකරු තමන් එකී සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවත් පැවසීය. එකල පැවති විවිධ ගැටලු නිසා ඇතිවී තිබූ විදේශ විනිමය ඉතිරි කර ගැනීම එමගින් සිදුවූ බව ද සාක්‍ෂිකරු කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් වන ඉන්දියාව හා ලංකා රජය අතර එකී ගිවිසුම අත්සන් කර ඇතැයිද පෙන්වා දුන්නේය.
දේශීය ආනයනකරුවන් තෝරා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු අපනයනකරුවන් සපයන ඖෂධ ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලංකා බැංකුව මගින් ණයවර නිකුත් කිරීමක් සිදු කරනා බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කරනා ආනයනකරුවන්ට ඒ සඳහා අවස්ථාව හිමිවන බවත් සාක්‍ෂිකරු පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
ඖෂධ මිලදී ගැනීම සඳහා එකී ඇමරිකානු ඩොලර් මිලියන 1000 මුදලින් මිලියන 200ක් ප්‍රථමයෙන් වෙන්කර තිබුනත් පසුව ස්ථිර කාර්යයක් සඳහා නොයෙදූ ඇමෙරිකානු ඩොලර් 35ක මුදලද ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කළ බවද හෙතෙම පැවසීය.
පෙරවරු 2.28 ට පමණ පැමිණිල්ලේ මූලික හරස් ප්‍රශ්න ඇසීම අවසන් කිරීමෙන් පසුව පළමු වන විත්තිකාර හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
විත්තියේ නීතිඥවරයා ; මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ඉන්දියානු රාජ්‍ය බැංකුව සමඟ අත්සන් කළ එකී ණය ගිවිසුම ඔබ දැක තිබෙනවාද ?
සාක්ෂිකරු ; නැහැ මම දැකලා නැහැ. මාධ්‍ය මගින් මම එම ගිවිසුමේ කොන්දේසි දැනගත්තේ. එම ගිවිසුම මට ලැබුණේ නැහැ. ඒ නිසා එම කොන්දේසි මොනවාද කියලා මට සම්පූර්ණයෙන්ම කියන්න බැහැ.
විත්තියේ නීතිඥ ; ඔබ එකී ණය යෝජනා ක්‍රමය ගැන සම්බන්ධීකරණය කළ කමිටුවේ සාමාජිකයෙක්. එම කමිටුව පත් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. වසර 24ක් මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ඔබ එකී ණය යෝජනා ක්‍රමය සඳහා මාර්ගෝපදේශ සකස්කළ කමිටුවේ සාමාජිකයෙක්. එහෙම අයෙක් වන ඔබ කියන්නේ එකී ගිවිසුමේ අඩංගු කොන්දේසි දන්නේ නැහැ කියලද ?
සාක්ෂිකරු ; ඉන්දියාව හා ලංකා රජය ඇති කරගත් ණය ගිවිසුම මට අධ්‍යයනය කරන්න ලැබුණේ නැහැ. ඒවා පිළිබඳ යම් දැනුවත් කමක් තිබුණා.
විත්තියේ නීතිඥ ; මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය කියන්නේ මෙරට මූල්‍ය ප්‍රතිපත්ති හා රටේ ආර්ථිකය ගැන වග කිව යුතු ආයතනයනේ. එහෙම ආයතනයක වසර 24ක් සේවය කළ ඔබ කියන්නේ මාධ්‍ය මගින් තමයි ඒ ගැන දැනගත්තේ කියලද ?
සාක්ෂිකරු ; මට ඒ ගිවිසුම දැකගන්න ලැබුණේ නෑ.
සාක්ෂිකරු ; එම ගිවිසුම ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගන්න පුළුවන්.
එම ගිවිසුම ගැන නෛතික ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ. එකී ණය යෝජනා ක්‍රමය ගැන මාර්ගෝපදේශ සකස් කිරීමට පෙර මට එම ගිවිසුම ලැබුණේ නැහැ.
හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
විත්තියේ නීතිඥ ; ඔබ අද මෙම අධිකරණය හමුවේ සාක්ෂි දෙන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ සම්බන්ධීකරණ කමිටු සාමාජිකයෙකු ලෙසටයි. ඔබ ඇතුළු 12 දෙනෙක් එම සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරිය එම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළා.
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; එම සම්බන්ධීකරණ කමිටුවට අමතරව එයට සහය වීම සඳහා තවත් අනුකමිටු තුනක් ස්ථාපිත කර තිබුණා. ඖෂධ සැපයීමට අදාළ කමිටුවේ ප්‍රධානියා ලෙස වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය කටයුතු කළා නේද ?
සාක්ෂිකරු ; ඒක වෙනම අංශයක්. ඒ නිසා මට ඒ ගැන වැඩිය අවබෝධයක් නෑ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධීකරණ කටයුතුයි අපේ කමිටුව සිදු කළේ.
විත්තියේ නීතිඥ ; යම් ඖෂධයක් ආනයනය කිරීමට අදාල ඉල්ලීමක් එන්නේ ඖෂධ අනුකමිටුව හරහා නේද?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනි.
විත්තියේ නීතිඥ ; එම ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග, ආහාර වර්ග හා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අපනයනය කරන්න ඇතිනේ. ඊට අදාළ ගොනු, ඒවා කුමක්ද, කොපමණ ප්‍රමාණයක්ද, කියන එක පැහැදිලි කර ගන්න අදාල ලේඛනත් අරගෙනනේ ඔබතුමා අද සාක්ෂි දෙන්න ඇවිත් ඇත්තේ.
සාක්ෂිකරු ; කීපයක් අරගෙන ආවා. මට ඒ ගැන අවබෝධයක් තියෙනවා.
විත්තියේ නීතිඥවරයා ; ඔබට අධිකරණයෙන් සිතාසි ලැබුණේ පෙර කී සම්බන්ධීකරණ කමිටුව ගැන සාක්ෂි දෙන්න එන්න කියලනේ. එහෙම නම් ඔබ තීරණය කරලද ආවේ මම මේ ලිපි ගොනුවල තියෙන කරුණු ගැන විතරයි සාක්ෂි දෙන්නේ කියලා. ඔබ එහෙම තීරණය කරලද ලිපිගොනු කීපයක් විතරක් අරගෙන ආවේ.
සාක්ෂිකරු ; මට ඒ ගැන අවබෝධයක් තියෙනවා.
විත්තියේ නීතිඥ ; ඔබට කියන්න පුළුවන්ද අහවල් ඖෂධය මෙච්චරක් ගෙනාවා කියලා.
සාක්ෂිකරු ; එකී තොරතුරු සියල්ල අපේ දත්ත පද්ධතියේ තියෙනවා. ඒකෙන් බලාගන්න පුළුවන්.
විත්තියේ නීතිඥ ; පැ 63 ලේඛනය කියන්නේ මුදල් අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක්නේ. 2022.10.10 වැනිදා වන විට එක් එක් මිලදී ගැනීම් සඳහා වෙන් කරන ලද මුදලින් කොපමණ ප්‍රතිශතයක් වියදම් කර ඇතිද කියලා ඔබට කියන්න පුළුවන්ද? එක් එක් අනුකමිටු බයිපාස් කරලා ප්‍රධාන කමිටුවට ඉල්ලුම් කරන්න අදාල අපනයනකරුවන් පුළුවන්ද?
සාක්ෂිකරු ; මගේ දැනුමේ හැටියට බෑ. එකී අනුකමිටු තුන නිර්දේශ කරලා එවන ඉල්ලුම් තමයි අපි සම්බන්ධීකරණ කමිටුව ලෙස ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට යවන්නේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අනුමත කළාට පසුව තමයි ඉතිරි කටයුතු කරන්න පුළුවන්.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන 5 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තබනු ලැබීය.
කමලනාත්
What's Your Reaction?
Like
3
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

