Amazon උසස් අධ්‍යාපන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය

මේ රටේ උසස් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයට වසරක් පාසා දහස් ගණනින් උපාධිධාරීන් බිහිකර, 17 වසරක සාඩම්බර තීර්ති නාමයක් දිනාගත් Amazon College & Campus උසස් අධ්‍යාපන ආයතනයේ 2025 උපාධි ප්‍රදානෝත්සවය නොවැම්බර් 23 වන දින පස්වරු 2 සිට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ “Lotus” ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

Nov 24, 2025 - 19:29
 8
Amazon උසස් අධ්‍යාපන ආයතනයේ  වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය

Amazon උසස් අධ්‍යාපන

ආයතනයේ 

වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයෙන්

සිසුසිසුවියන් 200ක් උපාධි ලබති.

මේ රටේ උසස් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයට වසරක් පාසා දහස් ගණනින් උපාධිධාරීන් බිහිකර, 17 වසරක සාඩම්බර තීර්ති නාමයක් දිනාගත්  Amazon College & Campus උසස් අධ්‍යාපන ආයතනයේ 2025 උපාධි ප්‍රදානෝත්සවය නොවැම්බර් 23 වන දින පස්වරු 2 සිට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ “Lotus” ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මෙම අවස්ථාවේදී ඩිප්ලෝමාධාරීන් , HND උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ සිසු සිසුවියන් 200 කට ආසන්න පිරිසක් තම උපාධි ලබා ගත්හ. මනෝවිද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි භාෂාව, ගුරු පුහුණුව වැනි ක්ෂේත්‍ර සඳහාද සහතික ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ හිටපු සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සහභාගි විය. එසේම, Khairul Iskandar Md. Yusof මහතා (උපදේශක, මැලේසියාවේ මහ කොමසාරිස්) සහ Ali Shareef මහතා (උපදේශක, මාලදිවයිනේ මහ කොමසාරිස්) යන මහත්වරු ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

ඊට අමතරව විශේෂ ආරාධිත අමුත්තන් ලෙස, ආචාර්ය කුමාර හිරිඹුරේගම (කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති), මහාචාර්ය වසන්ත අතුකෝරල (ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය), මහාචාර්ය එස්. ජේ. යෝගරාජා (වාග් විද්‍යා දෙපාර්තමේන්තුව, කැලණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය රිෂ්කාන් බෂීර් (සහාය මහාචාර්ය, පීඨාධිපති - පරිගණක හා තොරතුරු විද්‍යා පාසල), ආචාර්ය යූ. එල්. එම්. අෂ්කර් (සහාය මහාචාර්ය, පශ්චාත් ආචාර්ය පර්යේෂක මලයා විශ්වවිද්‍යාලය, මැලේසියාව), රාජගෝපාල් උදයකුමාර් මහතා (කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, තිරුක්කෝවිල්), S. සේතුරත්නම් මහතා (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, ඉසුරුපාය), Rushdhien Habeeb මහතා (Habeeb Associates හි වාණිජ මණ්ඩල ප්‍රධානී සහ නීතිඥ), ආචාර්ය අජේ ප්‍රසාද් (Aienza Holdings (Pvt) Ltd හි සම නිර්මාතෘ, (Global Medical Services (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී), M. H. K. M. හමීස් (සභාපති - ශ්‍රී ලංකා කැනඩා ව්‍යාපාරික කවුන්සිලය - මැලේසියා විශ්ව විද්‍යාලය), අජ්රා අසාර් මහත්මිය (අධ්‍යක්ෂ - Colombo Associates (pvt) ltd) යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Amazon උසස් අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව” යටතේ ලියාපදිංචි කරනලද ආයතනයකි. වසර 17ක පමණ කාලයක් තිස්සේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දහස් ගණනක් සිසුන්ට අධ්‍යාපනය මෙන්ම විවිධ සේවාවන් ද සපයා තවත් ඉදිරියට වර්ධනය වෙමින් පවතින මෙම ආහතනය මේ වන විට සම්මාන 8 කින් පිදුම් ලැබ ඇති උසස් අධ්‍යාපන ආයතනයකි. දේශීය සහ විදේශීය ප්‍රකට අධ්‍යාපන ආයතනවලින්ද පිළිගැනීමකට ලක් වී ඇති Amazon College හා Campus බම්බලපිටියේ ගාලු පාරේ මහල් හතරක ගොඩනැගිල්ලක අති නවීන පහසුකම් සහිතව ක්‍රියාත්මක වන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ඉල්හාම් මරිකාර් මහතා පවසයි. එදින උපාධි ප්‍රදානෝත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් ඡායාරූපවල දැක්වේ.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0