30වන කේරල ජාත්‍යන්තර සිනමා උළෙලේ නෙට්පැක් ජූරි සභාපතිත්වය ලාංකිකයෙකුට
ඉන්දියාවේ ඉතාම ප‍්‍රකට සිනමා උළෙලක් වන “කේරල ජාත්‍යන්තර සිනමා උළෙල” 30වන වරටත් කේරලයේ ත‍්‍රිවේන්ද්‍රපුරම්හිදී දෙසැම්බර් මස 12 සිට 19 දක්වා දිනවල ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වින. එහිදී ලොව පුරා ප‍්‍රවීන සිනමාකරුවන්ගේ වෘත්තාන්ත චිත‍්‍රපට 205ක් සිනමා ශාලා සංකීර්ණ 9 ක පිහිටි සිනමා හල් 15ක, දින අටක් පුරා ප‍්‍රදර්ශනය විය. ත‍්‍රිවේන්ද්‍රපුරම් නගරයම උත්සවත්ශ්‍රීයෙන් සරසා තිබූ මේ සතිය තුළ ලක්ෂ 4කට අධික ප්‍රෙක්ෂක පිරිසක් මෙම සිනමා කෘති නරඹන ලදී.
30වන කේරල ජාත්‍යන්තර සිනමා උළෙලේ
නෙට්පැක් ජූරි සභාපතිත්වය ලාංකිකයෙකුට
ඉන්දියාවේ ඉතාම ප‍්‍රකට සිනමා උළෙලක් වන “කේරල ජාත්‍යන්තර සිනමා උළෙල” 30වන වරටත් කේරලයේ ත‍්‍රිවේන්ද්‍රපුරම්හිදී දෙසැම්බර් මස 12 සිට 19 දක්වා දිනවල ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වින. එහිදී ලොව පුරා ප‍්‍රවීන සිනමාකරුවන්ගේ වෘත්තාන්ත චිත‍්‍රපට 205ක් සිනමා ශාලා සංකීර්ණ 9 ක පිහිටි සිනමා හල් 15ක, දින අටක් පුරා ප‍්‍රදර්ශනය විය. ත‍්‍රිවේන්ද්‍රපුරම් නගරයම උත්සවත්ශ්‍රීයෙන් සරසා තිබූ මේ සතිය තුළ ලක්ෂ 4කට අධික ප්‍රෙක්ෂක පිරිසක් මෙම සිනමා කෘති නරඹන ලදී.
උළෙලේ ජූරිය ඉරාන, ස්පාඤ්ඤ, පැරගුවේ, එන්ගලන්ත, ශ්‍රී ලංකා හා ඉන්දීය ප‍්‍රවීන සිනමා කරුවන් හා විචාරකයින්ගෙන් සමන්විත වන අතර, ජූරි හතරක් විසින් චිත‍්‍රපට ඇගයීමට ලක්කරන ලදී. එ් අතර “නෙට්පැක් ජූරියේ සභාපතිත්වය” හිමිවූයේ ශ්‍රී ලාංකික නිර්මාණ කරුවෙකු වන උපාලි ගම්ලත් හටය. මෑතදී තිරගතවූ “ගුරුගීතය” චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ වරයා වූ උපාලි ගම්ලත් ලාංකේය සිනමා ක්ෂේත‍්‍රයේ 20වසරකට අධික කාලයක් වාර්තා චිත‍්‍රපට, කෙටි චිත‍්‍රපට හා වෘත්තාන්ත චිත‍්‍රපට නිර්මාණකරනයේ නියැලෙන අතර ඔහු රචකයෙකු, අධ්‍යක්ෂ වරයෙකු, සංස්කාරක වරයෙකු හා ශබ්ද නිර්මාණ ශිල්පියෙකු ලෙස හසල පලපුරුද්දක් ඇති නිර්මාණකරුවෙකි.
එමෙන්ම ඔහු තම කෙටි චිත‍්‍රපට, වාර්තා චිත‍්‍රපට හා වෘත්තාන්ත චිත‍්‍රපට සදහා ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මාන රාශියක් හිමිකරගනිමින් ජාත්‍යන්තර කීර්තියට පත් සිනමාකරුවෙකි. ඔහු ජාතික තරුණ සේවා සභාවේ “නිස්කො වීඩියෝ” රූපවාහිණි තාක්ෂණ පාඨමාලාවේ රචනය හා අධ්‍යක්ෂණය පිළිබද කථිකාචාර්යවරයෙකු ලෙස ද ජාතික තරුණ චිත‍්‍රපට උළෙලේ සංවිධායක වරයා ලෙසද වරස 15ක පමන කාලයක සිට නියැලී සිටියි.
30වන කේරල සිනමා උළෙල සදහා උපාලි ගම්ලත් නිර්දේශ කරන ලද්දේ “ආසියා පැසිෆික් සිනමා ප‍්‍රවර්ධන ජාලයේ” අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හා ආසියානු සිනමා කේන්ද්‍රයේ සභාපති ඇෂ්ලි රත්නවිභූෂන මහතා විසිනි.
උපාලි ගම්ලත් ද ආසියානු සිනමා කේන්ද්‍රයේ සාමාජිකයෙකු මෙන්ම ලොව පුරා රටවල් 51කින් සමන්විත ආසියා පැසිෆික් සිනමා ප‍්‍රවර්ධන ජාලයේ ලාංකීය නියෝජිතයෙකු ලෙසද කටයුතු කරමින් ඈෂ්ලි රත්නවිභූෂණ මහතා හා රංජනී රත්නවිභූෂණ මහත්මිය සමග එක්ව ලාංකේය සිනමා කරුවන්ගේ නිර්මාණ ජාත්‍යන්තර තලය වෙත ගෙනයාමට අනුපමේය සේවයක් කරමින් සිටින නිර්මාණ කරුවෙකි.
30වන කේරල සිනමා උළෙලේ චිත‍්‍රපට 205ක් අතරින් තරගකාරී අංශය සදහා චිත‍්‍රපට 35ක් තෝරා ගන්නා ලද අතර උළෙලේ හොදම චිත‍්‍රපටය සදහා “සුවර්නා
චාකෝරම්” සම්මානය හිමිකරගන්නා ලද්දේ ෂාවෝ මියැකේ විසින් අධ්‍යක්ෂනය කරනලද ‘‘තබී තෝ හිබි” (Two Seasons, Two Strangers) ජපාන චිත‍්‍රපටයත් හොදම ආසියානු චිත‍්‍රපටය ලෙස නෙට් පැක් සම්මානය ගොසාඞ් කුරුල් විසින් අධ්‍යක්ෂණය කරනලද “සිනමා ජසීරා” ඉරාන හා තුර්කි චිත‍්‍රපටයත් “හොදම මලයාලම් චිත‍්‍රපටය” ලෙස උන්නික‍්‍රිෂන් අවාලා අධ්‍යක්ෂණය කරනලද “තප් තප් පේරු” (Life of a Phallus ) චිත‍්‍රපටයත් සංජු සුරේන්ද්‍රන් අධ්‍යක්ෂනය කළ “කිද් කී ගාව්” (If on a winter's night) චිත‍්‍රපටයත් සම සම්මාන දිනාගන්නා ලදී. හොදම රංගනය සදහා සම්මානය බෙන්ගාල නිළි තිලෝත්තමා ෂෝම් “බක්ෂෝ බොන්දි” (Shadow Box) චිත‍්‍රපටය වෙනුවෙන් හිමිකර ගන්නා ලදී.
මෙහිදී විෂේශයක් වන්නේ Life of a Phallus චිත‍්‍රපටය ආසියාවේ “අවසාන ගුහාවාසීන්” ජන කොට්ඨාශය වන “චෝලනායිකන් ගෝත‍්‍රිකයෙකු” නිර්මාණය කරන ලද ප‍්‍රථම චිත‍්‍රපටය වීමයි. එම ගෝත‍්‍රිකයන්ම රංගනයෙන් දායක වෙමින් චෝලනායිකන් භාෂාවෙන් නිර්මාණය කල මෙම Life of a Phallus චිත‍්‍රපටය තුලින් වදවීයන ඔවුන්ගේ ගොත‍්‍රයේ කේදවාචකය හා ඉනදිරා ගාන්ධි සමයේ සිට එම ගෝත‍්‍රය අතුගාදැමීමට කළ දේශපාලන බලපෑම පිළිබද ඉතා සිනමාත්මක හා ප‍්‍රභල දේශපාලනික අදහසක් ඉදිරිපත් කරයි.
ඊට අමතරව මෙම චිත‍්‍රපටය ජනප‍්‍රියම චිත‍්‍රපටය සදහා සම්මානය ද හිමිකරගත් අතර විචාරක ජූරිය විසින් ජූරියේ විශේෂ සම්මානයක්ද පිරිනමන ලදී. මෙම ජයග‍්‍රහණයන් වදවීයන තම ගෝත‍්‍රයට මහත් ශක්තියක් වූ බව “උන්නිකිෂන් අවාලා” සම්මාන ලැබීමෙන් අනතුරුව ප‍්‍රකාශකරනලදී. එසේම කාන්තා අධ්‍යක්ෂ වරියක් වන “ගොසාඞ් කුරාල්” ගේ සිනමා ජසීරා චිත‍්‍රපටය තුළින් “තලෙයිබාන් වරුන්” කාන්තාවට ඇතිකරන අමානුෂික පීඩනය හා කාන්තාව ඊට එරෙහිව ක‍්‍රියාකිරීම පිළිබද ප‍්‍රභල හඩක් නගන ඉතා විශිෂ්ඨ චිත‍්‍රපටයකි. ඇය තම දිවිපරදුවට තබමින් ඇෆ්ගනිස්ථානයේ රූපගතකළ මෙම චිත‍්‍රපටයද සැබවින්ම ඇගයිය යුතු විරක‍්‍රියාවකි.
උපාලි ගම්ලත් කියන පරිදි නුදුරු දිනයක ලාංකේය ප්‍රේක්ෂකයන්ට මෙම චිත‍්‍රපට නැරඹීමට අවස්ථාව ලබාදෙමින් ආසියානු සිනමා කේන්ද්‍රයේ සංවිධානයෙන් කොළඹදී “කේරල සිනමා උළෙලේ ජයග‍්‍රාහී චිත‍්‍රපට ප‍්‍රදර්ශන උළෙලක්” පැවැත්වීමට අදහස්කර සිටියි. එසේම ගම්ලත්ගේ තුන්වන වෘත්තාන්ත චිත‍්‍රපටය වන සිංහල දමිල ද්විභාෂා නිර්මාණයක් වූ “විඩු” චිත‍්‍රපටය වැඩ අවසන් වෙමින් පවතින අතර නුදුරු කලකදී එය ලාංකේය ප්‍රේක්ෂකයාවෙත ගෙන එ්මට ඔහු බලාපොරොත්තුවෙයි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
1
Funny
0
Angry
0
Sad
0
Wow
0

