කස්සප හිමිට ඇපදෙන්න නීතිපති එකගයි - පොලීසිය විරුද්ධයි...
ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ නීතිවිරෝධී ඉදිකිරීම් සිදුකිරීම තුළින් වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් නවදෙනකු සම්බන්ධ නඩුව ඊයේ (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් සම්සුදීන් මහතා ඉදිරියේ නැවත විභාගයට ගනු ලැබූ අතර පොලීසිය හා නීතිපති අතර ඇතිවූ මතභේදයක් නිසා නඩු විභාගය කල් දමන්නට සිදුවිය.
ත්‍රිකුණාමලය බුදුපිළිම නඩුවේ කස්සප හිමිට ඇපදෙන්න
නීතිපති එකගයි - පොලීසිය විරුද්ධයි....
ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ නීතිවිරෝධී ඉදිකිරීම් සිදුකිරීම තුළින් වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් නවදෙනකු සම්බන්ධ නඩුව ඊයේ (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් සම්සුදීන් මහතා ඉදිරියේ නැවත විභාගයට ගනු ලැබූ අතර පොලීසිය හා නීතිපති අතර ඇතිවූ මතභේදයක් නිසා නඩු විභාගය කල් දමන්නට සිදුවිය.
නඩුව කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මෙම සිදුවීමට අදාළව අභියාචනාධිකරණයේ පවතින “රිට් පෙත්සමක” එකඟතාවයක් අනුව, සැකකරුවන්ට එරෙහි වෙරළ සංරක්ෂණ පනත යටතේ පළමු චෝදනාව ඉවත් කරගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇප ලබාදීමේ අධිකාරය මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති වුවද, එම චෝදනාව ඉවත් කළහොත් ඇප ලබාදීමේ යෝජනාව සලකා බැලිය හැකි බව මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේය.
එහෙත්, නීතිපතිවරයාගේ මෙම තීන්දුවට ත්‍රිකුණාමලය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් දැඩි විරෝධය පළ කළහ. නඩුව පවරා ඇත්තේ පොලිසිය විසින් බැවින්, චෝදනා ඉවත් කිරීමට තමන් එකඟ නොවන බව ඔවුහු අවධාරණය කළහ. මෙයින් රජයේ නීතිඥවරයා සහ පොලිසිය අතර අධිකරණය තුළ පැහැදිලි මතභේදයක් ඇති විය.
දෙපාර්ශ්වයේ තර්ක සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, නීතිපතිවරයාට ඕනෑම නඩුවක් තම අධිකාරය යටතට ගෙන පවත්වාගෙන යෑමේ හැකියාව ඇතත්, මෙම නඩුව පොලිසිය විසින් පවරා ඇති නිසා ඔවුන්ගේ එකගතාවය මේ සදහා අවශ්‍ය වන බවයි.
චෝදනා ඉවත් කිරීම හෝ සැකකරුවන් වරද පිළිගැනීම මිස වෙනත් පදනමකින් ඇප ලබාදීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා රැසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි අතර, පවතින සංවේදී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් සියයකට වැඩි පිරිසක් යොදවා විශේෂ ආරක්ෂාවක් සපයා තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කස්සප හිමියන්ට ඇප ලබාදීම වැළැක්වීමට රජයට සම්බන්ධ යම්කිසි බලවතෙක් පොලීසිය මෙහෙයවමින් ක්‍රියාත්මක වී ඇතිබව නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්විය.
පොලිසිය සහ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කතාබහකර එකගතාවයකට එනතුරු මෙම විසංවාදය විසඳීමට ඉඩ අවකාශ ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා නඩුව තාවකාලිකව කල්තබනු ලැබීය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

