''world Dancing Star 2026 '' ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට නර්තන වීඩියෝ තරගාවලියක්.

ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට ''world Dancing Star 2026 '' නමින් නර්තන තරඟාවලියක් පවත්වන්නට නර්තනාචාර්ය ලලිත් පැරකුම් ප්‍රමුඛ LP ඉවෙන්ට්ස් නර්තන ආයතනය සහ. Kalhan dev විසින් සංවිධානය කර තිබේ.

Jan 14, 2026 - 11:20
 22
''world Dancing Star 2026 ''  ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට  නර්තන වීඩියෝ තරගාවලියක්.

''world Dancing Star 2026 '' 


ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට 


නර්තන වීඩියෝ තරගාවලියක්.


ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට ''world Dancing Star 2026 '' නමින් නර්තන තරඟාවලියක් පවත්වන්නට නර්තනාචාර්ය ලලිත් පැරකුම් ප්‍රමුඛ LP ඉවෙන්ට්ස් නර්තන ආයතනය සහ. Kalhan dev විසින් සංවිධානය කර තිබේ.


ලොව ඕනෑම රටක ජීවත්වෙන ශ්‍රී ලාංකික දරුවෙකුට මෙම තරගය සදහා සහභාගී වීම පිණිස අයදුම්පත් එවීමේ හැකියාව ඇත.


මෙහිදී තරගකරුවන් ඉදිරිපත් කරන නර්තන අංග විනාඩියක පමණ කාලයක “වීඩියෝවක්” මගින් මාර්ගගත (online) ක්‍රමයට විනිශ්චය මණ්ඩලයට යොමු කළ යුතුය.


එම ක්‍රමයට අනුව විනිශ්චය මණ්ඩලය පළමු වට දෙක සදහා තරගකරුවන් තේරීම සිදුකරන අතර දෙවනි වටයෙන් පසු අවසන් තරගය පැවැත්වීමට නියමිත ය. එම අවසන් මහා තරගය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී මෙම වසරේ ජුලි හෝ අගෝස්තු මාස දෙකෙන් එකක පැවැත්වීමට නියමිතය.


තනි තනි වශයෙන්ද, කණ්ඩායම් වශයෙන්ද, යුගල වශයෙන්ද මේ සදහා සහභාගී විය හැකිය. සාම්ප්‍රදායික හෝ බටහිර ඕනෑම නර්තන ශෛලියකින් මේ සදහා ඉදිරිපත් විය හැකිය.


මෙම නර්තන තරාගාවලියේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරන්නේ මෙරට සිටින අති දක්ෂ, ප්‍රවීණ
 නර්තනාචාර්යවරුන් වන  චන්දන වික්‍රමසිංහ, කෙවින් නුගාරා, ලලිත් පැරකුම් ඇතුළු නර්තන ක්ෂේත්‍ර‍යේ ප්‍රවීණයන් පස්දෙනෙකු විසිනි.


“world Dancing Star 2026” තරාගාවලිය සදහා අයදුම්පත් ලබාගැනීම ජනවාරි 21 වැනිදායින් පසු අවසන් වේ.


074 - 783221212 යන දුරකථන අංකය ඔස්සේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. එමෙන්ම 39 351 443 1210 යන අංකය ඔස්සේ වට්සැප් මාර්ගයෙන් ද මේ සදහා අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් විමසීම් සිදුකළ හැකිය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0