ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් 31 වෙනිදා බොරැල්ලේ.

අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් එච්.එස්. කේ. ජේ. බණ්ඩාර මහතා නිවේදනය කරයි.

Dec 29, 2025 - 08:19
 22
ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු   රාජ්‍ය අනුග්‍රහයෙන් 31 වෙනිදා බොරැල්ලේ.

ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු 

රාජ්‍ය අනුග්‍රහයෙන් 31 වෙනිදා බොරැල්ලේ.

අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් එච්.එස්. කේ. ජේ. බණ්ඩාර මහතා නිවේදනය කරයි.

ඒ අනුව දෙසැම්බර් 29 - 30 දෙදින පස්වරු 9 00 සිට රාත්‍රී 10 00 දක්වා බොරැල්ල "ජයරත්න රෙස්පෙක්ට්" ශාලාවේ මහජන ගෞරවය පිණිස දේහය තැන්පත් කර තබනු ලබයි.

2025 දෙසැම්බර් 31 වන දින පෙරවරු 10 00 සිට පස්වරු 2 00 දක්වා නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා වලපොල මහත්මිගේ  දේහය තැන්පත් කර තැබීමටද රජය තීරණය කර ඇත. අනතුරුව එදින පස්වරු 2 00 ආගමික වතාවක් සිදු කිරීමෙන් පසුව, දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස්, එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇතැයි පැවසේ.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 1
Wow Wow 0