බාල ඖෂධ ගෙන්වා ආණ්ඩුව දැන් මිනී මරන්න පටන් අරන්...
වත්මන් පුනරුද ආණ්ඩුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමග එක්ව රටට සඟවා අත්සන් කරන ලද ගිවිසුම් නිසා වසර අවුරුදු 76ක් මේ රටේ ආරක්ෂා වූ ඖෂධ ප්‍රමිතිය බිඳ වැටී, තත්ත්වයෙන් බාල ඉතාමත් පහත් ප්‍රමිතියේ ඉන්දීය ඖෂධවර්ග මේ රට තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැරිසරන්නට පටන් පටන් ගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
බාල ඖෂධ ගෙන්වා ආණ්ඩුව
දැන් මිනී මරන්න පටන් අරන්...
මෝදි - අනුර අත්සන් කළ හොර සෞඛ්‍ය ගිවිසුමෙන්
උසස් තත්වයේ ප්‍රමිතිගත ඖෂධ ගැනීමේ අයිතිය ජනතාවට අහිමි කරලා...
වත්මන් පුනරුද ආණ්ඩුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමග එක්ව රටට සඟවා අත්සන් කරන ලද ගිවිසුම් නිසා වසර අවුරුදු 76ක් මේ රටේ ආරක්ෂා වූ ඖෂධ ප්‍රමිතිය බිඳ වැටී, තත්ත්වයෙන් බාල ඉතාමත් පහත් ප්‍රමිතියේ ඉන්දීය ඖෂධවර්ග මේ රට තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැරිසරන්නට පටන් පටන් ගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. මේ නිසා රෝහල්වල අහින්සක ජනතාව “බාල බෙහෙත් භාවිතය නිසා” මිය යන්නට පටන්ගෙන ඇතැයිද වීරවංශ මහතා පෙන්වා දෙයි.
රජය හොර රහසේ අත්සන් කරන ලද ගිවිසුම් හතෙන් එකක් වූ “ඉන්දියානු ෆාමකෝපියාවට” (Indian Pharmacopoeia) මේ රටේ රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ ඖෂධ නියාමනය පිළිබඳ ඒකාධිකාරිය හිමිව ඇති බවත්, මෙම ඒකාධිකාරිය හේතුවෙන් මෙතෙක් ලංකාවේ භාවිතයට ගෙන තිබූ ප්‍රමිතිගත විශ්වාසදායී බ්‍රිතාන්‍ය ඖෂධ හා ඇමරිකානු ඖෂධ භාවිතා කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ජනතාවට අහිමි වී ඇති බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ 20 වැනිදා බත්තරමුල්ල සිය පක්ෂ කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි...
නව රජය ඉන්දියාව සමඟ රහසිගත ගිවිසුමකට එළඹෙමින් ඉන්දියානු ෆාමකෝපියාව (Indian Pharmacopoeia) පිළිගැනීමෙන් එම ප්‍රමිතිය මුළුමනින්ම පහත දමා ඇති බව චෝදනා කළේය. මෙම ප්‍රමිතිය පිළිගන්නා රටවල් ලොව පුරා 30-33කට සීමා වී ඇති බවත්, ඒවා බොහෝමයක් දුප්පත් අප්‍රිකානු රටවල් බවත් ඔහු පැවසීය.
“ආර්ථිකමය වශයෙන් දියුණු රටවල් මේ බාල ප්‍රමිතිය පිළිගන්නේ නැහැ. අපේ රජය මේක පිළිගෙන ජනතාවගේ ජීවිතවලට විස දෙනවා. බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධ රටෙන් ඉවත් වෙලා, රෝගීන්ට ඉන්දියානු අපද්‍රව්‍ය සහිත බෙහෙත් පමණයි ඉතුරු වෙන්නේ,” යැයි ඔහු අභියෝග කළේය. මෙම තීරණය සෞඛ්‍ය විශේෂඥයින්ගේ අදහස් නොසලකා හොර රහසේ ගත් එකක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රටේ සෞඛ්‍ය ආරක්ෂාව මහා අනතුරකට ලක් කර ඇති බවත් වීරවංශ මහතා බරපතල ලෙස චෝදනා කළේය.
“සාමාන්‍යයෙන් යම්කිසි ෆාමකෝපියා එකක් පිළිගන්නවනම් ඒක විශේෂඥ මණ්ඩලයක් දාල ඒ විශේෂඥ මණ්ඩලයෙන් ඇගයීමක් කරලා ඒ වාර්තා නිර්දේශ අනුව තමයි ඒක කරන්නේ. අනුර කුමරට ඒ විශේෂඥ දැනුම නෑ. මූඩි මහත්තයා ඇවිල්ල කරට අත දමාගත්තයි කියලයි මේ මේ චූන් වෙලා එහෙම “ෆාමකෝපියා” අස්සන් කරන්න බෑ. එහෙම අත්සන් කරලා තමයි දැන් මේ මිනී මරන්නේ. ඉස්පිරිතාලෙට ගෙන එන ලෙඩාව මරා දමන්නේ. අපද්‍රව්‍ය සහිත ඖෂධ දීලා මරා දමන්නේ...
“ලැජ්ජයි! මීට කලින් මේ රටේ කිසිම නායකයෙක් සෞඛ්‍යයට අදාළව මේ විදියේ තීරණ හොර රහසේ අරන් නෑ, විශේෂඥ දැනුම නොසලකා හැරලා අරන් නෑ, ඉතාම තුච්ඡ මිනීමරු තීරණයක් මේ අරන් තියෙන්නේ. ඒකෙ වන්දි තමයි මේ අද දරුවන් දියණියන් ඒ ජීවිතවලින් වන්දි ගෙවන්නේ.
ඊළඟ වැරැද්ද මොකක්ද... දැම්මා ඉන්දියන් අපද්‍රව්‍ය සහිතව ඖෂධවලට පමණක් “ලංකාවේ ඖෂධ වෙළඳපොලේ ඒකාධිකාරය හදලා දෙන්න” පාලන මිලක් දැම්මා. දොස්තර ජයතිස්ස දැම්මාපාලන මිලක්. එතකොට වෙන්නේ මොකද දන්නවද... ඒ පාලන මිලට යටින් දෙන්න බෑ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය තියන ඖෂධ. අමරිකානු ප්‍රමිතිය තියන ඖෂධ දෙන්න බැහැ. ඒවා රටෙන් බැහැරට යනවා. වෙළඳපොලෙන් එළියට යනවා. කැමති වුණත් නැතත් සල්ලි ඇතත් නැතත්, ඉන්දියානු ප්‍රමිතියෙන් බාල ඖෂධ අපිට අරගන්න වෙනවා.
මේ තමයි අපේ සමාජයේ ලෙඩ්ඩු මරා දාන විදිය. ලෙඩෙක් එන්නෙ ජීවිතේ ඉල්ලගෙන. ජීවිතේ ඉල්ලගෙන එන ලෙඩාව මරා දමන තැන් බවට පත් කරලා තියෙනවා ඖෂධ වෙළඳපොල. එනිසා මේක මිනී මරන ආණ්ඩුවක්. බාල ඖෂධ දීල මෙරටේ මහජනයා මරා දාන ආණ්ඩුවක්.
ඉන්දියානු ඖෂධ නිසා දැනටමත් තරුණියන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, ජයවර්ධනපුර රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතනවල අසාත්මිකතා රැසක් වාර්තා වී ඇති බවත් පෙන්වා දුන් ඔහු, මෙම ඖෂධ ගෙන්වූ සමාගම්වලට රජයේ ඉහළ සම්බන්ධතා පවතින බවට රහසක් හෙළි කළේය.
“එතකොට කොළඹ නගරාධිපතිනිය බල්තසාර්ගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයාට අයත් සමාගමකින් තමයි මේ ඖෂධ ගෙනැවිත් තිබෙන්නේ. ඒ සමාගම විතරක් නොවෙයි. ඔය ජාසිංහලා අරසිංහලා මේ සිංහලා වගේ පිටිපස්සේ ඉන්න සමාගමුත් මේ ජාවාරමේ නිරත වෙනවා. පුනරුද බෝඩ් එක ගහගෙන ඇවිල්ලා අන්තිමට කරන්නේ මෙන්න මේවා...
එනිසා බොහොම පැහැදිලියි. අද වෙලා තියෙන්නෙ මේ සියලු මිනී මැරුම්වලට වගකියන්න කෙනෙක් නෑ. “ඇහින්ද” ජයතිස්ස ඉන්නවා වගේ වගක් නෑ. ජනාධිපති අනුරේ එනවා පාර්ලිමේන්තුවට. ඇවිල්ලා ලොරි ටෝකක් දීලා කටින් බතල හිටවලා යනවා. උන්දැ තරං කටින් බතල හිටවන්න පුළුවන් කෙරුමෙක් මේ කපේ දී මේ රටේ 76 වසරක බිහිවෙලා නෑ. උන්දැට ජනාධිපති ලේකම් කාර්යාලයේ වගා බිම වදිවුණාම පාර්ලිමේන්තුව තමයි වගාබිම කරගන්නේ කටින් බතල හිටවන්න. ලේකම් කාර්යාලේ වගාබිම පොඩියි. මෙතන තියනවා 225ක වගාබිමක්.”
මෙම චෝදනාවලට රජයෙන් තවමත් ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර, වීරවංශ මහතා රජයෙන් ඉල්ලා සිටියේ ඉන්දියානු ෆාමකෝපියාවෙන් ඉවත් වී ජාතියෙන් සමාව ඉල්ලන ලෙසයි. "ජනතාව නැගී සිටින්න. මේකට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. රටේ අනතුර ඉතා භයානකයි," යැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ අනෙකුත් නියෝජිතයෝ දෙදෙනෙකුද සහභාගී වූහ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

