රන්වලගේ මුහුණ ගැන චාමර සම්පත් කියන කතා...

සපුගස්කන්ද දෙනිමුල්ල මංසන්ධියේදී පසුගිය දෙසැම්බර් 11 වනදා හිටපු කතානායක අශෝක සපුමල් රන්වල අතින් වූවා යැයි කියන රිය අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලිසිය ක්‍රියාත්මක වූ පක්ෂග්‍රාහී ක්‍රියා පිළිවෙත ගැන අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ කතාබහක් ඇතිවිය.

Dec 19, 2025 - 06:59
 40

රන්වලගේ මුහුණ ගැන

චාමර සම්පත් කියන කතා...


සපුගස්කන්ද දෙනිමුල්ල මංසන්ධියේදී පසුගිය දෙසැම්බර් 11 වනදා හිටපු කතානායක අශෝක සපුමල් රන්වල අතින් වූවා යැයි කියන රිය අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලිසිය ක්‍රියාත්මක වූ පක්ෂග්‍රාහී ක්‍රියා පිළිවෙත ගැන අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ කතාබහක් ඇතිවිය.


ඔහු විසින් පදවන ලද ජීප්රිය මුහුණට මුහුණ “ඇල්ටෝ වර්ගයේ” කුඩා මෝටර්රියක් හා ගැටීමෙන් එහි ගමන් ගත් “හය මසක් වයසැති බිළිඳු දරුවෙක් හා කාන්තාවන් දෙදෙනෙක්” බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇති තත්ත්වයක ජීප්පිය රියදුරා බීමතින් සිටියා යයි චෝදනා තිබියදී, කිසිදු පූර්ව පරීක්ෂණයකින් තොරව අදාල ජීප්රියේ රියදුරා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලව රෝහල් ගත කර ඇතැයි කියති.


මෝටර් රියේ ගමන් ගත් වැඩිහිටියන් දෙදෙනා කොළඹ මහ රෝහලටත් බිළිඳු දරුවා ළමා රෝහලටත් ඇතුළත් කර තිබෙන තත්ත්වයක “විශේෂ සැලකිල්ලක් ලැබූ රන්වල” මන්ත්‍රීවරයාට සිය අභිමතය පරිදි රෝහලක් වෙත යන්නට පොලිසිය අවස්ථාව සැලසා ඇතැයි චෝදනා කෙරේ. 


මෙවන් අනතුරකදී වෙනත් ඕනෑම “ලංකාවේ පුරවැසියෙකුට අදාළ වන නීතිය” මෙම දේශපාලනඥයා සම්බන්ධයෙන් අනුගමනය නොකොට “බීමත් රියදුරන් පරීක්ෂාව” සඳහා ඇති කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකොට, රෝහල්ගත වන්නට ඉඩ සලසා ඇති අතර ඔහු බීමතින් සිටියාදැයි පරීක්ෂා කර බලා ඇත්තේ එවන් පරීක්ෂාවක් කළ යුතු කාලය ඉක්මවා යාමෙන් පසුව බව වාර්තා වී ඇත.


නිත්‍යානුකූලව අශෝක රන්වල අත්අඩංගුවට ගැනුනේ අදාල සිද්ධිය සිදුවීමෙන් පැය දොළහකටත් පසුව 12 වනදා දහවල් කාලයේදීය...


ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පොලිසිය මෙසේ නීතිය නවමින් පක්ෂග්‍රාහීව කටයුතු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු අතර සංවාදයක් ඇති විය.


එහිදී අදහස් දක්වමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පෙන්වා දුන්නේ අදාළ මන්ත්‍රීවරයාගේ බීමත් කම පිළිබඳ හදුනා ගැනීමට කිසිවෙකුටත් විශේෂයෙන් පරීක්ෂණ අවශ්‍ය නැති බවයි... ඔහුගේ මුහුණම ඒ බිමත්කම සදහා සාක්ෂිියක් බවයි.


කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (දෙසැම්බර් 18 වැනිදා) දැනුම් දුන්නේ පොලිස්පතිවරයාගේ නියමයෙන්, එම රිය අනතුරේදී සපුගස්කන්ද  පොලිස් ස්ථානයේ නිලධාරීන් නිසි පරිදි රාජකාරිය සිදුකර ඇතිදැයි “රථවාහන හා මාර්ග ආරක්ෂාව” දිසාව භාර පොලිස්පතිවරයා විසින් විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0