මහින්ද විද්‍යාලයීය කුමර රඟහර 20 වැනිදා
ගාල්ල මහින්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ සෞන්දර්යාත්මක දක්ෂතා එළි දක්වන කුමර රඟහර 2025 විවිධ ප්‍රසංගය ලබන 20 වැනිදා සවස 3.30ට සහ 6.30ට කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මහින්ද විද්‍යාලයීය කුමර රඟහර 20 වැනිදා...
ගාල්ල මහින්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ සෞන්දර්යාත්මක දක්ෂතා එළි දක්වන කුමර රඟහර 2025 විවිධ ප්‍රසංගය ලබන 20 වැනිදා සවස 3.30ට සහ 6.30ට කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ගේ දක්ෂතා එකම වේදිකාවක්මත දිගහැරෙන කුමර රඟහර 2025 නැටුම් ගැයුම් වැයුම්වලින් විචිත්‍රවත් විශිෂ්ට ප්‍රාසාංගික අත්දැකීමක් තිලිණ කරණු ඇතැයි මහින්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පති සාලිය ක්‍රිෂාන්ත මහතා විශ්වාසය පළ කරයි.
විදුහල්පති ජනක පේදුරුහේවා මහතා ඇතුළු විද්‍යාලයීය කළමනාකරණ මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ මහින්ද විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතියේ මැදිහත්වීමෙන් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ගුරු භවතුන්, දෙමාපියන් හා සිසු දරුවන් එක්ව මෙම ප්‍රාසාංගය සංවිධානය කර ඇත.
මිහිඳු පුතුන්ගේ නිසඟ හැකියාවන් වේදිකාව මත දිගහැරෙන මහින්ද සුරම්‍යභිෂේකය - කුමර රඟහර 2025 නැරඹීමට ඔබටත් අවස්ථාව තිබේ.
ප්‍රාථමික අංශයේ විදුහල්පති සාලිය ක්‍රිෂාන්ත මහතා 0772339263 හෝ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නලීන් පරණගම මහතා 0775423742 අමතා අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
1
Funny
0
Angry
0
Sad
0
Wow
0

