විමල් සොයා C I D ය කොළඹ වටේ දැල එලයි
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය 3 වනදා පැවති නඩු කටයුත්තකට පෙනී නොසිටීම හේතුකොට ගෙන මහේස්ත්‍රත්වරයා විසින් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට අදාළව "වරෙන්තු" නිකුත් කර ඇත. ඒ අනුව අද (4) පෝය දිනයේ පෙරවරු 9:00 සිට රහස් පොලීසියේ කණ්ඩායම් දෙකක් විමල් වීරවංශගේ හෝකන්දර පිහිටි නිවසටත්, බත්තරමුල්ලේ පවතින කාර්යාලයටත් පැමිණ තිබේ. මේ ආකාරයෙන් පැමිණි රහස් පොලිස් කණ්ඩායම් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන්නට වූහ.
විමල් සොයා C I D ය
කොළඹ වටේ දැල එලයි

නිවසේ සිටි පවුලේ සාමාජිකයන්ගෙන් හා කාර්යාලයේ සිටි පක්ෂ සාමාජිකයන් වෙතින් දිගින් දිගටම ප්‍රශ්න කර ඇත්තේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ රැඳී සිටින ස්ථානය පිළිබඳවය. විමල් වීරවංශ මහතා අමාත්‍යවරයකුව සිටි සමයේ සිදු කරන ලදැයි කියා චෝදනා කරන රථවාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට කරුණු විමසීම සඳහා හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට උසාවියට පැමිණෙන්නැයි දැනුම් දී තිබිණු බව වාර්තා වේ
අධිකරණයේ පෙනී නොසිටියේ අසනීපව සිටින නිසා බව මහේස්ත්‍රාත්තුමන් වෙත විමල් වීරවංශගේ නීතිඥයා පෙන්වා දී තිබුණි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව C I D ය කටයුතු කරමින් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටියත් වත්මන් රජයේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් C I D ය එසේ කඩිනමින් හා හදිස්සියෙන් මෙන්ම මෙවන් කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු කර නැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි. මීට පෙර ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට අදාළව වරෙන්තු නිකුත් කර තිබුණ ද ඔහු සොයා පොලිසිය මෙලෙස විමර්ශනය කර නොතිබුණි.
මහේස්ත්‍රාත්වරයා විසින් විමල් වීරවංශයට අදාළව මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ පවතින ආපදා තත්ත්වය තුළ උසාවි නොපැමිණෙන චූදිතයන්ට වරෙන්තු නිකුත් නොකරන ලෙස "අධිකරණ සේවා කොමිසම" මගින් සියලු විනිසුරන් දැනුම්වත් කර තිබියදී බවද වාර්තා විය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0