නුගේගොඩ රැළියට කලුතරින් කැපී පෙනෙන සහභාගිත්වයක්...
විපක්ෂ දේශපාලන බලවේගය විසින් සංධානය කළ "මහා ජන හඩ" රැළිය ඉහළ ජන සහභාගීත්වයක් සහිතව ඊයේ නුගේගොඩදි පැවැත්වී තිබුනේ අනවශ්‍ය බාදාකිරීම් රාශියක් මධ්‍යයේය. දිවයිනේ සෑම මැතිවරණ බල ප්‍රදේශයකින්ම අපේක්ෂා කළ පරිදි ජනතාව පැමිණ සිටි බවයි වාර්තා වේ.
නුගේගොඩ රැළියට කලුතරින්
කැපී පෙනෙන සහභාගිත්වයක්...
විපක්ෂ දේශපාලන බලවේගය විසින් සංධානය කළ "මහා ජන හඩ" රැළිය ඉහළ ජන සහභාගීත්වයක් සහිතව ඊයේ නුගේගොඩදි පැවැත්වී තිබුනේ අනවශ්‍ය බාදාකිරීම් රාශියක් මධ්‍යයේය. දිවයිනේ සෑම මැතිවරණ බල ප්‍රදේශයකින්ම අපේක්ෂා කළ පරිදි ජනතාව පැමිණ සිටි බවයි වාර්තා වේ.
නුගේගොඩ රැළියට ගම්පහ කොළඹ සහ කලුතර දිස්ත්‍රික්ක නියෝජිතයනය කරමින් කැපී පෙනෙන වැඩි පිරිසක් පැමිණ සිටියහ. ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජන සහභාගීත්වයට අදාලව ප්‍රමුඛ දායකත්වය ලබාදී තිබූ අතර එ ජා පය, ශ්‍රී ල නි පය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ ගණනාවක්ම කැපී පෙනෙන ජන සහභාගිත්වයක් පෙන්නුම් කර තිබිණි.
මේ අතර ඊයේ කලුතර දිස්ත්‍රික්කයෙන් සහභාගි වූ පාක්ෂික පිරිස හා සංවිධායකයෝ කැපී පෙනෙන ජනතා සහභාගීත්වයක් දායක කර තිබූ අතර එය කාගේත් විශේෂ අවධානයා ලක් වුණි. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් නායකත්වය දරමින් සංජීව එදිරිමාන්න ඒ ජන පිරිස නියෝජනය කරමින් රැලියට ඔව්න් සමගම සහභාගි වීම විශේෂත්වයකි.
හොරණ, මතුගම, බුලත්සිංහල, කලුතර, බේරුවල, අගලවත්ත, බණ්ඩාරගම සහ පානදුර ආසන අටම ඒ සදහා දායකවී තිබුණා. සංජීව එදිරිමාන්න ගේ නායකත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව, දිලිප් වීරක්කොඩි, උදේනි අතුකෝරළ, හේමන්ත ප්‍රනාන්දු, අසේල ලියනගේ ඇතුළු කලුතර පොහොට්ටුවෙ ආසන සංධායකයින් සිය ජනතාවද සමග දිගු පෙළපාළියකින් රැලියට එක්වූ ආකරයි මේ
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
1
Sad
0
Wow
0

