යුගයක් දැනුමින් සැරසූ අපේ කාලයේ දිසාපාමොක්...

කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් ගුරුපියාණන්ගේ 12වන ගුණානුස්මරණ උත්සවය නොවැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික, විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

Nov 18, 2025 - 22:53
 52
යුගයක් දැනුමින් සැරසූ අපේ කාලයේ දිසාපාමොක්...

යුගයක් දැනුමින් සැරසූ 

අපේ කාලයේ දිසාපාමොක්...

කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් ගුරුපියාණන්ගේ 12වන ගුණානුස්මරණ උත්සවය නොවැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික, විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

1932 වසේ ඔක්තොම්බර් 03 දින ගාල්ල ප්‍රදේශයේ උපත ලැබූ රැල්ෆ් ඉග්නේශස් අලස් මැතිඳුන් සිය මූලික අධ්‍යාපනය ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් හා මාතර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් හදාරන්නට යෙදුනා.ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මෙතුමන් කොළඹ රාජකීය විද්‍යාලයේද වසර ගණනක් සේවය කළා.එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මැතිඳුන්ගේ හා එවකට කෙළෙඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ආරාධනයෙන් කොළඹ ඩී.ඇස්.සේනානායක කනිෂ්ඨ විද්‍යාලය නමින් ඇරඹූ නව විද්‍යාලයේ විදුහල්පතීත්වය භාර ගන්නවා. එතැන් පටන් කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලය ශ්‍රී ලාංකේය පාසල් ක්ෂේත්‍රය තුළ ඉහළින්ම බබළවන්නට එතුමන් කළ මෙහෙය බොහොමයි. එහෙන්ම කොළඹ ගේට්වේ විද්‍යාලයද ආරම්භ කරමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයටත් සමස්ත සමාජයටත් එතුමන් කළ සේවය අමිලයි. එවන් මාහැඟි සේවාවක් ඉටුකල එතුමන් 2013 වසරේ නොවැම්බර් 28 වනදා සිය දිවි සැරිය නිමාකලේ "ආර්.අයි.ටී.අලස්" යන නාමය ශ්‍රී ලංකා ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවුනු සදානුස්මරණීය නාමයක් බව සැමට පසක් කරමිනි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0