මේ අයවැයෙන් පාරවල්වලට මිලියන 342,000ක්..!
2026 වසර සඳහා සමස්ත මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 342,000 ක සැලකිය යුතු මුදලක් වෙන් කර තිබේ. මෙම ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන්ම අතරමග නැවතුණු අධිවේගී මාර්ග ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ අනෙකුත් ප්‍රධාන මාර්ග හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීමට යෝජිතය.
මේ අයවැයෙන්
පාරවල්වලට මිලියන 342,000ක්..!
2026 වසර සඳහා සමස්ත මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 342,000 ක සැලකිය යුතු මුදලක් වෙන් කර තිබේ. මෙම ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන්ම අතරමග නැවතුණු අධිවේගී මාර්ග ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ අනෙකුත් ප්‍රධාන මාර්ග හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීමට යෝජිතය. මෙවර අයවැයෙන් අධිවේගී මාර්ග සංවර්ධනයට අදාළව ඉදිරිපත් වූ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් යළි වේගවත් කිරීම මෙහි ප්‍රමුඛතාවයක් ගනී. එහි පළමු අදියර වන “කඩවත - මීරිගම කොටස” වෙනුවෙන් සංවර්ධන කටයුතු සඳහා 2026 වසරට රුපියල් මිලියන 66,150 ක් වෙන් කර ඇති අතර, මේ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් ද තීරණයකට එළඹ තිබේ. එමෙන්ම, මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ (පොතුහැර - ගලගෙදර) පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසෙහි ඉදිකිරීම් කටයුතු 2027 වසරේ මුල් කාර්තුව වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 10,500 ක් වෙන් කර ඇත.
තවද, එම අදියරේම රඹුක්කන - ගලගෙදර කොටස ද දේශීය අරමුදල් යටතේ ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලබාගෙන ඇති ණය මුදල් කොටසක් මේ වසර තුළදී ගෙවා අවසන් කිරීමෙන් ඉතිරි වන ප්‍රතිපාදන සහ තවත් අතිරේක ප්‍රතිපාදනයක් ද ඇතුළුව මේ සඳහා රුපියල් මිලියන 20,000 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
නව අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා ද ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ඉදිරියට ගෙන යාමට ප්‍රතිපාදන වෙන් කර තිබේ. “කුරුණෑගල - දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය” සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කිරීම පිණිස රුපියල් මිලියන 1,000 ක් ද, “රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු කොටස” කිලෝ මීටර් 25ක මාර්ග කොටසෙහි ඉදිකිරීම් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට රුපියල් මිලියන 1,500 ක් ද වෙන් කර ඇත.
අධිවේගී මාර්ග සංවර්ධනයට සමගාමීව අනෙකුත් ප්‍රධාන මාර්ග වැඩි දියුණු කිරීම සඳහා ද අවධානය යොමු වී තිබේ. ඒ අනුව, “කටුගස්තොට - ගලගෙදර මාර්ග කොටස” පුළුල් කිරීමට අවශ්‍ය අධ්‍යයන කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එසේම, මහනුවර නගරයේ රථවාහන තදබදය අඩු කිරීමේ අරමුණින් “මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය” ඉදිකිරීමට සමගාමීව, නගරයට ප්‍රවේශ වන මාර්ග කිහිපයක් පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන සලසා ඇත.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

