මේ සතියේ පොලිටිකල් ගොසිප් (ඔක්තොබර් 25 සිට 31 දක්වා)

මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂයට පොදුවේ චෝදනා ගණනාවක්ව තිබුණා. එක් චෝදනාවක් උයේ වත්මන් රජය අල්ලස් කොමිසම හා පොලිසිය යොදාගෙන විපක්ෂයේ දේශපාලඥයින් හා මන්ත්‍රීවරුන් මර්දනය කිරීමට ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබීම. ඒ ක්‍රියාන්විතයට හිටපු ජනාධිපතිවරුන්ගේ සිටම විපක්ෂයේ සියලු දේශපාලඥයන් හා හිටපු නිලධාරීන් ඉලක්ක වී ඇතැයි විපක්ෂය පවසනවා. විවිධ චෝදනා මත අල්ලස් කොමිසම මගින් හෝ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන දේශපාලඥයින් මර්ධනය කිරීමට රජය අලුත් වැඩපිළිවෙලක් දැන් අනුගමනය කරනවා. පරික්ෂණ වලට බාදා වෙනවයි කියලා පොලීසිය ඇප දෙන්න එපා කියනවා. ඉතින් සැකකරු රිමාන්ඩ්...

Nov 5, 2025 - 15:27
Nov 5, 2025 - 15:47
 37
මේ සතියේ පොලිටිකල් ගොසිප් (ඔක්තොබර් 25 සිට 31 දක්වා)

මේ සතියේ පොලිටිකල් ගොසිප්

(ඔක්තොබර් 25 සිට 31 දක්වා)

ඉස්සෙල්ලා රට බේරගමු

පස්සේ දේශපාලනය කරමු...

මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂයට පොදුවේ චෝදනා ගණනාවක්ව තිබුණා. එක් චෝදනාවක් උයේ වත්මන් රජය අල්ලස් කොමිසම හා පොලිසිය යොදාගෙන විපක්ෂයේ දේශපාලඥයින් හා මන්ත්‍රීවරුන් මර්දනය කිරීමට ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබීම. ඒ ක්‍රියාන්විතයට හිටපු ජනාධිපතිවරුන්ගේ සිටම විපක්ෂයේ සියලු දේශපාලඥයන් හා හිටපු නිලධාරීන් ඉලක්ක වී ඇතැයි විපක්ෂය පවසනවා. විවිධ චෝදනා මත අල්ලස් කොමිසම මගින් හෝ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන දේශපාලඥයින් මර්ධනය කිරීමට රජය අලුත් වැඩපිළිවෙලක් දැන් අනුගමනය කරනවා.  පරික්ෂණ වලට බාදා වෙනවයි කියලා පොලීසිය ඇප දෙන්න එපා කියනවා. ඉතින් සැකකරු රිමාන්ඩ්...

දෙවන චෝදනාව වූනේ මේ රජය බලය ලබා ගන්නට පෙර කවර ආඩම්බර කතා කිව්වත් මේ වන විට වැඩ බැරි රජයක් බව සමාජයට තහවුරු වීම. රාජ්‍ය ආදායම් හොයන විදේශ ආයෝජන හා විදේශ ව්‍යාපෘති ලංකාවට ගේනවා තබා තිබෙන ආයෝජන වත් රැකගන්නට ආණ්ඩුවට නොහැකි යයි චෝදනාව බලවත්. අනිත් අතට අලුත් ආර්ථික ක්‍රමෝපායන හොයනවා වෙනුවට මේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතම යැපෙමින් මෙතෙක් කිසිදු රජයක් ජාත්‍යන්තරයට ඉටුකර නුදුන් රටට අහිතකර ක්‍රියාන්විතයන් රටේ ක්‍රියාවට නංවන බව. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රණවිරු දඩයම, සමරිසි හා අනෙකුත් සංචාරක ප්‍රවර්ධන යෝජනා, ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තිබූ ස්ථානය වැනි කරුණු අද වන විට මේ නිසා අනතුරට පත්ව ඇතැයි විපක්ෂය චෝදනා එනවා. රටේ සම්පත් බංකොලොත් කර විදේශීය ආයතනවලට පාවාදීමේ ව්‍යාපෘතියක්ද මේ රජයේ ජාත්‍යන්තරයේ වුවමනාවට ඉටු කරමින් සිටි තැයි චෝදනාව සුළු පටු නැහැ. විමල් කියන්නේ පැල්වත්ත සීනි එකටයි සෙවණගලටයි ඒ ඉරණම අත්ව ඇතිබව...

මේ ආකාරයෙන් පොදු විපක්ෂය පහුගිය කාලය මුළුල්ලේම රජයට නැගූ චෝදනා එක වේදිකාවක සිට ප්‍රබලව ජනතාවට  දැනෙන සේ නැගිය යුතු යැයි යෝජනාවක් පැමිණියේ ඔය අතරයි.

මේ මාතෘකාව ඔස්සේ දිගින් දිගටම සාකච්ඡා කළ විපක්ෂයේ පොදු කණ්ඩායම ලබන 21 වනදා නුගේගොඩ මංසන්ධියේදී විපක්ෂයේ මහා රැළියක් පවත්වන්න කතාබහ කරා.... රහසිගත සාකච්ඡා ගණනාවක් තිබුණා...

රැලිය ගැන පක්ෂ පක්ෂ එකතු වී කරන ලද සාකච්ඡා වට ගණනාවකින් පසුව, මාධ්‍ය ඉදිරියේ මේ ගැන හෙළිදරව්වක් කිරීමට සැලසුම් සහගත මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන්නට විපක්ෂයේ පක්ෂ එකමුතුව කල්පනා කළා.
අන්න ඒක පහුගිය සති අන්තෙ රාත්‍රියක තලවතුගොඩ මොනෑක් හෝටලේ තිබුණා පුංචි සාදයකුත් එක්ක... මාධ්‍ය හමුවක්....

ඇවිල්ලා හිටියේ නම් ඔක්කොම සමාජමාධ්‍ය පකිර්ල ටික. ඔය කස්සෝ බස්සෝ උකුස්සෝ බෝදිලිමෝ බයියෝ ඔක්කොම ටික හිටියා... ඇයි මාතලන් යකා...

හෙඩ්ටේබල් එක මෙහෙයෙව්වේ උදය ගම්මංපිලයි සුජීව සේනසිංහයි සාගල රත්නායකයි... ඒ ඇරුණම ඇරුණම ටිලාන් අලස්, ප්‍රසන්න රණතුංග, සංජීව ඉදිරිමාන්න, අනුරයාපා, ප්‍රේමලාල් දොළේවත්ත... ඩී වී චානක, සුගීශ්වර ඉණ්ඩාර වගේ අයත් ඔය මේසේ හිටියා...

ගම්මංපිලයි සුජීවයි මේ රැලියේ අරමුණ පැහැදිලි කරද්දි වටින් ගොඩින් ප්‍රසන්නලා සාගලලා චානකලා මිරිස් තුන පහ කරපිංචා රම්පේ එකතු කළා... 

"දැන් මෙතන මේ එකට එකතුවෙලා ඉන්නේ පහුගිය කාලෙ දිගින් දිගටම දේශපාලන පොරපිටියේ කා කොටා ගත්ත අය. ඔබතුමාලා එකට එකතු වෙන්නද මේ සූදානම..."
"අරමුණක් සඳහා එකට එකතු වීම. අරමුණ තමයි මේ බොරුකාර ආණ්ඩුව පිළිබඳ නියම තතු ජනතාවට කරුණු වශයෙන් පැහැදිලි කරලා දීලා මේගොල්ලන්ට වැඩක් කරන්න බෑ කියන එක පෙන්නලා මේගොල්ලෝ දේශපාලනිකමය වශයෙන් පරාජයට පත් කරලා එළවලා දැමීම."

"ඊට පස්සේ වෙනත් ආණ්ඩුවක් හදා ගැනීම ගැන."

"ඒක මේ සාකච්ඡාවට අදාල වෙන්නේ අපේ වැඩපිළිවෙළ මොන වගේද කියන කාරණාව මත. සමහර විට අපි එකට එකතු වෙලා මේ සටන ජයග්‍රහණය කරලා ඊට පස්සේ විසිරිලා ගිහින් තම තමන්ගේ පක්ෂවලින් දේශපාලනය කරාවි...."

"තවම අභ්‍යන්තරයේ ගැටුම්කාරී ප්‍රශ්න ගැන සාකච්ඡා වෙලා නැහැ ?"

"එහෙම ප්‍රශ්න අපි තවම සාකච්ඡාවට අරගෙන නැහැ. ඔය කියන්නේ නායකයා කවුද මෙහෙයවන්නේ කවුද වගේ ප්‍රශ්න නේ.. ඒවා ගැන අපි තාම සාකච්ඡා කරලා නැහැ..."  සාගල කීවේය.

ඔය දෙන්නා දේශපාලන වේදිකාවේ ජීවිත කාලෙම මරා ගත්තා. දැන් කොහොමද අනේ එක ළඟ ඔය විදිහට ගෑවි ගෑවි වාඩිවෙලා ඉන්නේ... 

සමාජ මාධ්‍ය කාරයෙක් දැම්ම හොඳ දුශ්රාවක් සුජීවටයි ගම්මන්පිලටයි දෙන්නටම... මොකද ගම්මන්පිලගේ එක පැත්තක සුජීව අනිත් පැත්තේ සාගල...

“අපේ දේශපාලන එදිරිවාදීකමේ ප්‍රමාණයට වඩා අද මේ රට මුහුණ දීලා තියෙන අර්බුදය පවත්වාගෙන යන, අපි හැමෝගෙම හතුරා පරාජය කිරීමේ අරමුණ බලවත්. ඉතින් යාදෙක නොරත රථ උණත් අපි අද එකතුවෙලා මුලින්ම රට හමුවේ ඉන්න හතුරා පරාජය කරනවා. ඊට පස්සේ අපි අපේ දේශපාලන මාවත තෝරාගන්නවා. හරි සරලයි.” ගම්මන්පිල එහෙම කියනකොට සුජීවත් ඔන්න මරු කතාවක් කිව්වා...

“ඇත්තම කියනවනම් ජීවිතේ පළවෙනි වතාවට මම මෙයාට ගෑවි ගෑවි ඉන්නේ....”

“ඉතින් හිරිකිත නැද්ද...” මාධ්‍යකාරයෝ අහනවා...

“පිස්සුද හිරිකිතයි නෙවෙයි කිතියි. ඇයි ඉතින් පුරුදු නෑනේ...”

“මේක මොකක්ද...! මම විමල් වීරවංසත් එක්ක සාකච්ඡා කරා කිව්වම... සාකච්ඡාවට විමල් මගේ ගෙදරට ඇවිල්ලා මගේ පස්සෙන් ඇතුලට ඒකනකොට අපේ අම්මගේ ඇස් දෙක උඩ ගියා... ඒ තරං එයාටම පුදුමයි... අම්මප මටත් පුදුමයි...”

“එක අතකින් මේ ආණ්ඩුව කරලා තියෙන්නේ හොඳක්... විපක්ෂයේ කැඩිලා බිඳිලා වෙන්වෙලා හිටපු දක්ෂයෝ ටිකක් එකතු කරපු එක...”

“හැබැයි ඒක මේ අරමුණට විතරයි හොඳේ...” ගම්මන්පිල එහෙමත් කිව්වා...

ඔන්න ඔහොම කතාබහ ඉවර වෙලා කට්ටිය එක්ක එකට සාදය...

චානක, සුජීව, ප්‍රසන්න, ගම්මන්පිල, දොලේවත්ත... මේ හැමෝම මාධ්‍යවේදීන් අතරට ඇවිත් සුහද පිළිසඳරේ යෙදුනා. ගම්මන්පිලනං බොන්නේ වතුර විතරනේ. ඒත් කාටවත් බීමට ඉාදා නෑ...

විමල් මේකට නැද්ද කියලා මාතෘකාවක් ආවා.

“එතුම යම්කිසි එකඟතාවක් ඇති කරගන්න අපේ අය එක්ක සාකච්ඡා කරනවා. ප්‍රතිපත්තිමය කරුණු කීපයක් තියෙනවා විසඳගන්න. ඊට පස්සේ බොහෝවිට එයි...” ඒ කිව්වේ ගම්මන්පිල...

“මම කිව්වේ මේකයි බං... බලපන්.. උඹල අපිට ශෝෂල් මීඩියා වලින් හැමදාම නෙලපු කට්ටිය. දැන් බලපං අපිත් එක්ක මේ වෙලාවේ මෙතන කරට අත දාගෙන සෙට් වෙලා ඉන්නේ අපි අද අඳුනගත්ත හින්දා. මම මේ සාකච්ඡාවේදී ඔක්කොටම කලින් කිව්වේ ඔක්කොම දේශපාලන ප්‍රශ්න පැත්තක දාලා ඉස්සෙල්ලා අපි මේ වගේ එකතුවෙලා කමු... බොමු... හඳුනගමු කියලා.”

“ඊට පස්සේ ඔය දේශපාලන ඉදිරිවාදීකන් පවත්තන් යන්න හිතක් නෑ...”

“ඔව් ඉතින්... ඔයා මේ වගේ ආතල් ෆිට් පොරක් කියලා දැන ගත්තටපස්සේ අපි ආයෙත් කවදාවත් ඔයාට ගහන්නේ නෑනේ... එහෙම කිව්වේ එතන හිටිය අද ශෝෂල් මීඩියා එකේ ප්‍රසිද්ධම youtuber කෙනෙක්...


කෙහෙල්බද්දර නන්දෙගේ

වික්‍රමාන්විත මෙහෙයුම්...

පහුගිය බදාදා විමල් වීරවංශ ප්‍රෙස් එකක් තියලා ලොකු හෙළිදරව්වක් කලා...

ඔහු ඉදිරිපත් කළේ වත්මන් මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහට එරෙහි බරපතළ චෝදනා රැසක්... එයා තමන්ගෙම ගෙයක් තමන් යටතේ තියන තියන බැංකුවකට ශාඛාවක් පවත්වාගෙන යන්න කුලියට දීලලු...

එයා කොළඹ තමන්ගේ සුපිරි නිවාසයක් මහ බැංකුවට උපදේශන සේවා සපයන්න ආපු මැලේසියානු නියෝජිත පිරිසකට කුලියට දීලලු. ඒවායින් අයථා මුදල් හම්බ කිරීමක් කරනවාලු...

ඔන්න අපි නෙවෙයි කියන්නේ... විමල් තමයි කියන්නේ...

ඔය කතාවෙන් පස්සේ මාධ්‍යවේදින් ප්‍රශ්න අහන වෙලාවේ විමල්ගෙන් ඔය නුගේගොඩ රැස්වීමේ ප්‍රශ්නෙත් ඇහුවා...

“ඔය සාකච්ඡාවේ මුලදි මමත් හිටියා. හැබැයි මගේ මතය නම් මේ රැස්වීම අපි විපක්ෂයේ පොදු රැස්වීමක් විදිහට කරනවා නම් මේ ආණ්ඩුවටත් මේ ආණ්ඩුව මේ විදියට තල්ලු කරන් යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් බය හිතන විදිය විවේචනයක් ගේන්න ඕන. බාගෙට බය හිතෙන විදිහේ සිල්ලර විවේචනයක් කලොත් අපේ ඒකාබද්ධකමෙනුත් සටනෙනුත් වැඩක් නෑ. එහෙම වේදිකාවක මම නෑ...”

“මහින්ද සුළඟ පටන් ගත්තෙ ඔබයි ගම්මන්පිලයි. අද ගම්මන්පිල එතන. ඔබ මෙතන.”

“මං කිව්වනේ. ප්‍රතිපත්තිමය ස්ථාවරයන් කීපයක් ගැන අපි අතර සාකච්ඡාවක් තියෙනවා. ඒවට ඔවුන් එකඟ නම් මම ඒ වේදිකාවේ ඉඳීවි. ඒවට ඔවුන් එකඟ නැත්නම් මම ඒ වේදිකාවේට නගින එකක් නෑ...”

“මොන වගේ කාරණා පිළිබඳවද..?”

“අයි එම් එෆ් එකේ උගුල් දිගටම පිළිගන්නවද, රණවිරු දඩයමට එකගද, මේ කෙරෙන සංස්කෘතික ප්‍රහාරයට මොකද කරන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටට එකඟද, ඔය ගේන සමරිසි  ප්‍රතිසංස්කරණවලට එකඟද වගේ දේවල්...”

“ඒවට ඔවුනුත් එකඟ නම්, ඔවුනුත් අපේ මතයට එනවනම්. සාකච්ඡාව අප දෙගොල්ලන්ට එකඟතාවෙන් අවසන් කර ගන්න හැකිනම් 21 වන දා මම ඒ වේදිකාවේ කතාවක් කරාවි....”

එහෙම කියලා විමල් ඒ කතාව අවසන් කලා...

නෙළුම් මාවතේ 

මල් පාත්තියක්...

පහුගිය සෙනසුරාදා නෙළුම් මාවත කාර්යාලය මල් පාත්තියක් වගේ වෙලා තිබුණා..

අර මොකද ඒ. සාගර ලේකම්තුමා මල් පැළ වෙන්දේසියක්වත් දාලද...? එහෙම කිව්වම සමහරු අහයි.

නෑ නෑ... නාමල් මන්ත්‍රීතුමා සමග සාකච්ඡාවකට තරුණ ගෑනු ළමයි ගොඩාක් ඇවිත් හිටියා. ගෑණු ළමයි කොහොමත් මල් වගේනෙ...

ඔන්න ඉතින් සාකච්ඡාව පටන් ගත්තේ සාගර ලේකම්තුමා. 

හැබැයි දේශන බෑ. මේ ළමයි ඔක්කොම උගත් අය. එක්කෝම් විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරනවා. නැත්නම් පිටරට විශ්වවිද්‍යාලවල. මොකටද ඉතින් දේශන කියලා සාගරත් මුල පිරුවේ සාකච්ඡාවට...

“මම ඕගොල්ලන්ට කතා පවත්වන්නේ නෑ. හැබැයි මම ආසයි ඕගොල්ලොන්ගේ කතාඅහන්න.” එහෙම කිව්වේ නාමල්...
ලස්සන ගෑණු ළමයින්ගෙන් තොර තෝන්චියක් නැතිව ප්‍රශ්න...

“කොහොමද රට හදන්න ආයෝජකයෝ ගෙන්න ගන්නේ. ඒක නේද ආර්ථිකයට තියෙන ලොකුම ප්‍රශ්නේ...”

“ඇත්තෙන්ම අපේ කාලෙන් පස්සේ මේ රටට ආපු කිසිම ආයෝජකයෙක් නෑ... ව්‍යාපාරයක් කරන්න මේ රටට ඇවිල්ලා මෙහේ ආයතන වල regulation ටික දැක්කම ආයෝජකයො දුවනවා.  මම කියන්නේ රට දියුණු කරන රටට ආයෝජකයෝ ගේන්න නම් ඔක්කොටම කලින් අනවශ්‍ය regulation අයින් කරන්න ඕන...”

“ඔබතුමාට පාර්ලිමේන්තුවේ ගොඩක් අභියෝග එනවා නේද...  බය හිතෙන්නේ නැද්ද..?”

කොළඹ සරසවියේ සිසුවියක් අහපු ඒ ප්‍රශ්නෙට නාමල් හිනාවුනත් උත්තර දුන්නෙ සංජීව ඉදිරිමාන්න...

“ඔයගොල්ල දන්නවද කැලේ ලොක්ම සතා අලියා, ශක්තිමත්ම සතා රයිනෝ, උසම සතා ජිරාෆ් වෙද්දීත් සිංහයා කැලේ නායකයා වුනේ කොහොමද කියලා...?”

සංජීව වට පිට බැලුවත් ලස්සන මූණු වල හිනාව ඇරෙන්න උත්තර නෑ...

“සිංහයා නායකයා වුණේ ඕනෑම සතෙකුගේ අභියෝගයකට සිංහයා බය නැති නිසා. 
අපි ජාතික සංවිධායකතුමාගේත් ශක්තිය තමයි අභියෝගවලට බය නැතිකම...”
එහෙම කියනකොට මල් පාත්තියෙන් ලොකු අප්පුඩි සද්දයක් ඇහුණා කියලත් කියනවා.

නුගේගොඩ රැළිය ගැන

සජිත් ගත්තු තීණ්දුව...

පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ සජිත් ප්‍රේමදාස 21 දා නුගේගොඩ රැළියට සහභාගි නොවී සිටීමට ගෙන ඇතැයි කියන එක තීන්දුව ගැන සාකච්ඡාවක් ඇති වුණා. ඒක වුණේ මල්පාරේ රනිල්ගේ කාරියාලේ....

“මේ රැළිය යෝජනා කලේත් සමග ජන බලවේගය. දැන් නායකයා මගහරිනවා... මේක ඇතුලේ නම් මොකක් හරි දෙයක් තියෙනවා...”

“නායකයා එන්නේ නෑ කියලා කිව්වට විපක්ෂයේ සමගි ජන බලවේගයේ ඉන්න ගොඩක් මන්ත්‍රීවරු බලාගෙන ඉන්නේ මේ වේදිකාවට නගින්නේ කවද්ද කියලා.” 

“අපට නම් ආරංචි ආණ්ඩුවේ ලොක්කෙත් කතා කරලා විපක්ෂ නායකව බය කරලාලු... එයාට විරුද්ධව තියෙන නඩුව කැඳවනවා කියලා...”

“මොකක්ද තියෙන නඩුව...”

“නඩු එකක් නෙවෙයි. කීපයක්ම හදාගන්න ආණ්ඩුවට බැරිකමක් නෑ. විපක්ෂ නායක නායකතුමා ඇමති වෙලා ඉන්න කාලේ එතුමගේ නෝනගෙ බියුටි පාලර් එකකට අහේතුකව  අමාත්‍යාංශයෙන් යම් වියදමක් කළා කියලා තමයි කතාව යන්නේ...”

“හැබැයි ඕවා තාම සැක විතරනේ. පැමිණිල්ලකින් උසාවියට ඇවිත් නැති කාරණාවන් ගැන ඕපදූප කියන්න නරකයි...” එතන සිටි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්  කතා බහ කරමින් සිටි  රනිල්ගේ flower රෝඩ් කාර්යාලයේ නිලධාරීන් කීප දෙනෙකුට අවර්වාද කළේ එසේය.

අනතුරුව කතා බහ වෙනස් අතකට පෙරළී ගියේය. දිනිත් චින්තක කරුණාරත්න ඇතුළු කිහිප දෙනෙක්ම එසේ කතාබහ කරමින් සිටින තැනට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණියේය... ඉන්පසුව කතාව ඇදුනේ රනිල්ගේ නඩුව ගැනය...

"මගේ නඩුව හරියට කරලා නෑ කියලා ලොක්කා පොලිසියට දොස් කිව්වා කියලත් ආරංචියි...”  රනිල් සිනහ වෙමින් කීවේය...

"ඒ වෙලාවේ පොලිසිය කියලා තියෙනවා ඇමතිතුමා කියපු විදියට තමයි අපි වැඩ කරලා තියෙන්නේ කියලා..."

“ආයෝජනවලට දෙන්න තියෙන ගෙවල් ටිකේ දැන් මහාධිකරණ පිහිටුවන්නේ යනවා කියලත් කතාවක් යනවා... වෙන මොනව කරන්නද.. කවුරුවත් ගන්නේ නැතිකොට..”

“ඕවයි හිටියේ ඇමතිවරු. ඇමති නිවාස ටික කෝටි ගණන් ආයෝජනවලට දෙනවා කියලා තමයි කිව්වේ. දැන් ඔන්න උසාවි හතරකට දෙන්න තීරණය කරලා”

“විජේරාමේ ගෙදර උසාවියක් දැම්මොත් හොඳට තියෙයි. ඊට පස්සේ ඔතන විශේෂයෙන්ම ටුැපික් එකක් නිර්මාණය වෙනවා. පාසැළුත් ගණනාවක්ම තියෙන හින්දා හොඳ වැඩක් වෙයි...”

"ගමේ තියනව නේද “අටුව කඩලා පුටුව හදනවා” කියලා කතාවක්... අන්න ඒ වගේ තමයි මේ ගොල්ලන්ගේ වැඩ..." කියමින් රනිල් හයියෙන් හිනාවක් දැම්මේය.

මේ අතර පහුගිය සතියේ දිනක මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් හා සුජීව සේනසිංහ කතාබහ කරමින් සිටින අතරතුර මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් විමසා සිටියේය...

“දැන් එතකොට නුගේගොඩ රැස්වීමට ඔබතුමාලගේ සහභාගිත්වය නැතිවෙයි..”

“ඒ මොකෝ... කවුද එහෙම කියන්නේ?...”

“ඔන්න දැන් කතාවක් යනවා ආණ්ඩුවේ ලොක්කෙක් ඔයගොල්ලන්ගේ ලොක්කව බය කරල තියෙනවලු නඩුවක් දානවා කියලා...”

“බයවෙන්න එයාා බබාද... අනේ මේ නිකන් ඉන්න.  ඔය කතාව ආණ්ඩුවෙන්ම ප්ලාන්ට් කරලා යවන එකක්. මුල ඉදලම අපේ පක්ෂයේ ප්ලෑන් එක තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්තයා රැලියට සහභාගි නොවෙන්න.  එතුමා ඒ වෙනුවට පක්ෂය නියෝජනය කරලා මට සහභාගී වෙන්න කියලා අවසර දීලයි තියෙන්නේ. තව සමහර විට රංජිත් මද්දුම්බණ්ඩාර හර්ෂණ රාජකරුණා වගේ කීපදෙනකුත් පක්ෂය වෙනුවෙන් සහභාගී වෙනවා. ඒක තමයි පක්ෂයේ තීන්දුව...” සුජීව කිව්වා.

කොළඹ ලියන්නා

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0