නව අතරමැදි ව්‍යාපාරික ජාලයකට වාසි ලොකුලූණු ගොවියා පොළවටම හාන්සි
'ඉන්න හිතෙන රටක්' සාදා දීමට පැමිණි ආණ්ඩුව, මේ වන විට අනුරාධපුර, මාතලේ හා පොළොන්නරු දිස්ත්‍රික්ක තුනට කේන්ද්‍ර වී ඇති “ලොකුලූණු වගාව නැත්තටම නැතිකර”, ලූණු ගොවියා පොළොවේ පස් කන මට්ටමට පත් කර ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පෙන්වා දුන්නාය. කොමිස් මුදල් මත භාණ්ඩ ආනයනය කර බෙදාහරින, අලුත්ම අතරමැදි ව්‍යාපාරික පන්තියකට සාදා ඇති මේ රජය ඔවුන්ට වාසි සැලසෙන ලෙස ආහාර ද්‍රව්‍ය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා දේශීය ගොවියාට යන එන මං නැති වී ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
නව අතරමැදි ව්‍යාපාරික ජාලයකට වාසි
ලොකුලූණු ගොවියා පොළවටම හාන්සි
මන්ත්‍රිනී රෝහිණී කවිරත්න කියයි
'ඉන්න හිතෙන රටක්' සාදා දීමට පැමිණි ආණ්ඩුව, මේ වන විට අනුරාධපුර, මාතලේ හා පොළොන්නරු දිස්ත්‍රික්ක තුනට කේන්ද්‍ර වී ඇති “ලොකුලූණු වගාව නැත්තටම නැතිකර”, ලූණු ගොවියා පොළොවේ පස් කන මට්ටමට පත් කර ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පෙන්වා දුන්නාය. කොමිස් මුදල් මත භාණ්ඩ ආනයනය කර බෙදාහරින, අලුත්ම අතරමැදි ව්‍යාපාරික පන්තියකට සාදා ඇති මේ රජය ඔවුන්ට වාසි සැලසෙන ලෙස ආහාර ද්‍රව්‍ය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා දේශීය ගොවියාට යන එන මං නැති වී ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මාතලේ පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ප්‍රකාශ කළේ, මාතලේ, අනුරාධපුර හා පොළොන්නරුවේ බී ළුණු ගොවියා අන්ත අසරණ කරමින් බී ළුණු මිලදී නොගන්නා තත්වයට පත්වී තිබෙන බවයි. මෙයට හේතුව වී ඇත්තේ, බී ළුණු අස්වනු නෙලීමට පෙර සෑම වසරකම රජය විසින් පනවනු ලබන විශේෂ ආනයන බද්ද, නිසි වේලාවට පැණවීමට වෙළඳ හා මුදල් අමාත්‍යාංශ මැදිහත් නොවීමයි.
2024 වසරේ මුල් මාස අට (8) තුළ මෙට්‍රික් ටොන් 73,332 ක් වූ ලොකු ළුණු ආනයනය, 2025 වසරේ මුල් මාස අට තුළ මෙට්‍රික් ටොන් 144,551 දක්වා “දෙගුණයකින්” ඉහළ ගොස් තිබේ. ගිය වසරට වඩා දෙගුණයක් බී ළුණු ගෙන්වනකල් ආණ්ඩුව නිකන් බලාගෙන සිටි බවත්, තවත් මාස 7 කට සෑහෙන ලොකු ළුණු තොග දැන් ලංකාවේ ඇති නිසා ගොවියාගේ අස්වැන්න මිලදී නොගෙන කුණු වී පැලවී යන තත්වයක් උදා වී ඇති බවත් මන්ත්‍රිනීවරිය කීවාය.
එපමණක් නොව, සීනි ආනයනය ද සීමාව ඉක්මවා ගොස් ඇත. 2025 මුල් මාස හයේ දී සීනි මෙට්‍රික්ටොන් 343,416 ක් ආනයනය කර ඇති අතර, 2024 මුල් මාස හයේ දී ආනයනය කර තිබුණේ මෙට්‍රික්ටොන් 223,144 ක් පමණි. මේ අනුව ආහාර ආනයන ව්‍යාපාරයට අලුතෙන් පැමිණි ආයෝජකයින් 2025 වසරේ ගිය වසරට වඩා සීනි මෙට්‍රික්ටොන් 120,272 ක් ආනයන කර තිබේ. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ඇඹිලිපිටියේ සිට සෙවනගල, ඇතිමලේ, අම්පාර දක්වා උක් ගොවියාට සිය නිෂ්පාදන අලෙවි කර ගන්නට බැරිවීමයි. දුඹුරු සීනි විකුණා ගන්න බැරුව ගොඩ ගහලා තියෙද්දී තමයි, ගිය වසරට වැඩිය ටොන් 120,272 ක් ආනයනය කරනකල් ආණ්ඩුව බලාගෙන සිටියේ යැයි ඇය චෝදනා කළාය. ගිය ආණ්ඩුවේ සීනි බදු වංචාව පවා මේ අලුත් ජාවාරමට පරාද බව මන්ත්‍රිනීවරියගේ අදහස විය.
තවද, වැලිමඩ - නුවරඑළිය අර්තාපල් අස්වනු නෙලීම ආරම්භ වන තුරු මෙරට රජය විශේෂ ආනයන බද්ද පැනවූවේ නැත. අද, කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ අල මිල රු. 170 ක් වුවත්, මිලදී ගැනීමට වෙළෙන්දන් නැති නිසා රසම රස දේශීය අර්තාපල් අස්වැන්න විනාශය කරා යන බවත්, පාරිභෝගිකයා ආනයනික ජරාව කන බවත් ඇය අවධාරණය කළාය. මුලතීව්, කිලිනොච්චි, වව්නියා, මොණරාගල, හම්බන්තොට උඳු අස්වැන්න නෙළන විට විදේශ ආනයන වෙළඳපොළට එන තැනට කටයුතු කර උඳු ගොවීන්ද විනාශයට ගෙනැවිත් තිබේ.
මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය අවසාන වශයෙන් පෙන්වා දුන්නේ, මේ තොග ආනයනය කර ඇත්තේ කොළඹ පිටකොටුවේ හෝ දඹුල්ලේ සාම්ප්‍රදායික ආහාර ආනයනකරුවන් නොව, මේ අවුරුද්දේ කොමිස් පදනම මත ව්‍යාපාරයට පිවිසි 'නව අතරමැදියන්' පිරිසක් බවයි. රජය ඔවුන්ට අවශ්‍ය ලෙස ආහාර ආනයන ප්‍රතිපත්තිය වෙනස් කරමින් බදු අඩු - වැඩි කරන බවත්, මෙම නව අතරමැදි ව්‍යාපාරික පන්තියට පමණක් රජයේ ආහාර බදු පැනවීම ගැන තොරතුරු රහසිගතව ලැබෙන බවත් ඇය සඳහන් කළාය. ඔවුන් අධික ලාභ ලැබීමට සීමාවක් නැතිව ලොකු ළුණු, සීනි, අර්තාපල්, උඳු ගෙන්වන නිසා දේශීය ගොවියා වලපල්ලට යන බව කී මන්ත්‍රිනීවරිය, මේ අර්බුදය ආණ්ඩුවේ බලධාරින් සිතා මතා ආර්ථික වාසි ලැබීමට සිදු කළ උප්පරවැට්ටියක් සහ නව අතරමැදි ව්‍යාපාරක පන්තියක් හදන්න කරපු ජාවාරමක් බවට චෝදනා කළාය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

