ශ්‍රී ලංකා - චීන තරුණ සහයෝගීතාව ශක්තිමත් කෙරේ

“පොදු අනාගත ලොවක තරුණ සහයෝගීතාව ශක්තිමත් කරමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා - චීන සංස්කෘතික, අධ්‍යාපන, මාධ්‍ය හා තරුණ හුවමාරු වැඩසටහනක් පසුගිය 31 වැනිදා මහරගම තරුණ මධ්‍යස්ථානයේදී අති සාර්ථකව පැවැත්විණි. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය, තරුණ කටයුතු අමාත්‍යංශය සහ ජාතික තරුණ සේවා සභාවේ සහයෝගීත්වයෙන් සංවිධානය වූ මෙම වැඩසටහනට මාධ්‍යවේදීන්, විද්වතුන් මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන් ඇතුළු 500කට අධික පිරිසක් සහභාගී වූහ.

Nov 2, 2025 - 00:40
 19

විවිධ අංශ ආවරණය වූ වැඩසටහනේදී චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ මාධ්‍යවේදිනියන් සමඟ එක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් අදහස් හුවමාරු කර ගත්හ. මෙම සජීවී විකාශය විශාල පිරිසකගේ අවධානය ආකර්ෂණය කර ගත් අතර, එය තරුණයන්ට විශේෂ අත්දැකීමක් ලබා දුන්නේය.

උත්සවයේදී චීන ආහාර රස බැලීම, චීන විලාසිතා ප්‍රදර්ශන, චීන කලා නිර්මාණ පිළිබඳ අත්දැකීම් මෙන්ම චීනයේ අධ්‍යාපනික අවස්ථා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරිණි. තරුණ තරුණියෝ අනාගත ලෝකයේ පොදු ගමනක බලාපොරොත්තු පිළිබඳ සිය අදහස්ද ඉදිරිපත් කළහ.

තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති දිනිඳු සමන් කුමාර (Mr. Dinindu Saman Kumara), ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න සහ අධ්‍යක්ෂ පාලන මනුල චමල් ෙපෙර්රා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීම සංවිධානය විය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා -චීන තරුණ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මංපෙත් සලසන බවට සහභාගිකයන් විවිධ අයුරින් අදහස් පළ කර සිටියහ.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0