එ ජා පය සමග සෙට්වෙන්න සජිත් ලෑස්තිද..!
සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, ''එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට'' දේශපාලනික ලෙස ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, ''එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට'' දේශපාලනික ලෙස ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව සමගි ජන බලවේගය අද (09) දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බව සඳහන් වේ.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්න ගැටලුවලට, විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන්නට තම කණ්ඩායම එකග වූ බවයි.
ජනතාවට අප්‍රමාණ ලෙස බොරු කියමින් බලයට පත් වූ වර්තමාන රජය මේ වන විට ගෙන යමින් තිබෙන වැඩපිළිවෙළ අනුව බලන විට, ඔවුන් ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ''බෙරපදයට නටමින්'' සිටින බව සමගි ජන බලවේගයේ මතයයි. ජනතාව වෙනුවෙන් මේ රටට අහිතකර වූ'' විදේශීය ආයතනවල නූල් රූකඩ වලින් නැටවෙන රූකඩ ආණ්ඩුව'' පරාජයට පත් කර ''පොදු ජනතාවගේ අභිලාෂයන් රජ කරවන ආණ්ඩුවක්'' ඉදිරියේදී පිහිටවීමට නම් විපක්ෂයේ පුළුල් ඒකමතියක් සහිතත් ''සමගියෙන් යුතු එක්සත් ආණ්ඩුවක්'' පිහිටුවා ගත යුතු බව සජිත් අදහස් කරයි.
කෙසේ වෙතත් මින් පෙරද අවස්ථා ගණනාවකදීම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව යන ගමනක් ගැන විවිධ දේශපාලන කතිකාවත් ගොඩ නැගුනද බොහෝවිට ඒවා පළ නොදැරූ දේශපාලන ආරංචි මාර්ග පමණක් විය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

