2026 විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් මුදල් අමාත්‍යංශයට...
2025 වසරේ ජනාධිපති වැය ශීර්ෂයට වඩාත් තුන් ගුණයකින් වැඩි වූ 2026 අයවැය යෝජනාවන්හි (විසර්ජන පනත් කෙටුම්පත, 2026) වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල්, ක්‍රමසාම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට බව රජයේ අභ්‍යන්තර මූල්‍ය කටයුතු ආරංචි මාර්ග පවසයි. එම මුදල රුපියල් බිලියන 634ක් බව වාර්තා වේ.
2026 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. මුදල් අමැතිවරයාද වන ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ වන විට විදේශගතව සිටි බැවින් විසර්ජන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ වැඩබලන මුදල් අමාත්‍යවරයා වන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධනන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසිනි.
එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව කැපී පෙනෙන විශේෂ කරුණක් වන්නේ 2025 වසරේ රුපියල් බිලියන 2.9ක් ව පැවති ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මෙම වසරේ රුපියල් බිලියන 11.37ක් දක්වා සැලකිය යුතු අගයකින් ඉහල නැගී තිබීමයි.
ජනාධිපති වැය ශීර්ෂයෙහි තත්ත්වය එසේ වුවත් 2025 වර්ෂය සමඟ 2026 වසරේ විසර්ජන පනත් කෙටුම්පත සංසන්දනය කර බලද්දි පෙනී යන පොදු කාරණාව මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම ප්‍රවාහන, වාරිමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වැනි කීපයක පමණක් 2025 වර්ෂයට සාපේක්ෂව මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙහි වෙන් කළ මුදල් සැලකිය යුත් ප්‍රමාණයක අඩුවීමක් දක්නට ලැබෙන බවයි .
22026 වසරේ වැඩිම වැය ශීර්ෂ ඉදිරිපත් කර ඇති අමාත්‍යාංශ පහක් පිළිවෙලින් මෙසේය. යෝජිත වැය ගණන් 2025 වර්ෂය සමග සංසන්දනය කර ඇත.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
2026 බිලියන 634.78
2025 බිලියන 714.1
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය.
2026 බිලියන 596
2025 බිලියන 496.5
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.
2026 බිලියන 555
2025 බිලියන 508.5
ආරක්ෂක අමාත්‍යාංශය.
2026 බිලියන 455
2025 බිලියන 442
ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය.
2026 බිලියන 446
2025 බිලියන 473.4
කෙසේ වෙතත් 2026 වසරේ විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමෙන් පසු ඉදිරියේදී සම්මත වීමට නියමිතය. අයවැයෙහි මෙම අගයන් එම සම්මත වන අවස්ථාවේදී යම් යම් සංශෝධනවලට ලක් වියහැකිය. එබැවින් මෙහි ඉදිරි වසර සඳහා යෝජිත අගයන් කිසිලෙසකත් අවසාන අගයන් නොවන බව සැලකිල්ලට ගත යුතුය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

