දරුවන්ට පරිපූර්ණ ළමා ලෝකයක් සහිත පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්.

ජනගහනයෙන් 31%කට ආසන්න ළමා පරපුරක් සිටින රටක, දරුවන් වෙනුවෙන් ඉටු කරන්නට සුවිශේෂී වගකීමක් හා කාර්යභාරයක් රජය වෙත පැවැරී ඇතැයි කියමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අදට (01) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කොට ඇත.

Oct 2, 2025 - 17:40
 4
දරුවන්ට පරිපූර්ණ ළමා ලෝකයක් සහිත පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්.

ලෝක ළමා දිනයට සුබ පතමින් අගමැතිනිය පවසයි

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට" යන්න තේමා කරගනිමින් සමරන ලෝක ළමාදිනය වෙනුවෙන් අගමැතිනිය මෙම සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් එම තේමාවේ අභියෝගය හා වගකීම රජය මැනවින් තේරුම්ගෙන ඇතැයි දන්වා සිටියාය. 
දරුවන් කුමන පසුබිමක කුමන තත්ත්වයක් යටතේ ජීවත් වුවද සියලුම දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුර කරමින් කිසිදු දරුවෙකු අත නොහැර, ආර්ථික සමාජයීය හා මානසික සුරක්ෂිතතාවය මෙන්ම දරුවන්ට හිතකාමී පරිසරයක ජීවත්වීමේ අවස්ථාව උදාකර දෙමින්, ඔවුන් දැනුමෙන් පරිපූර්ණ කිරීමේ කාර්යභාරය දැනටමත් රජය ආරම්භ කර ඇතැයි අගමැතිනිය  සඳහන් කර ඇත්තේය.


වැඩිහිටියන්ගේ ආරක්ෂාව සුරක්ෂාව මෙන්ම ඔවුන් රැකබලා ගැනීමේ කටයුතු රජය සිදුකරන අතරම දරුවන් වෙනුවෙන්ද පරිපූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවණීය සමාජ ජීවිතයක් ගත කිරීමට පැවැසි පරිසරය උදා කරන්නට උපරිමයෙන් කැපවෙන බව අගමැතිනිය සිය නිවේදනය මගින් දන්වා සිටියි.


නිදහස් හා සාමකාමී පරිසරයක ජීවත් වන සහකම්පනයෙන් පිරි දරුවකු බිහි කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුව බව අගමැතිනිය මෙහි අවධාරණය කර ඇත. එමෙන්ම ළමා ශ්‍රම සූරාකෑම, ළමා හිංසනය, අහිතකර පීඩනය, ආතතිය නැති කිරීම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අගමැතිනිය නිවේදනය මගින් පන්වා දී ඇත.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0