ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සියදිවි නසාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඒ මහතාගේ මරණය සිදුව ඇත්තේ ඔහුට එරෙහිව අධිකරණය දැඩි තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබියදීය.

May 8, 2026 - 09:49
 120
ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී?

ශ්‍රී ලංකන් හිටපු CEO

කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී? 

ඇප අවලංගු වී පැය කිහිපයකින් පසු

සැකකටයුතු මරණයක්!

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සියදිවි නසාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඒ මහතාගේ මරණය සිදුව ඇත්තේ ඔහුට එරෙහිව අධිකරණය දැඩි තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබියදීය.

ඇප අවලංගු කර අත්අඩංගුවට ගැනීමට නියෝග

පසුගිය මැයි 05 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් කපිල චන්ද්‍රසේන මහතාට ඇප නියම කර තිබුණද, ඊයේ (07) එම ඇප නියෝගය අවලංගු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවයි. රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප දෙකක් සඳහා ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර තිබුණේ අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන්ට රුපියල් 15,000 බැගින් මුදල් ලබාදී කුලියට ඇපකරුවන් ලෙස ගෙන්වාගෙන ඇති බවත්, ඒ හරහා 1997 අංක 30 දරණ ඇප පනත සහ දූෂණ විරෝධී පනත උල්ලංඝනය කර ඇති බවත් අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

අදාළ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, කපිල චන්ද්‍රසේන වහාම අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබිණි.

චෝදනා පසුබිම

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත කපිල චන්ද්‍රසේන මහතා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබියදී ඔහුගේ මෙම හදිසි අභාවය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0