හෙව්වේ අයිස් - හමුවුනේ හැකරුන්...

කොල්ලුපිටිය පිහිටි අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට කොල්ලුපිටිය පොලිසියේ ස්නාධිපති ලලිත් සිලෝගම මහතාට ලද තොරතුරක් මත කොල්ලුපිටිය පොලිසිය අපරාධ අංශය සහ දූෂණ මර්ධන ඒකකය ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව වීසා කොන්දේසි කඩකරමින් මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචා සිදුකරන වියට්නාම් ජාතික සයිබර් අපරාධකරුවන් කල්ලියක් කොටුකර ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වී ඇත.

May 7, 2026 - 23:36
 39
හෙව්වේ අයිස් - හමුවුනේ හැකරුන්...

හෙව්වේ අයිස්

හමුවුනේ හැකරුන්...

සයිබර් අපරාධකරුවන් ලෙස

හදුනාගත් වියට්නාම් 74ක් රිමාන්ඩ්.

කොල්ලුපිටිය පිහිටි අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට කොල්ලුපිටිය පොලිසියේ ස්නාධිපති ලලිත් සිලෝගම මහතාට ලද තොරතුරක් මත කොල්ලුපිටිය පොලිසිය අපරාධ අංශය සහ  දූෂණ මර්ධන ඒකකය ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව වීසා කොන්දේසි කඩකරමින් මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචා සිදුකරන වියට්නාම් ජාතික සයිබර් අපරාධකරුවන් කල්ලියක් කොටුකර ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වී ඇත.

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට සහ වීසා කොන්දේසි උල්ලංගනය කළ බවට කොල්ලුපිටිය පොලිසිය ඊයේ (6) අත්අඩංගුවට ගත් වියට්නාම ජාතිකයන් 74 දෙනා බන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (7) නියෝග කළේය.

කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වියට්නාම ජාතිකයින් අතර සැකකරුවන් 41 දෙනෙකු සහ සැකකාරියන් 33 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පොලිස් නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයේ වැටලීමක් සිදුකර මෙම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් පරිඝණකවල කටයුතු සිදු කරමින් සිටි බවත් එක්වරම ඔවුන් භාවිතා කරමින් සිටි පරිගණක සියල්ල අක්‍රිය වූ බවත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

එහිදී එම ගොඩනැගිල්ලට පොලිස් ආරක්ෂාව යොදා ඇද්දැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේය. කිසිදු ආරක්ෂාවක් නොමැතිව එම ගොඩනැගිල්ල  වසා දමා ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. මෙම ස්ථානය පරීක්ෂා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

 එසේම මොවුන් පරිගණක දත්ත විශ්ලේෂකවරුන් ලෙස දන්වා හැඳුනුම්පත් නිකුත් කර ඇති අතර  විමර්ශන කිරීමේදී ඔවුන් පැමිණ ඇත්තේ “සංචාරක වීසා” මත බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සියලු සැකකරුවන් “VIB” නම් හැදුනුම් පතක් පැළඳ සිටි බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ඔවුන්ගේ විදේශ රටවල කිසිදු ලිපිනයක් හෝ කිසිදු තොරතුරක් ප්‍රකාශ නොකරන බව කියා සිටි පොලිසිය වැඩිදුරටත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව දන්වා සිටියේය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0