‘Rebuilding Sri Lanka’ අරමුදලට Symphony Orchestra of Sri Lanka වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Symphony Orchestra of Sri Lanka සංවිධානය විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන ලදී.
‘Rebuilding Sri Lanka’ අරමුදලට
Symphony Orchestra of Sri Lanka
වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Symphony Orchestra of Sri Lanka සංවිධානය විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ඊට අදාළ චෙක්පත එහි සභාපතිනි ශර්මිනි වෙත්තිමුනි මහත්මිය විසින් ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත භාර දෙන ලදී.
කොළඹ කාන්තා විද්‍යාල ශාලාවේ පැවැත්වූ SOSL Christmas Concert ප්‍රසංගයෙන් ලද ආදායමෙන්, Symphony Orchestra of Sri Lanka සංවිධානයේ සහයෝගිතාකරුවන් වන කොළඹ කාන්තා විද්‍යාලය, Unique Sounds සහ Designs by Paala ආයතන ඒකාබද්ධව මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.
Symphony Orchestra of Sri Lankaහි නියෝමාල් වීරකෝන් සහ නිශාන්ත වර්ණකුලසූරිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0