නිරුවත් කළ සේවිකාවට වන්දිය ලක්ෂ පහක්...
තම දරුවන් බලා ගැනීමට පැමිණි සේවිකාවක් නිරුවත් කර, වීඩියෝ ගත කරමින් එම වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ යැයි චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙක්, අගතියට පත් එම කාන්තාවට මුදලක් ගෙවමින් සිද්ධිය සමථයකට පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටින බව මාධ්‍යයට වාර්තා වී තිබේ.
නිරුවත් කළ සේවිකාවට
වන්දිය ලක්ෂ පහක්..!
නඩුකරය සමථයකට පත් කර ගැනීමට
ව්‍යාපාරිකයාගේ පාර්ශවයෙන් උත්සාහයක්...
තම දරුවන් බලා ගැනීමට පැමිණි සේවිකාවක් නිරුවත් කර, වීඩියෝ ගත කරමින් එම වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ යැයි චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙක්, අගතියට පත් එම කාන්තාවට මුදලක් ගෙවමින් සිද්ධිය සමථයකට පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටින බව මාධ්‍යයට වාර්තා වී තිබේ.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ශෂ්නි කමාර්ඩීන් (Shzni Kamardeena) නැමැති මෙම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා “ප්‍රස්ටීජ් රබර්ස් ප්‍රයිවට් ලිමිටඩ්” (Prestige Rubbers (Pvt) Ltd) ආයතනයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරයි.
උක්ත චෝදනාවට ලක්ව ඔහුට ඒ සඳහා අනුබල දුන්නා යැයි කියන ඇහැලියගොඩ මොහොමඩ් රසීඩ් හා මොහොමඩ් හනිෆා යන සැකකරුවන් දෙදෙනාද සමග දැනට ඇප මත මුදා හැර සිටින ප්‍රධාන සැකකාර ශෂ්නි කමාර්ඩීන් පසුගිය 19 වන දා යළි කොළඹ අංක 6 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාවට මහේස්ත්‍රාත්වරයා විසින් දන්වා ඇත...
එහෙත් එම අවස්ථාව වන විට අදාළ සිද්ධිය සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි. කාන්තාවට ලක්ෂ 5ක මුදලක් වන්දි ලෙස ගෙවා මෙම සිද්ධිය බේරුම් කර ගැනීමට තවත් පාර්ශවයක් කටයුතු කරමින් සිටින බව හෙළිවී ඇතත් තවමත් එම ආරංචි මාර්ගය සනාථ වී නැතැයි අනිත් පසින් වාර්තා වේ...
කෙසේ වෙතත් මේ නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාවේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ෆොන්සේකා මහත්මිය පෙනී එදින අධිකරණයේ පෙනී සිටියේය. සැකකාර ව්‍යාපාරිකයා තම දරුවන් බලා ගත් සේවිකාවට මරණීය තර්ජනය කළ අමානුෂික ලිංගික හිංසන සිදුකර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු නිමවා තිබුණේ ළමා හා කාන්තා අපරෝජන නිවාරණ හා විමර්ශන දිසාවයි...
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ වුවත් සිද්ධියට අදාළ පැමිණිල්ල පොලිසිය වෙත ලැබී ඇත්තේ මාස දෙකකට පසුවය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශකා කුමාරි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පරීක්ෂණ සිදු වූඅතර සැකකරු සැලකිය යුතු කාලයක් පොලිසියට කට්ටි පනිමින් සිට ජනවාරි 18 වරදා හික්කඩුව ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී අත්අඩංගුවට පත් වී ඇත. එහිදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන්නට නියෝග කර ඇත.
පසුව සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් වී ප්‍රධාන සැකකරුවා දැනට මුල්ලේරියාව රෝහලෙන් මානසික ප්‍රතිකාර ලබන රෝගියෙකු බවත්, එසේ වෙතත් ඔහු කුඩා දරුවන් දෙදෙනකුගේ පියෙකු බවත් කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකරුගේ මානසික තත්ත්වය හා දරුවන්ගේ රැකවරණය සලකා මුදල් ඇප ශරීර ඇප හා දැඩි කොන්දේසි මත සැකකරුවන් නිදහස් කරන්නට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාච්චි මහතා පසුගිය පෙබරවාරි 2 දා නියෝග කළේය...
ඒ අනුව පසුගිය 19 වනදා කොළඹ මහේස්ත්‍රත් අධිකරණය වෙත සැකකරුවන් ඉදිරිපත් වූ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු ශෂ්නි කමාර්ඩීන් ප්‍රමුඛ සැකකරුවන් තිදෙනා වෙත චෝදනා ගොනු කරන මෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන අංශය වෙත දන්වමින් සැකකරුවන් ලබන 26 වනදා යළි කැඳවන්නයි නියෝග කරනු ලැබීය...
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

