පොහොර හිගයකට වෙළෙන්දන් සැරසෙයි...
ලෝක යුධමය ප්‍රවණතා වර්ධනය වීම හේතුවෙන් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ යළිත් වරක් දැවැන්ත පොහොර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත්, ජාවාරම්කරුවන් මේ වන විටත් පොහොර තොග සඟවමින් සිටින බවත් ගොවිජන පවුර සංවිධානය පවසයි. දැනටමත් ජාත්‍යන්තර නැව් ගමනාගමනය අනතුරේ වැටී ඇති බැවින් ඉදිරියේදී ලංකාවට පොහොර ගෙන ඒමේ ක්‍රියාවලිය ඇනහිටිනු ඇතැයි ඔවුහු පවසති.
පොහොර හිගයකට
වෙළෙන්දන් සැරසෙයි...
ජාවාරම්කරුවන් පොහොර සඟවද්දී රජය නිහඬයි
– ගොවිජන පවුර අනතුරු අඟවයි.
කාලීන ප්‍රවෘත්ති අංශය.
ලෝක යුධමය ප්‍රවණතා වර්ධනය වීම හේතුවෙන් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ යළිත් වරක් දැවැන්ත පොහොර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත්, ජාවාරම්කරුවන් මේ වන විටත් පොහොර තොග සඟවමින් සිටින බවත් ගොවිජන පවුර සංවිධානය පවසයි. දැනටමත් ජාත්‍යන්තර නැව් ගමනාගමනය අනතුරේ වැටී ඇති බැවින් ඉදිරියේදී ලංකාවට පොහොර ගෙන ඒමේ ක්‍රියාවලිය ඇනහිටිනු ඇතැයි ඔවුහු පවසති.
එම සංවිධානයේ කැඳවුම්කරු “නලින්ද සේනාරත්න මහතා” මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේ, රජය වහා මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී ගොවීන්ට පොහොර “හුන්ඩුවක්වත්” සොයා ගැනීමට නොහැකි වනු ඇති බවයි.
කෘතිම හිඟයක් සහ මාෆියාවක්
පොහොර සමාගම් සතු තොග දිස්ත්‍රික් මට්ටමින් සිටින අලෙවි නියෝජිතයන් විසින් මිලදී ගෙන මේ වන විටත් ගබඩා කරමින් පවතින බව ඔහු අනාවරණය කළේය. "මොන ආණ්ඩුව බලයට ආවත් ජාවාරම්කරුවන් තමන්ගේ ජාවාරම ජයටම කරගෙන යනවා. අඩු මිලට රට තුළට ගෙන ආ පොහොර වැඩි මිලට විකුණා ගොවියා සූරාකෑමට ඔවුන් සැරසෙනවා," යැයි සේනාරත්න මහතා පැවසීය.
ගෝලීය තත්ත්වය සහ රජයේ නිද්‍රාශීලී පිළිවෙත
පොහොර ආනයනය කරන රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී පොහොර ගෙන්වීමේ බාධා මතු විය හැකි බවත්, අනාගතය දකින රජයක් නම් ඒ සඳහා පූර්ව සූදානමක් තිබිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. එහෙත් වර්තමාන රජය මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බවට ඔහු චෝදනා කළේය.
ගොවිජන පවුර ඉදිරිපත් කරන යෝජනා
1. තොග ගණනය කිරීම: පොහොර සමාගම් සහ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් සතු පොහොර ප්‍රමාණයන් පොහොර ලේකම් කාර්යාලය හරහා වහාම ගණනය කිරීම.
2. බෙදා හැරීමේ බලය: පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලිය රජයේ සෘජු මැදිහත්වීම මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සිදු කිරීම.
3. වැටලීම් සිදු කිරීම: පොහොර සඟවන ජාවාරම්කරුවන් සොයා වහාම වැටලීම් ක්‍රියාත්මක කිරීම.
ආහාර ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව
වී මිල සහ තේ මිල අඩුවීමෙන් දැනටමත් පීඩාවට පත්ව සිටින ගොවියාට, පොහොර අර්බුදය හරහා තවදුරටත් බැට දීම අසාධාරණ බව සේනාරත්න මහතා පෙන්වා දුන්නේය. "රටක ආහාර ස්වෛරීභාවය නැතිවීම ජාතික ආරක්ෂාව නැතිවීම හා සමානයි. දිට්ඨධම්මවේදනීය ලෙස ස්වභාවික විපත්වලින් බැටකාපු උඩරට ගොවියාට පොහොර ටිකත් නැති වුණොත් ඔවුන් ජීවන සටනින් පරාජය වීම වැළැක්විය නොහැකියි," යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
What's Your Reaction?
Like
2
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

