බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම කොටි ඩයස්පෝරාව සතුටු කරන නරුම පාවාදීමක්...
මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම යනු රටේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ පැවැත්ම බිඳවට්ටමින් දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කිරීම සඳහා දියත් කර ඇති “දේශපාලන මෙහෙයුමක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (27) ප්‍රකාශ කළේය. බත්තලමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරය ගැන
අනතුරු ඇඟවූ සලේ හිරේ...
ප්‍රහාරයට අනුබල දුන්
ඊබ්‍රාහිම්ලා නිදහසේ...
බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම
කොටි ඩයස්පෝරාව සතුටු කරන නරුම පාවාදීමක්...
රණවිරුවන් දඩයම් කර රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයට
එරෙහිව ජාතියම පෙළගැසිය යුතුයි...
පාස්කු ප්‍රහාරය ගැන අනතුරු ඇඟවූ සලේ හිරේ -
ප්‍රහාරයට අනුබල දුන් ඊබ්‍රාහිම්ලා නිදහසේ...
මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම යනු රටේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ පැවැත්ම බිඳවට්ටමින් දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කිරීම සඳහා දියත් කර ඇති “දේශපාලන මෙහෙයුමක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (27) ප්‍රකාශ කළේය. බත්තලමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.
යුධ සමයේදී එල්.ටී.ටී.ඊ. නායක තමිල්සෙල්වන් වැනි ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු සපයමින් රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ නිලධාරියෙකු මෙසේ දඩයම් කිරීම හෙළා දකින බව වීරවංශ මහතා පැවසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් ඇතුළු අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යහපාලන රජයේ ආරක්ෂක මණ්ඩලයට මුලින්ම අනතුරු ඇඟවූයේ සලේ මහතා බවත්, එදා එම තොරතුරු නොසලකා හැර අද අනතුරු ඇඟවූ පුද්ගලයාම වැරදිකරු කිරීමට උත්සාහ කිරීම හාස්‍යජනක බවත් ඔහු පෙන්වා දුන්නේය.
“අදත් රූපවාහිනී ප්‍රවෘත්ති දෙස බලාගෙන ඉන්න අබාධිත රණවිරුවන් මේ දකින දේවල් ගැන මොනවා හිතනවා ඇද්ද? ඔවුන් පය, ඇස්, ලේ දන් දුන්නේ අද මේ දකින විදියේ ප්‍රවෘත්ති දකින්නද?. ඇරිස්ටෝටල් කියන දර්ශනිකයාට අනුව රාජ්‍යය පවතින්නේ යහපත් ජීවිතයක් වැඩීමට රුකුල් දෙන්නයි; ඒ සඳහා “සාමය මූලික කොන්දේසියක්”. හේගල් කියන විදිහට රාජ්‍යය වනාහි මිහිපිට පවතින දිව්‍යමය සංකල්පයක්. ඒ රාජ්‍යයට එන අනතුර පරාජය කරන්න කැපවෙන අය තමයි අපේ යුගයේ වීරයන්.
රාජ්‍යය අපට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, මහපොළ ශිෂ්‍යත්ව සහ පාසල් නිල ඇඳුම් ලබා දුන්නා. නමුත් අද සමහරුන්ට ඕනෑ වී තිබෙන්නේ රාජ්‍යයේ ශක්තීන් රැකගන්න නෙවෙයි, රාජ්‍යය බිඳවට්ටන්නයි. රාජ්‍යයේ බලකණු එකින් එක දුර්වල කරලා බිඳවට්ටන්න හදනවා. ඉන්දියාව මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පැලපදියම් කළ බව අපි දන්නවා. අද ටිල්වින් සිල්වා මහත්තයා ඉන්දියාව ගැන කියන කතා සහ ඔවුන් එදා උගන්වපු 'ඉන්දියානු ව්‍යාප්තවාදය' පන්තිය අතර තියෙන්නේ ලොකු පරස්පරයක්. රෝහණ විජයවීර සහෝදරයා පවා කිව්වේ ජාතිකත්ව පදනමෙන් රාජ්‍ය බෙදා වෙන් කිරීම සතුරු ව්‍යායාමයක් බවයි.”
වත්මන් රජය උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරමින් සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරමින් ජාතික ආරක්ෂාව බිංදුවට ඇද දමා ඇති බවට ඔහු චෝදනා කළේය. "අන්ත ප්‍රතිගාමී පාලකයෙකු පවා නිදහස් දින පෙළපාලියේදී රණවිරුවන් කළ සේවය ගැන කතා කිරීම තහනම් කළේ නැහැ. නමුත් අද රණවිරු කියන වචනය ඇහෙනකොට ජනාධිපතිවරයාගේ ඇඟ නළියනවා," යැයි වීරවංශ මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ඊබ්‍රාහිම් වැනි පුද්ගලයන්ගේ දේපළ නිදහස් කරමින් ඔවුන් “සුද්ධ පවිත්‍ර” කරන අතරතුර, රට වෙනුවෙන් දිවි පරදුවට තැබූ සලේ වැනි නිලධාරීන් සිරගත කිරීම පිටුපස ඇති දේශපාලන න්‍යාය පත්‍රය ජනතාව තේරුම් ගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මේජර් ජනරාල් සලේ මහතා නිදහස් කර ගන්නා තෙක් මෙම සටන අත්නොහරින බවත්, පරාජිත ත්‍රස්තවාදීන් සතුටු කරන මෙම පාහර ක්‍රියාවට එරෙහිව ජාතියම පෙළගැසිය යුතු බවත් ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කරයි.
සලේ කියන්නේ මේ මහා තුච්ච පාහර දඩයමට එරෙහිව කරන සටනේ සංකේතයක්. ඔහු නිදහස් කරන තුරු අපි නොනවතින සටනකට අවතීර්ණ විය යුතුයි. කලිල් ජිබ්‍රාන්ගේ 'Pity the Nation' කවියෙන් කියවෙනවා වගේ, ගහලයාගේ අසිපත පහළට එද්දී සටන් නොකරන ජාතිය තුච්චයි. සිඟාලයකු රජපුටුවේ අසුන්ගෙන සිටියදී නිහඬව සිටින ජාතිය අහෝ ඔබ තුච්චයි.
අපි තීරණය කළ යුතුයි අපි තුච්ච ජාතියක් වෙනවද නැත්නම් ශ්‍රේෂ්ඨ ජාතියක් හැටියට නැගිටිනවද කියලා. සලේ නිදහස් කර ගැනීමේ සටන ඒ සඳහා වන ප්‍රධානතම සටනයි. රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුළු ජාතියම පෙළගැසෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

