Human Immunoglobulin නඩුවේ හරස් ප්‍රශ්න ඇසීම උසාවියක් රත්කළ හැටි...
දීර්ඝ නඩු විභාග ගණනාවක්ම මේ දිනවල කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ විවිධ මට්ටමේ අධිකරණවල මහත් උණුසුමින් විභාග වෙමින් තිබේ. ඒ අතරින් ඇතැම් නඩු හරි උණුසුම් මෙන්ම කුතුහලය දනවනසුළුය. වර්තමානයේ සිදුවෙන දේ තුළින් අතීතයේ සිදුවන්නේ කුමක්දැයි කියා සිතා ගත නොහැකි, කුතුහලයක් එම නඩු විභාගයන් හා සාක්ෂි විභාගයන් විසින් අධිකරණය හමුවේ ගෙන හැරපායි.
කෙහෙලියගේ (ඉමියුනොග්ලොබියුලින්) නඩුවේ
අලුත්ම තත්ත්වය හැමදාම කියවන්න
Human Immunoglobulin
නඩුවේ හරස් ප්‍රශ්න ඇසීම
උසාවියක් රත්කළ හැටි...
දීර්ඝ නඩු විභාග ගණනාවක්ම මේ දිනවල කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ විවිධ මට්ටමේ අධිකරණවල මහත් උණුසුමින් විභාග වෙමින් තිබේ. ඒ අතරින් ඇතැම් නඩු හරි උණුසුම් මෙන්ම කුතුහලය දනවනසුළුය. වර්තමානයේ සිදුවෙන දේ තුළින් අතීතයේ සිදුවන්නේ කුමක්දැයි කියා සිතා ගත නොහැකි, කුතුහලයක් එම නඩු විභාගයන් හා සාක්ෂි විභාගයන් විසින් අධිකරණය හමුවේ ගෙන හැරපායි.
මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතින ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුකරයද මේ අතර කැපී පෙනෙන නඩු විභාගයක් වී ඇත්තේය... ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සපයා රජයට රුපියල් කෝටි 14 කට අධික මුදලක් ව්‍යාපහරණයක් කළැයි චෝදනාවට කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙක් මේ දිනවල දිනපතාම අධිකරණය ඉදිරියේ පෙනී සිටිති.
මෙම නඩුකරයේ වර්තමානය ඉතා උණුසුම්ව පවතින්නේ එම චෝදනා ඔප්පු කිරීමේ අභිලාෂය ඇතිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෙන එනු ලබන අතිවිශාල ප්‍රමාණයක් සාක්ෂිකරුවන් මෙම නඩුකරය සම්බන්ධයෙන් හෙළිදරව් කෙරෙන කරුණු කාරණා නිසා ය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය සාක්ෂිකරුවන් මෙහෙයවමින් ආකර්ශනීය කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන අතර සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න අසමින් විත්තිකරුවන් දොළොස් දෙනා වෙනුවෙන් ඉදිරිපත් වන, අද ලංකාවේ සිටින ඉහළම ගනයේ නීතිඥමඩුල්ලක් සටන්කාමීව ඉදිරිපත් වෙමින් මෙම නඩුකරයේ තියුණු බව මෙන්ම උණුසුම් බවද, උද්වේගකර බවද විදහා පෙන්වයි...
ප්‍රශ්නගත අදාළ ප්‍රතිදේශ එන්නත් ගෙන ඒම සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශ්වය නියෝජනය කරමින් වග උත්තර කරුවන් පාර්ශව තුනකින් මෙම නඩුකරය සඳහා පෙනී සිටින බව පැහැදිලිය.
එක් පාර්ශවයක් වන්නේ මෙම ප්‍රශ්නගත ඖෂධ මේ රටට ගෙන්වීම වෙනුවෙන් "ඖෂධ ආනයනය කළ සැපයීම් කළ හා නිෂ්පාදනය කළ" සමාගම් ආයතන හා පුද්ගලයන්ය... දෙවන පාර්ශවය වන්නේ මේ රටට ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් නියාමන කටයුතු හා ප්‍රසම්පාදන කටයුතු මෙන්ම පරීක්ෂණ කටයුතු ඉටු කරන "රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන" ව්‍යුහයයි.. අවසානයේ සැපයුම්කරුවන් කුමක් සැපයුවද, නියාමන කටයුතු ඉටුකරන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අධිකාරිය කවරක් කළද, ගෙන්වීම් හා මිලදී ගැනීම් සම්බන්ධව අවසන් තීන්දු තීරණ ගන්නේ දේශපාලන අධිකාරියයි...
මේ කවර තැනක අඩුපාඩුවකින් හෝ ප්‍රශ්නගත එන්නත් කුප්පි 6195 ක් දැන් අපේ රටේ ඖෂධ පද්ධතියට එකතු වී හමාරය. නඩු විභාගය පැවැත්වෙන්නේ එය කොතනින් කෙසේ වීදැයි කියා සොයා ගැනීමට බව රහසක් නොවේ.
ඒ සඳහා පැමිණිල්ලට සහාය වීමට නීතිපති දෙපාර්තමේන්තුව සාක්‍ෂිකරුවන් අති විශාල සැලකිය යුතු ප්‍රමාණයක් උසාවියට ඉදිරිපත් කරමින් වරද කවර තැනකින් වීදැයි කියා සොයාගැනීමට තොරතුරු විභාග කරමින් සිටියි.
එම මෙහෙයුම ප්‍රකාරව පෙබරවාරි 23 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටියට ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉදිරිපත් කළේ ප්‍රශ්නගත කාලය වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) "ඖෂධ නියාමන අංශයේ" ප්‍රධානියා ලෙස කටයුතු කළ අකිලා කුමාරි ඒකනායක මහත්මියයි. ප්‍රතිදේහ එන්නත් නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් 33 වන සාක්ෂිකාරිය ලෙස අකිලා කුමාරි ඒකනායක මහත්මයා හඳුන්වා දෙමින් ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා හා ඊට අදාල ඇමනුම් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය එම සාක්ෂිකාරිය මගින් පැමිණිල්ලේ සාක්ෂි ලෙස අධිකරණය හමුවේ ලකුණු කිරීමට පියවර ගත්තාය.
මෙම නඩුකරයේදී එකී සාක්ෂිකාරියගේ විශේෂත්වය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තවත් වගකිවයුතු අංශයක් වන "ඖෂධ නියාමන අංශයේ" (MRU) ප්‍රධානියා නිල බලයෙන්ම "ඖෂධ ඇගයීම් කමිටුවේ" (MAC) සභාපති ධූරය දැරීමට අදාළ පනත තුළින්ම නම් කර තිබීමයි.
එබැවින් ඕ මෙම නඩුවේ 33 වන සාක්ෂිකාරිය වන්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හා නියාමනය සම්බන්ධයෙන් ඉතා වගකිවයුතු ආයතන ව්‍යුහ දෙකකම නිලධාරිනිය ප්‍රධාන නිලධාරිනිය හැටියටයි.
ප්‍රශ්නගත ඖෂධ තොගය එම ප්‍රශ්නගත යුගයේ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ බව රහසක් නොවේ. ඒ සඳහා අදාළ ගිවිසුම්ගත වියතිරේකයන්හි අදාල ගනුදෙනුව සිදුකිරීමට කාලයක් නියම කර තිබීම ගැටළුවක් වී තිබූ බව කියති. නියමිත ක්‍රමවේදය අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සිදු කිරීමට යාමේදී අදාල ගිවිසුම් ගත කාලය ප්‍රමාණවත් නොවේ. එබැවින් එම මුදල් ආධාර මත මෙම අත්‍යාවශ්‍ය ඖෂධ තොගය මිලදී ගැනීමේදී වෙනත් විශේෂ ක්‍රමවේදයක සහාය අවශ්‍ය බව කියති.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ සඳහා සුදුසු ක්‍රම වේදය ලෙස යෝජනා කර තිබුණේ සාමාන්‍ය පටිපාටියට පරිභාහිර, ලක්මිණි ගිරිහාගම මෙනවිය නිතර "විශේෂ ශීඝ්‍රගාමී ක්‍රමවේදය" යනුවෙන් හඳුන්වන, "ලියාපදිංචිය නිදහස් කිරීමේ" (WOR) ක්‍රමවේදයයි... වරද සිදුවී ඇත්තේ එම ක්‍රමවේදය නිසාද...
නීතිපති දෙපාර්තමේන්තුවේ උත්සාහයන් කෙසේ හෝ මෙම ප්‍රශ්නයට උත්තරය සොයා ගැනීමය. අකිලා කුමාරි ඒකනායක මහත්මිය ඉදිරිපත් කරනු ලැබුවේ එම ක්‍රමවේදය අනුවයි... මෙහිදී ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අදාළ ඖෂධ වර්ග "ලියාපදිංචියෙන් නිදහස් කිරීම" වෙනුවෙන් සකසන ලද අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව කියමින් ලේඛනයක් ඉදිරිපත් කළේය... ඉන් අනතුරුව සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න විමසන්නට පටන් ගත්තාය.
නීතිපති දෙපාර්තමේන්තුව - මේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව ගැන ඔබ දන්නවාද...
සාක්ෂිකරු - ඔව් ස්වාමීනි...
නීතිපති දෙපාර්තමේන්තුව - මෙය සකස් කලේ ඔබද...
සාක්ෂිකාරිය නැහැ : ස්වාමීනි...
නීතිපති දෙපාර්තමේන්තුව : මෙහි අත්සනක් තියෙනවා... මේ අත්සන ඔබගේද...
සාක්ෂිකාරිය : ඔව්... එය මගේ ස්වාමීනී...
නීතිපති දෙපාර්තමේන්තුව : එතකොට මේක ඔබ අතට පත්වන්නේ කොහොමද..?
සාක්ෂිකාරිය : මෙය මා වෙත එවා තිබුණා...
ඔබ ඊට පසුව මොනවද කළේ.? - විමසා බලා අත්සන් කර ප්‍රධාන විධායක නිලධාරියාට යවනවා.
සාක්ෂිකාරිය කිසිම විටෙක එම ලිපිය තමන්ට ලැබුණු ආකාරය පැහැදිලි කළේ නැතත් පුන පුනා කීවේ එයත් තමන්ට ලැබුණු බවත්, පරීක්ෂා කළ බවත්, පරීක්ෂා කර අවසානයේ ප්‍රධාන විධායක නිලධාරියට යැවූ බවත් පමණි...
මේ ආකාරයට කරුණු දක්වමින් සාක්ෂිකාරියගෙන් සාක්‍ෂි ලබා ගැනීම පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ගිරිහාගම මෙනවිය උදය වරුවේ තම මෙහෙවර අවසන් කළාය...
දිවා ආහාර විවේකයෙන් පසුව සාක්ෂිකාරියගෙන් විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීමේ වාරය අධිකරණය විසින් ලබා දෙන ලදී... එහිදී පළවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හරේන්ද්‍ර බානගල තමන්ට විමසන්නට හරස් ප්‍රශ්න නැතැයි දන්වා සිටියේය...
අනතුරුව දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
අසේල සේරසිංහ මහතා මුලින්ම සාක්ෂිකාරියගෙන් විමසා සිටියේ ඇගේ අධ්‍යාපන පසුබිම, උසස් අධ්‍යාපනය ලැබූ ආකාරය උසස් අධ්‍යාපනය ලැබූ විෂයපථය හා ජාතික ඖෂධ නියාමන අධිකාරියට රැකියාවට පැමිණි කාලවකවානු වැනි සාමාන්‍ය විස්තර සමූහයකි.
නීතිඥ අසේල සේරසිංහ මහතා ; ජාතික ඖෂධ නියාමන අධිකාරයේ ඔබ සේවය කරන්නේ ඉතා වැදගත් අංශයක. "ඖෂධ නියාමන අංශයේ" (MRU) එවකට ප්‍රධානියා කවුද...
සාක්ෂිකාරිය ; නිහඩතාවය පළ කරයි.
නීතිඥ අසේල සේරසිංහ මහතා ; එකකොට ඖෂධ ඇගයීම් කමිටුවේ සභාපති කවුද..?
එම අවස්ථාවෙත් සාක්ෂිකාරිය කිසිදු උත්තරයක් පළ නොකර නිහඬව සිටින්නට උත්සාහ කරයි...
නීතිඥ අසේල සේරසිංහ මහතා ; දැන් එතකොට ඖෂධ නියාමන අංශයේ ප්‍රධානියෙක් නැද්ද..?
සාක්ෂිකාරිය ; මද වේලාවක නිහඩතාවයකින් පසු ගිරිහාගම මෙනවිය දෙස බලමින්... මම " ෆෝකල් පොයින්ට්" යනුවෙන් දහසක් ප්‍රකාශ කළාය.
නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඔබතුමිය සෑහෙන කාලයක් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ නියාමන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඔබම තමයි නිල බලයෙන්, ඖෂධ ඇගයීම් කමිටුවේ සභාපති ධුරයේ කටයුතු කළෙත් කියා මා යෝජනා කළොත් ඔබ එය පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. ඖෂධ නියාමන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අය තමයි ඖෂධ ඇගයීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන්නෙත්. මම ඖෂධ නියාමන අංශයේ ප්‍රධානී තනතුරේ වැඩ කළා.
නීතිඥ අසේල සේරසිංහ මහතා ; සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලංකාවට ඖෂධ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන් ආනයනය කිරීමට අපේක්ෂා කරන ඖෂධ වල ගුණාත්මක භාවය පිළිබඳව කොහොමද ඔබ අධිකාරිය මගින් පරීක්ෂා කරන්නේ කියලා කියලා මම යෝජනාවක් ලෙස ඇසුවොත් ඔබට ඒ ගැන දැනුමක් තිබෙනවාද කියලා..
සාක්ෂිකාරිය ; එලෙස ආනයනය කිරීමට ඉල්ලුම් කළ ඖෂධ වර්ග අතරින් බොහෝවිට හරි අඩක ප්‍රමාණයක් වගේ තමයි රසායනාගාර වෙත යොමු කර ඒවායේ ප්‍රමිතිය නැත්නම් ගුණාත්මක භාවය පිළිබඳව සොයා බලන්නේ. එහෙම පරීක්ෂා කරන්න අවශ්‍ය රසායනාගාර පහසුකම් ඖෂධ නියාමන අධිකාරියට නෑ. විශේෂයෙන් ඖෂධ ඇගයීම් කමිටුව ඉල්ලීමක් කළොත් එතනදි යෝජනාවක් ආවොත් තමයි රසායනාගාර වෙත යවන්නේ. එහෙම නැතිනම් ඖෂධ ආනයනකරු ඒවා නිෂ්පාදනය කරන රටේ නිෂ්පාදිත සමාගමෙන් ඉදිරිපත් කරන රසායනාගාර වාර්තා ඇතුළු ලේඛන මත තමයි ඒවා ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ.
විත්තියේ නීතිඥවරයා ; මේ වසරේ ජනවාරි මාසයේ සිට පෙබරවාරි මුල් සතිය දක්වා ඔබලා එලෙස ආනයනය කිරීමට අවසර ලබා දුන් ඖෂධ පහක් භාවිතයෙන් ඉවත් කර ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවත්වාගෙන යන වෙබ් අඩවියේ පළවී තිබූ බවට මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; මට එහෙම මතකයක් නෑ ස්වාමීනි...
විත්තියේ නීතිඥ ; ඒක මහ පුදුම වැඩක් ඔබගේ ආයතන මගින් ගෙන්නන ඔබගේ ආයතන විසින් තහනම් කරපු ඖෂධ ගැන ඔබ දන්නේ නෑ..... සාමාන්‍ය මිනිස්සු වන අපිත් දන්නවා.... මොකද ඕවා පත්තරෙත් ගිය නිව්ස් වලත් කිව්වා....
සාක්ෂිකාරිය (නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දෙස බලමින්...) මට ඒ වගේ මතකයක් තියෙනවා ස්වාමීනී...
විත්තියේ නීතිඥ ; ඔබ හැම වෙලාවෙම රජයේ නීතිඥවරිය දිහා බලන්න ඕන නෑ උසාවිය දිහා කෙලින් බලාගෙන උසාවියට උත්තර දෙන්න. ...
සාක්ෂිකාරී නිහඬව සිටි...
විත්තියෙ නීතිඥ ඔන්ඩස්ටරෝන් කියන ඖෂධයන් ඔබ ආයතනය විසින් තහනම් කරල තියෙනව ඔබ ඒක දන්නවද..?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී...
විත්තියේ නීතිඥ ; ඔන්ඩස්ටරෝන් කියන ඖෂධය මොන වගේ එකක්ද.... එක දියරයක්ද නැත්නම් කුඩක්ද....
සාක්ෂිකාරිය ; බොහෝ එන්නත් වර්ග දියර වර්ග ලෙසනේ ආනයනය කරන්නේ. සමහර එන්නත් සුදු පැහැති කුඩු වර්ගයක් ලෙස එනවා. සමහර එන්නත් දියර වර්ගයක් ලෙසත් එන්න පුළුවන්.
විත්තියේ නීතිඥ ; දියර වර්ගයක් කිව්වේ නිකං වතුර වගේ....
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.. දියර... ඒවා රසායනාගාර පරීක්ෂණයක් නොකළොත් අඳුර ගන්න බෑ.
විත්තියේ නීතිඥ ; රසායනාගාර මගින් නිසි පරීක්ෂණයකට ලක් නොකළොත් එම දියර වර්ගයේ අඩංගු කුමන එන්නත් වර්ගයද කියලා සනාථ කරගන්නේ කොහොමද? එලෙස පරීක්‍ෂා කිරීමේ වගකීම තිබෙන්නේ නිසි බලධාරියා වන ඖෂධ නියාමන අංශයට කියලා මා යෝජනා කළොත්?
සාක්ෂිකාරිය නිහඬවම ඒ බව පිළිගත්තේය.
විත්තියේ නීතිඥ ; ඔන්ඩෙස්ටරෝන් ගන්නේ මොන වගේ රෝග සඳහාද...
සාක්ෂිකාරිය ඒ ගැන මට දැනීමක් නෑ ස්වාමීනී...
විත්තියේ නීතිඥ ; දැන් එතකොට ඔබ ආයතනයෙන් ගෙන්නට ගෙන්වන්නට අනුමැතිය දෙන ඖෂධයක් ගන්නේ මොනවටද කියලා ඔබ දන්නේ නෑ.... මොකද්ද ඔබගේ වෘත්තිය තත්ත්වය...
සාක්ෂිකාරිය ; මම වෘත්තියෙන් ඖෂධවේදියෙක්.
විත්තියේ නීතිඥ ; කවුද ඔබලට ඒ වෘත්තිය භාවය ලබාදෙන්නෙ
සාක්ෂිකාරිය ; ඒ සහතිකය අපට ලැබෙන්නේ එස්.එල්.එම්.සී. (SLMC) එකෙන්...
විත්තියේ නීතිඥ ; ඔබ ඖෂධවේදියෙක් විදිහට ෆාමසියක රාජකාරී කරනකොට කවුරු හරි බෙහෙත් තුණ්ඩුවක් ගෙනත් දීල මේ බෙහෙත ගැන ඇහුවම, ඒ බෙහෙත මොනවටද ගන්නේ කියලා ඔබ දන්නේ නෑ.... ඔබ කොහොමද ෆාමසියක වැඩකරන්නේ.
සාක්ෂිකාරිය ; මම කවදාවත් ෆාමසියක වැඩ කරල නෑ...
විත්තියේ නීතිඥ ; ඇති යන්තම් ඒක රටට ලොකු සේවයක්...
ගරු අධිකරණය ; සාක්‍ෂිකරුවන් අපහසුතාවයට පත්වන විදියට හැසිරෙන්න එපා...
විත්තියේ නීතිඥ ; සමාවන්න ස්වාමීනි... මෙතුමිය අපහසුතාවයට පත් කරන්න මම කල්පනා කළේ නෑ... මෙතුමිය සාක්ෂි දෙන විලාසය අනුව එහෙම කියවුණා.
විත්තියේ නීතිඥවරයා ; පසුගිය කාලය තුළ විවිධ සංකූලතා ඇති වූ ඖෂධ වර්ග එන්නත් වර්ග ඔබගේ ඖෂධ නියාමන අංශයේ අනුමැතියට යටත්වනේ ගෙන්වා ඇත්තේ. එහෙමනම් එකී සංකූලතා වලින් ඇස් අන්ධ වූ පිරිස් හා තවත් විවිධ සංකූලතා ඇති පිරිස් ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව නඩු පවරා තිබෙනවාද? එවැනි නඩු පැවරුම් නිසා ඔබ අධිකාරියේ යමෙකු හෝ අත්අඩංගුවට පත්වීමක් සිදුවී තිබෙනවාද?
සාක්ෂිකාරිය ; එහෙම මතකයක් නම් නෑ...
විත්තියේ නීතිඥ ; ඔබ සේවය කළ ඖෂධ ඇගයීම් කමිටුව මගින් ලබාදෙන සහතික ටයිප් කලේ කවුද ? කුමන අංශයක පරිගණකයකින්ද කියලා ඔබ දැනුවත්ද කියලා මා යෝජනාා කළොත්?
සාක්ෂිකාරිය ; මට ඒ ගැන හරියටම කියන්න බෑ.
විත්තියේ නීතිඥ ; අංශ ප්‍රධානියා ලෙස ඔබට ඒ ගැන දැනුමක් නෑ කියන්නේ.... ඔබ වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට මා යෝජනාා කරනවා?
සාක්ෂිකාරිය ; නෑ මම කියන්නේ දැන් මට ඒ ගැන මතක නෑ කියන එකයි. මට ඒ ගැන හරි අවබෝධයක් නෑ.
විත්තියේ නීතිඥ ; අංශයේ සේවක සේවිකාවන් කීදෙනෙක් ඔබ සමඟ ඉන්නවද.... මම යෝජනා කරනවා ඔබේ ආසනය අසලම සිටින (වෙනත් නමක් කියමින්) තමයි මෙම ලිපි ඔබේ අනුදැනුම ඇතුව සකස් කරන්නේ... ඒ ලිපිය සකස් කලේ මම නම කියපු කෙනා නෙවෙයිද..?
සාක්ෂිකාරිය ; ඒ වගේ නමක් තියෙනවා මට මතකයි....
නම වන විත්තිකාර හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ද සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්නයක් ඇසුවේය.
විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම එතෙකින් සමාප්ත විය. ගරු සභාපති විනිසුරු ඉන් ඉදිරියට විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීමට ඉදිරිපත් වන්නේද කියා විත්තියේ අංකද කියවමින් ප්‍රශ්න කළත් ඉන් පසුව කිසිවෙක් ම ඉදිරිපත් නොවූහ.
විත්තියේ නීතිඥ අසේල සේරසිංහ එම දිනයේ සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසන ලද ආකාරය ගැන ගරු විනිසුරුතුමන්ලාද යම් යම් අවවාද කලත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත්ව සිටි ලක්මිණි ගිරිහාගම මෙනවිය ඒ පිළිබඳ කිසිදු විරෝධයක් නොදක්වා නිහඩව බලා සිටීම බොහෝ දෙනාගේ විමතියට ලක් වූ කාරණාවක් විය.
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් සිදු නොකළ අතර පැමිණිල්ල වෙනුවෙන් නැවත ප්‍රශ්න ඇසීම සඳහා අද (24) යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට එම සාක්ෂිකාරියට විනිසුරු මඩුල්ල අවවාද කළේය.
පැමිණිල්ලේ 29 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ මුදල් අමාත්‍යාංශයේ අමාත්‍ය මණ්ඩල පාර්ලිමේන්තු කටයුතු හා මානව සම්පත් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මොහොට්ටි මුදියන්සේලාගේ චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර මහතාට හෙට (24) පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමටද විනිසුරු මඩුල්ල නියෝග කළේය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

