දිසාපති ප්‍රභාත් ඉල්ලා
බදුල්ලේ උද්ඝෝෂණ...
බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අභයවර්ධන එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පාමින්, බදුල්ලේ රජයේ සේවකයෝ හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් පුළුල් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව “බදුලුපුර නිව්ස් ලංකා” මාධ්‍ය ජාලය වාර්තා කරනවා.
බදුලු දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සහ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන් තුන්සියයකට අධික පිරිසක් අද (17) තම දිවා ආහාර විවේකයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සාමකාමීව පවත්වන ලද මෙම “නිහඬ විරෝධතාවයට” ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක්ද ස්වේච්ඡාවෙන් සහභාගි වී සිටියා...
ප්‍රභාත් අබේවර්ධන ඉතා හොඳින් කාර්යාලයේ හා දිස්ත්‍රික්කයේ මානව සම්පත් කළමනාකරණය කරමින් අවබෝධයෙන් යුතුව රාජ්‍ය ප්‍රතිලාභ මහජනයා අතර බෙදාදෙමින්, හැලීමකින් යුතුව ජනතාවට සේවය කළ, ඌවෙන්ම බිහි වූ පුත්‍රයෙකු බව මෙහිදී බොහෝ දෙනකු මත පළ කළා.
විශේෂයෙන්ම මෑතක දී බදුල්ල දිස්ත්‍රික්කයට මහත් ව්‍යසනයක් ගෙන දුන් “දිට්වා”” ආපදාවේදී ප්‍රදේශයේ දිසාපතිවරයා ලෙස මැදිහත් වෙමින් ප්‍රභාත් අබේවර්ධන ඉටුකළ සේවාව හා කැපවීම අගය කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද මෙම විරෝධතාවයේදී අදහස් දක්වා තිබුණා...
කළු පටි හිස පැළඳගෙන විරෝධතා පුවරු අතට ගෙන එක් පිරිසක් විරෝධතා දැක්වූ අතර දිසාපතිවරයා කරන ලද සේවය අගයමින් තවත් පිරිසක් මෙම සේවා මාරු කිරීම ගැන රජයට සෘජුවම දොස් පවරමින් සිටියා.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයින්ද මෙම අදහස් දැක්වීම්වලට එක් වූයේ පරිපාලන සේවකයකුන් ලෙස ප්‍රභාත් මහතා පෙන්නුම් කළ පරිණත භාවය මෙන්ම මනුෂ්‍යත්වය අගය කරමින්. රජය දැන හෝ නොදැන කුමක් හෝ හේතුවක් මත නොමඟ ගොස් මෙම මාරු කිරීම කර ඇතැයි ඔවුන් ප්‍රකාශ කර සිටියා... ප්‍රභාත් වෙනුවට රජය තමන්ට ගැළපෙන දේශපාලන ප්‍රවාහයක අයෙකු බදුල්ලට පත්කිරීමට රජයේ සැලැස්මක් ඇති බවයි ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ.
විරෝධතාවයේදී රජයට එරෙහිව බලපෑම් කරන්නට හෝ තර්ජනය කරන්නට පියවර නොගත් මේ සාමකාමී උද්ඝෝෂකයෝ එක හෙළාම රජයෙන් ඉල්ලා සිටියේ දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අභයවර්ධන මහතාගේ සේවාමාරුව අත්හිටුවා, යළිත් ඔහුගේ සේවාව හා කැපවීම ඌවේ ජනතාව වෙනුවෙන් බදුල්ල පුරවරයේ ජනතාවට නොපමාව යළි ලබාදෙනන ලෙසයි...
පින්තූර සහ සියලු විස්තර බදුලු පුර පුවත් වෙබ් අඩවියේ අනුග්‍රහයෙන් ලබා ගන්නා ලදී.