කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවන් නැවත පාසලට හා නැවත ක්‍රීඩා පිටියට
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද බැක්ටු ඉස්කූල් (Back to school) සහ බැක්ටු ස්පෝර්ට් මීට් (Back to sport meet) වැඩසටහන පසුගියදා එම විද්‍යාලයේදී මහත් උත්සවාකාරයෙන් පැවැත්වී තිබුණා. මෙම ආකාරයේ වැඩසටහනක් පාසැල් ඉතිහාසයේ පළමු වරට පැවැති බවයි ආදි ශිෂ්‍ය සංගමය වාර්තා කළේ.
කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ
ආදි සිසුවන් නැවත පාසලට හා
නැවත ක්‍රීඩා පිටියට...
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද බැක්ටු ඉස්කූල් (Back to school) සහ බැක්ටු ස්පෝර්ට් මීට් (Back to sport meet) වැඩසටහන පසුගියදා එම විද්‍යාලයේදී මහත් උත්සවාකාරයෙන් පැවැත්වී තිබුණා. මෙම ආකාරයේ වැඩසටහනක් පාසැල් ඉතිහාසයේ පළමු වරට පැවැති බවයි ආදි ශිෂ්‍ය සංගමය වාර්තා කළේ.
ආදි ඩී. එස්. සේනානායකයන් වන සුමිත්‍රා ගාමන්ට් අධිපති ජාෆර් සතාර්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ඩි සිල්වා, හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඇතුළු මේ රටේ විවිධ ක්ෂේත්‍රයන්හි අගතැන්පත් ප්‍රභූන් විශාල පිරිසක් මෙම අවස්ථාවට ආදි ශිෂයයන් ලෙස එක්ව සිටීම විශේෂත්වයක් වුණා.
මෙහිදී 2008 වසරේ රුදුරු කොටි ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයකින් කොටුව දුම්රිය ස්ථාන සංකීර්ණයේ දී ජීවිතක්ෂයට පත්වූ ඩී. එස්. පැසි පන්දු ක්‍රීඩකයන් කණ්ඩායම සැමරීමටද විශේෂ වැඩසටහනක් වෙන් වී තිබුණා. ඊට සමගාමීව ඩී. එස්. සේනනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ආරක්ෂක අංශවලට සම්බන්ධ වී පසුගිය යුධ සමයේ මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් උදාරතර මෙහෙවරක නිරතව දිවිපිදූ රණවිරුවන් සැමරීමටද විශේෂ වැඩසටහනක් වෙන්ව තිබුණා.
ඩී. එස්. සේනනායක විද්‍යාලීය ඉතිහාසයේ ප්‍රථම වරට බැක් ටු ස්පෝර්ට් මීට් Back to sport meet වැඩ සටහනද විද්‍යාලීය නව ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර ඒ සඳහා වර්තමානයේ විවිධ ක්ෂේත්‍රවල ජාතික මෙහෙවරක් ඉටුකරමින් රට වෙනුවෙන් උදාරතර සේවාවක් කරන ඩී. එස්. සේනානායක ආදි විද්‍යාර්ථීන්, ආදී ගුරුවර ගුරුවරියන්ද වත්මන් ගුරු බවතුන් හා ශිෂ්‍ය ප්‍රජාවද ඉතාමත්ම උද්‍යෝගයෙන් යුතුව සහභාගි වී සිටීම මෙහිදී දැක බලා ගත හැකි වූ විශේෂත්වය වුණා.
ඇතැම් ආදි ශිෂ්‍යයන් වර්තමානය වන විට වියපත්ව සිටියත්, අතීතයේ ඔවුන් පාසැල්ලට පැමිණියා සේ විද්‍යාලීය නිල ඇඳුම්වලින් සැරසී මෙම අවස්ථාවට හා උත්සව අවස්ථාවන්ට එක්ව සිටීම මෙම උත්සවයේ කැපී පෙනෙන අංගයක් වී තිබුණා...
ආදි ඩී. එස්. සේනානායයීය බැක් ඉස්කූල් හා බැක් ටු sport meet වැඩසටහන්වල විශේෂ අවස්ථා කීපයක් පෙන්නුම් කරන සුවිශේෂී ඡායාරූප කිහිපයක් මේ සමග පළව තිබේ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

