විරෝධතා හමුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල්යයි
රජය විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලට අනුව, 6 වැනි ශ්‍රේණිය සඳහා නව විෂය මාලාවක් හඳුන්වාදීමට සැලසුම් කර තිබූ නමුත්, එය 2027 දක්වා කල් දැමීමට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද 13 බදාදා පුවති කැබිනට් පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කළේය.
විරෝධතා හමුවේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
වසරකින් කල්යයි
කැබිනට් තීණ්දුව ඇමති නලින්ද ප්‍රකාශයට පත්කරයි...
රජය විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලට අනුව, 6 වැනි ශ්‍රේණිය සඳහා නව විෂය මාලාවක් හඳුන්වාදීමට සැලසුම් කර තිබූ නමුත්, එය 2027 දක්වා කල් දැමීමට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද 13 බදාදා පුවති කැබිනට් පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කළේය.
නව ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අඩංගු වූ නුසුදුසු වෙබ් අඩවි යොමුවක් නිසා ඇති වූ විවාදය සමාජයේ දැඩි කැළඹීමක් ඇති කළ අතර, මෙම තීරණය එම සිදුවීමෙන් සති කිහිපයකට පසුව ප්‍රකාශයට පත් විය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවේදී පැවසුවේ, ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිටම මැතිවරණ පොරොන්දුවලදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සඳහන් කළ බවයි. මීට පෙර පැවති මැතිවරණ දෙකෙන්ම ජනතාව මෙම වෙනස්කම් සඳහා තමන්ට පැහැදිලි අනුමැතිය ලබාදී ඇති බව ඔහු අවධාරණය කළේය.
"එබැවින්, ජනතා අනුමැතිය සහ සමාජ අවශ්‍යතාවයන්ට අනුකූලව මෙම ප්‍රතිසංස්කරණ දූරදර්ශී සහ ධෛර්යවන්ත ලෙස ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව කැපවී සිටිනවා," ඔහු තවදුරටත් පැවසීය.
නව ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු පහක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අතර විෂය මාලා සංවර්ධනය යටතේ 2026දී 1 සහ 6 ශ්‍රේණිවල වෙනස්කම් ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
“වර්තමානයේදී, විශේෂයෙන් ඉංග්‍රීසි මොඩියුලයේ ඇතැම් අන්තර්ගතයන් සහ තවත් කරුණු සම්බන්ධයෙන් සමාජයේ යම් අවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම තත්ත්වයට විවිධ හේතු බලපා තිබෙනවා,” ඔහු කීවේය.
ඇතැමුන් මෙම ගැටලුව දේශපාලන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට භාවිතා කරන බවත්, නඩුකටයුතුවලින් බේරීමට හෝ අහිමි වූ බලය නැවත ලබාගැනීමට මෙය භාවිතා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහෙත්, සමාජයේ සැකයන් තබාගෙන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම නුසුදුසු බව රජය විශ්වාස කරන බවත්, අවශ්‍ය වෙනස්කම් සිදු කළ යුතුයි යන්න පිළිගන්නා බවත් අමාත්‍යවරයා කීවේය.
“මෙම ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධ ගැටලුව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය වෙන වෙනම විමර්ශන සිදු කළා. ජනාධිපතිතුමා මෑතකදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අධ්‍යාපනඥයින් ඇතුළු විශේෂඥයින් සමග සාකච්ඡා පැවැත්වූවා,” ඔහු සඳහන් කළේය.
මෙම සලකා බැලීම්වල පදනමින්, ප්‍රතිසංස්කරණවල 1 ශ්‍රේණියේ වෙනස්කම් එලෙසම ඉදිරියට ගෙන යන අතර, 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ 2027දී ආරම්භ කිරීමට තීරණය වී ඇත. තවද, ඉංග්‍රීසි මොඩියුලය යළි සමාලෝචනයට ලක් කිරීමට කාලය ලබාගන්නා බවද පැවසීය.
“මානව සම්පත්, යටිතල පහසුකම්, පරිපාලන, තක්සේරු සහ මහජන දැනුවත්කිරීම යන කුළුණු එලෙසම ක්‍රියාත්මක වෙනවා,” අමාත්‍යවරයා තවදුරටත් කීවේය.
ප්‍රශ්නගත මොඩියුලය සම්බන්ධ විමර්ශනවලින් හෙළි වූ කරුණු අනුව, ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.
“මෙය කඩිනමින් සිදු කරනවා. අවශ්‍ය දැඩි පියවර ගැනීමට රජය සූදානම්,” ඔහු අවධාරණය කළේය.
මේ අතර, නව විෂය මාලාව සමග පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ යෝජනාවටද විරෝධතා ඇති වූ අතර, රජය එයද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

