රණවිරුවන් සිරගත කරමින් - කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරමින් කොටි ඩයස්‌පෝරාව හා ජාත්‍යන්තරය පිනවන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක..!
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දා සිට යුධ අපරාධ පිළිබඳ අභූත චෝදනා නගමින් මෙරට නාවික හමුදා, යුද හමුදා හා බුද්ධි අංශ රණවිරුවන් දඩයම් කරන අතර කොටි ත්‍රස්තවාදීන්, කොටි සැකකරුවන් මෙන්ම දෙමළ බෙදුම්වාදීන් සුරතල් කරමින් සිටින බව විමල් වීරවංශ පෙන්වා දුන්නේය. ඒ අතර, පසුගියදා ආරක්ෂක ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්, කොටි ත්‍රස්තවාදීන් යැයි “ජාත්‍යන්තරය පවා පිළිගත්” නමගිය කොටි ත්‍රස්තවාදීන් පිරිසක් නිදහස් කරමින් තමන්ට මැතිවරණ කටයුතු සඳහා වියදම් කළ “දෙමළ ඩයස්පෝරාව හා ජාත්‍යන්තරය” පිනවීමට උත්සාහ ගනිමින් මේ රටේ “දෙබිඩි පිළිවෙතක්” අනුගමනය කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රජයට චෝදනා කළේය.
රණවිරුවන් සිරගත කරමින් - කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරමින්
කොටි ඩයස්‌පෝරාව හා ජාත්‍යන්තරය පිනවන
ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක..!
රටේ ආර්ථිකය හසුරුවන “ශූර චෞරයෝ” කවුද..?
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දා සිට යුධ අපරාධ පිළිබඳ අභූත චෝදනා නගමින් මෙරට නාවික හමුදා, යුද හමුදා හා බුද්ධි අංශ රණවිරුවන් දඩයම් කරන අතර කොටි ත්‍රස්තවාදීන්, කොටි සැකකරුවන් මෙන්ම දෙමළ බෙදුම්වාදීන් සුරතල් කරමින් සිටින බව විමල් වීරවංශ පෙන්වා දුන්නේය. ඒ අතර, පසුගියදා ආරක්ෂක ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්, කොටි ත්‍රස්තවාදීන් යැයි “ජාත්‍යන්තරය පවා පිළිගත්” නමගිය කොටි ත්‍රස්තවාදීන් පිරිසක් නිදහස් කරමින් තමන්ට මැතිවරණ කටයුතු සඳහා වියදම් කළ “දෙමළ ඩයස්පෝරාව හා ජාත්‍යන්තරය” පිනවීමට උත්සාහ ගනිමින් මේ රටේ “දෙබිඩි පිළිවෙතක්” අනුගමනය කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රජයට චෝදනා කළේය.
පසුගිය 20 වනදා බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජ. නි. පෙ නායකයා කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර මහතාගේ පාලනය යටතේ රජය බටහිර ගැති සහ දෙමළ ඩයස්පෝරාවට ගැති "දෙබිඩි ප්‍රතිපත්තියක්" ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ජනාධිපතිවරයා මේ වන විට නාවික හමුදාවේ සහ හමුදා බුද්ධියංශවල නිලධාරීන් ඉලක්ක කරගත් ක්‍රියාමාර්ග ගනිමින්, එය "රණවිරු දඩයමක්" නොවන බවට ප්‍රකාශ කළද, මෙම පියවර අතීතයේ සිටම බටහිර සහ ඩයස්පෝරාව විසින් ආරක්ෂක හමුදා වෙත එල්ල කරන “මානව අපරාධ සහ යුධ අපරාධ චෝදනා” සනාථ කිරීමට උදව් දෙන ක්‍රියාමාර්ගයක් බව වීරවංශ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී “ආරක්ෂක හමුදාවල අපරාධ හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පවසද්දී”, ඔහුගේ ආරක්ෂක ලේකම්වරයා විසින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ජාත්‍යන්තරව සනාථ වූ චෝදනා සහිත “එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සම්බන්ධ, දෙමළ ජාතිකයින් එකොළොස් දෙනෙකුගේ නම්” තහනම් ලැයිස්තුවෙන් ඉවත් කර නිදහස් කර ඇති බවට හෙතෙම චෝදනා කළේය.
“එතකොට මේ පුද්ගලයෝ තමයි - “කාන්තිලිංගම් ප්‍රේමරාධි, බාලසුබ්‍රමනියම් ශ්‍රී කදරාජා, කෝමලිස් ප්‍රභාකරන්, ඉලයතම්බි තිරේස් කුමාරන්, කන්දයියා පුංජිතපාදම්, කාසිනාදන් ඝනේෂලිංගම්, ක්‍රිෂ්ණ කුට්ටි සුකුමාරන් හෙවත් උදයන්, කුරුකුලසිංහම්, තේවරාසා සෙබමාලෙයි, ජෝයි ජිනස්තුරයි රාසා ප්‍රියදර්ශනී, වේළුපිල්ලේ සිවනඩියර්” - මේ උදවියව ත්‍රස්තවාදයට මුදල් උපයපු, මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා තියෙන, ඒක ජාත්‍යන්තරව සනාථ වී තිබෙන, ඒ අනුව තහනම් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ඇතුළත් කර තිබිච්ච මේ පුද්ගලයන්ගේ නම් මේ ලේඛනයෙන් අයින් කරනවා. ඒ කියන්නේ ඔවුන්ට දැන් නිදහසේ ශ්‍රී ලංකාව ඇතුළට යන්න එන්න පුළුවන්. ඔවුන්ට ඕනම මුදල් ගනුදෙනුවක නිරත වෙන්න පුළුවන්. ත්‍රස්තවාදයට නැවත අවශ්‍ය නම් මුදල් පොම්ප කරන්න පුළුවන්. ඒ නිදහස ඒ ලැයිස්තුවල ඉන්න අයට දෙනවා. මෙහේ බොරු චෝදනා පටලව පටලවා ආරක්ෂක හමුදා දඩයමට පොට පාදා ගන්නවා. ඇවිල්ලා කියනවා චෝදනා තියෙනවලු, අපි නීතිය ක්‍රියාත්මක කරනවලු, ඒකට “රණවිරු දඩයම” කියලා කියන්න එපාලු. එතකොට මේ මේ “කොටියන්ට තියෙන්නේ මොන” චෝදනාද? මේගොල්ලෝ ගැසට් එකෙන් අයින් කරන්නේ මොන විදිහටද? මේගොල්ලෝ හොඳ වෙලාද? මේගොල්ලෝ හොඳ වෙන්නයි අරගොල්ලෝ නරක් වෙන්නයි මොකක්ද තියෙන හේතුව?”
ජාත්‍යන්තරව තහනම් කරන ලද මෙම පුද්ගලයන් නිදහස් කිරීමේ පියවර මඟින් ඔවුන්ට නැවත ශ්‍රී ලංකාව තුළ මුදල් ගනුදෙනු කිරීමට සහ ත්‍රස්තවාදයට මුදල් පොම්ප කිරීමට අවස්ථාව ලැබෙන බව පෙන්වා දුන් වීරවංශ මහතා, ජිනීවා මානව හිමිකම් කොමිසමේ “ශ්‍රී ලංකාවට හතුරු යෝජනාවට විරුද්ධව ඡන්ද විමසීමක් ඉල්ලා නොසිටියේ” ඡන්දයට සල්ලි වියදම් කළ “දෙමළ ඩයස්පෝරාව” සමඟ ඇති කොන්ත්‍රාත්තුව නිසා බවටද චෝදනා කළේය.
එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර ශ්‍රී ලංකාව “ඉන්දු පැසිෆික් සාගර කලාපයේ” ඇමරිකානු න්‍යාය පත්‍රයේ පාර්ශවකරුවෙකු බවට පත් කර ඇති බවත්, එම නියම ගිවිසුම පාර්ලිමේන්තුවට ලබා නොදී නොමඟ යවන බවත් හෙළි කළේය.
වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේ, රජය “ආර්ථික අසාර්ථකත්වය සහ ජනප්‍රියතාව බිඳ වැටීම” හමුවේ, වියරු වැටී රජය විසින් රටේ “මහා සංස්කෘතියට පහර දෙමින්” සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය කරමින් “නැති ජාතිවාදයක් අවුස්සන්න” උත්සාහ කරන බවයි. ත්‍රීකුණාමලයේ බුදු පිළිමේ ඉවත් කිරීම, බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසි කිරීම, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයට අන්‍ය ආගමික උගතුන් පත් කිරීම, සහ “බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලොක්කා බවට අනාගමික මත දරන්නෙක් පත් කිරීම” වැනි ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනාධිපති අනුර කුමාර මහතාගේ ආණ්ඩුව මගින් බවත්, මෙය ජාතිවාදයට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශයන් හා පරස්පර වන බවත් ඔහු පැවසීය.
ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය “බිලියනපතියන්ගේ අවශ්‍යතාවන්ට” අනුව සිදුවන බව පෙන්වා දුන් වීරවංශ මහතා, ජනාධිපති අනුර කුමාර මහතාට අමතරව රාජ්‍ය පාලනයේ ආර්ථික කළමනාකරණය පිළිබඳ සියලු උපදෙස් ගන්නේ “ප්‍රකෝටිපති පස් දෙනෙකුගෙන්” යුත් "සුපිරි චෞර පහ" හෙවත් “පස්දුන් කට්ටුව” හරහා බවට ප්‍රබල හෙළිදරව්වක් කළේය. මෙම පස් දෙනා නම් “මලික් සමරවික්‍රම, ධම්මික පෙරේරා, ක්‍රිෂාන් බාලේන්ද්‍ර, හනීෆ් යුසුෆ්, සහ ඉෂාර නානායක්කාර” බව හෙතෙම සඳහන් කළේය. රුපියල් ලක්ෂයක පිරිවැටුමක් ඇති පුංචි කඩේට පවා වැට් (VAT) බද්ද බලපාන ආකාරයට එහි පරාසය පළල් කළේ මෙම "පස්දුන් කට්ටුවේ" න්‍යාය පත්‍රය අනුව බවට ද ඔහු චෝදනා කළේය.
“රුපියල් ලක්ෂක පිරිවැටුමක් තියෙන පුංචි කඩේටත් වැට් එක බලපාන තත්වෙට වැට් එක පරාසය පළල් කළේ. මේ පසු දුන් කට්ටුවේ න්‍යාය පත්‍රය අනුවයි අයි. එම්. එෆ් එකට අමතරව. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා. එක පැත්තකින් ආර්ථිකය බංකොලොත්භාවයෙන් ගොඩගන්වා වෙනුවට තව තවත් අවධානම් දිසාවට ඇදගෙන යනවා, උත්තර නැහැ. ගොවියෝ හතර ඝාතෙන් වැටිලා ඉන්නවා, උත්තර නැහැ. ආණ්ඩුවේ ජනප්‍රියතාවයක් තිබ්බනං ඒක දවසින් දවස වේගයෙන් බිඳ වැටෙනවා, උත්තර නැහැ. උත්තර නැති වෙනකොට බටහිරයි ඩෑෂ්පෝරාවයි දීපු ලනු ටික රටට කවන්න හදනවා. ඒ ක්‍රියාමාර්ග ටික උස්සන්න කරන්න හදනවා, රණවිරුවන් දඩයම් කරමින්. අර “පස්දුන් කට්ටුවට” ඕන විදියට මහා පරිමාණ ටිලියනපතියන්ට ඕන විදියට රටේ ආර්ථිකය මෙහෙයවනවා. ඒ මගින් පොදු ජනතාව දවසින් දවස ඉතා අසරණ තත්ත්වයකට වැටෙනවා. රණවිරුවන් පිටින් තියෙලා අසාර්ථක භාවය වපුරන්න හදනවා.
ජේ ආර් ජයවර්ධන එදා ඔහුගේම ගෝල බාලයන් ලව්ව “කලු ජූලිය හදලා” යාපනයේ පුස්තකාල ඔහුගේම ගෝල බාලයන් ලව්වා ගිනි තියවලා, වගකීම දේශපාලන පක්ෂ මත පටවලා, තහනම් කරලා රට නැති ගින්නකට ඇතුළු කළා වගේ, මේ උන්දැත් හදනවා තමන්ගේ කට්ටිය ලව්වම බුදුපිළිම උස්සලා, බුදුපිළිම අත්අඩංගුවට අරගෙන, බුදුපිළිම ආරක්‍ෂා කරන්න. බුදුපිළිම තියෙන තැනින් ආරක්ෂා කරන්න පොලීසියට උස්සන්ගිය ඉතිහාසයක් ලංකාවේ හැත්තෑහය වසරක තිබිල නෑ.”
ආර්ථික වශයෙන් රජය අසාර්ථක වී ඇති බවට සාක්ෂි ලෙස, 2025ට වෙන් කළ ප්‍රාග්ධන වියදම්වලින් 22%ක් පමණක් වියදම් කර 78%ක් භාණ්ඩාගාරයට ආපසු හරවා යවා ඇති බව වීරවංශ මහතා පැවසීය. මෙසේ "උතුරනවා" යයි කියන භාණ්ඩාගාරයේ මුදල්වලින් ගොවීන්ගෙන් ලොකු ලූණු, අල සහ බඩ ඉරිඟු මිලදී ගැනීමට හෝ හිරකරුවන්ට හෝ ත්‍රිවිධ හමුදාවට ලබා දීමට රජයට මොළයක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය. එසේම, නිල නිවාස නොගන්නා බවට පොරොන්දු වුවද කතානායකට නිවාස 2 කුත් ඇමති හත් දෙනෙකුට නිල නිවාස 7ක් ලබා දී ඇති බවත්, දුම්රියෙන් ගමන් කරන බව කියූවද ඩබල් කැබ් රථ 1750ක් මිලදී ගැනීමට මුදල් වියදම් කරන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. වීරවංශ මහතා අවසන් වශයෙන් රටේ ජනතාවට අනතුරු අඟවමින් කියා සිටියේ, “නියම ජාතිවාදය උසිගැන්වීම සහ ලේ දැකීමේ අවස්ථාව නිර්මාණය කිරීමට ඉඩ දීම සිදු කරන්නේ ආණ්ඩුවෙන්” බවත්, එම පරගැති පාලනය පරාජය කිරීම සඳහා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු බවත්ය.
“එවැනි ඒ ඒ ඒ විදියේ ප්‍රකෝපකාරී ක්‍රියා සිදුකරලා නැති ජාතිවාදයක් ඇති කරන්න හදනවා. ඒ මගින් හරි ලේ ගංගා නිර්මාණය කරලා හරි තමන්ගේ බලය පවත්වාගෙන යන්න. එනිසා අපි රටේ ජනතාවට අනතුරු අඟවනවා “නියම ජාතිවාදී උසිගැන්වීමෙන්” ආණ්ඩුවෙ නියම ලේ දැකීමේ අනාගත අවස්ථාව නිර්මාණය කරන්න ඉවහල් වන්නේ ආණ්ඩුවෙන්, ඒකට ගොදුරු වෙන්නේ නැතුව, පරගැති පාලනය පරාජයට පත්කරන්න බුද්ධිමත්ව සබුද්ධිකව අපි ක්‍රියාත්මක වෙමු. ඒ හැර අන් මගක් අප හමුවේ නෑ.”
මාධ්‍ය සාකච්ඡාව අවසානයේ
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා
පැමිණ සිටි මාධ්‍යවේදීන් අතර ඇති වූ සංවාදයේ
ප්‍රශ්න හා උත්තර මෙසේය.
ප්‍රශ්නය - දැන් රණවිරුවන් පිළිබඳව ඔබ මතක් කරා. දැන් ඒක දිගින් දිගටම ආවා. නමුත් රණවිරුවන් සාමූහිකයෙක් කියලා මේ ආණ්ඩුව පිහිටුවන්න විශාල සේවාවක් කරානේ. ඇයි ඔවුන්ට එහෙම කරන්නේ?
උත්තරය - රණවිරු සහෝදරයෝ කිහිප දෙනෙක්ට රස්සා හම්බ වුණා. පොලිස් සහෝදරයොත් කිහිප දෙනෙක්ට රස්සා හම්බ වුණා. අනිත් උන්දලා ඉතින් පව් අසරණයි, අතුරුදන්.
ප්‍රශ්නය - ඒගොල්ලෝ රස්සා බලාපොරොත්තු වෙලාද මේ ගියේ?
උත්තරය - නැහැ, නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ අඩු ගානේ ඒගොල්ලෝ දීපු ක්‍රියාකාරීව සම්මාදම් වෙලා ගෙනාපු පාලනය ගැන ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වයක් හැදෙයි කියලා. දැන් ඒක නැති හින්දා ඒගොල්ලෝ ගුම්වෙලා හදාසරණ වෙලා ඉන්නවා.
ප්‍රශ්නය - දැන් මෙතනින් එහාට රණවිරුවන් බලාපොරොත්තු අත්හරීවිද? එතකොට මේ උසාවි පොලීසි ආයෙත් ඇරෙයිද මේවට?
උත්තරය - ඔව්, ඒකනේ ජනාධිපතිවරයා කියන්නේ. පාර්ලිමේන්තුවේ කිව්වේ ඒකනේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැහැදිලිව කිව්වේ අපිට තියෙනවා මෙහෙම අපරාධ චෝදනා, ඒවට අපි ක්‍රියාත්මක වෙනවා, නීතිය ක්‍රියාත්මක කරනවා. 'රණවිරු දඩයම' කියලා කියන්න එපා. ඒක තමයි ඒ කිව්වේ. චිත්‍රපටියේ ට්‍රේලර් එක දැම්මේ.
ප්‍රශ්නය - දැන් ඒක ජනාධිපතිතුමා ඇත්තටම ආවේ බොහෝ විට එදා කතා කරන්න ආවේ අර මේ ත්‍රිකුණාමල ප්‍රශ්නය. ඒ අස්සේ නේ මේක කිව්වේ.?
උත්තරය - අර ඒ සිද්ධිය සිද්ධ වුණාම ඒකට ආපු ප්‍රතික්‍රියාව බරපතල නිසා හර්ද ස්පන්දනය වැඩි වුණා, ආතතිය වැඩි වුණා. ආතතිය පිට කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියා. එතකොට දන්නවා න්‍යාය පත්‍රයේ තියෙනවා ඉදිරි කාලයේ තව “ආතතිය වැඩි වෙන වැඩ ටිකක්” කරන්න වෙනවා. ඇයි? මේ පොරොන්දු වෙලා ඉවරයි. එතකොට ඒකට ඒකත් බලලා මල්ලෙන් එළියට පනිනවා. ආතතිය වැඩි වුණා මෙහෙම වෙනවා. බලලා මල්ලෙන් එළියට පනිනවා අපි මෙහෙම එකක් කරන්න යනවා 'රණවිරු දඩයම' කියලා නම් කියන්න එපා. අපි ඉතින් කියනවා 'හරි සර්' කියලා.
ප්‍රශ්නය - දැන් ත්‍රිකුණාමල සිද්ධියට ඇත්තටම මේ කවුරුත් බය වුණේ මොකද, තවත් දෙතුන් පාර්ශ්වයක් ඇවිල්ලා ඉවරලා මේකට ඇතුල් වෙලා ඊට පස්සේ මේක ප්‍රශ්නයක් ඇති වෙයි, ජාතිවාදය ඇති වෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ, නේද?
උත්තරය - නැහැ, නැහැ, දැන් නැහැ, දැන් නැහැ. මෙතන සාමාන්‍යයෙන් දැන් පොලීසිය භාර කවුද ඇමති? මොකක්ද එයාගේ නම?
ප්‍රශ්නය - ආනන්ද විජයපාල?
උත්තරය - නෑ, මම කිව්වේ ඇත්ත නම... එයා ව්‍යාජ කූටලේඛනකාරයෙක්නේ.
ප්‍රශ්නය - තව නමක් තියෙනවද?
උත්තරය - ඔව්, එයා 'නැහැ' කියලා නැහැ. පාර්ලිමේන්තුවේත් ඒ නම කියවුණා. එයා නැහැ කියලා නැහැ. එයාගේ ඒ නම, ඒක නම නෙවෙයි කියලා නැහැ. ඉතින් එයා කූටලේඛනකාරයෙක්. බලන්නකෝ පොලීසියේ භාර ඇමති කූටලේඛනකාරයෙක්. ඒක වෙන කතාවක්. දැන් මේ කූට ලේඛනකාරයා මොකක්ද කිව්වේ? බුදු පිළිමයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ආවා. ඒ නිසා බුදු පිළිමය වැඩම කෙරෙව්වා පොලීසියට. ආයේ ආරක්ෂාව සලසලා පහුවදා පොලීසියම වැඩම කෙරෙව්වා තිබුණු ස්ථානයට. ඉතින් මේවට අපි 'සාදු සාදු' කියන්නද, 'නොදකින්' කියන්නද? දැන් මේවා කවුද පිළිගන්නේ?
ඒ බුදු පිළිමයට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා නම්, දැන් ඔයිට කලින් ත්‍රිකුණාමලයේ ඔය යුද්ධේ ඉවර වෙන ආසන්න කාලය වගේ නගරේ තිබුණා බුදු පිළිමයක්. ඒකටත් ඔය යම් යම් ප්‍රහාර එනවයි කියලා තොරතුරු ආවා. ඉතින් ඒකට ආරක්ෂක හමුදා දාලා ඒ සිද්ධියක් වෙන්න බැරි වෙන විදියට ක්‍රියා කළා. දැන් යම්කිසි ආගමික සංකේතයකට, මම කියන්නේ බුදු පිළිමෙකට හරි, කුරුසෙකට හරි, වෙනත් හින්දු ආගමික සංකේතයකට හරි මොකට හරි එහෙම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒක අරන් ගිහිල්ලා පොලීසියේ තියාගන්න එක නෙවෙයි කරන්න ඕනේ. ඒ ස්ථානයට ආරක්ෂාව දෙන එක. මේ මාර රටක්නේ. දැන්, මට ආරක්ෂාව ගැන තර්ජනයක් තියෙනවයි කියලා පොලීසියේ භාර ඇමතිතුමා ඊළඟට කරයි මාව අරන් ගිහිල්ලා පොලීසියේ තියාගනියි. “නල්ලමලේ ආරක්ෂාව සැපයීමක්”. මේගොල්ලන්ගේ ආරක්ෂාව සැපයීමෙන් බේරිලා ඉන්න ඕනේ ඔක්කොටම වඩා.
ප්‍රශ්නය - කූටලේඛන කිව්ව හින්දා දැන් ඊයේ තවත් ලේඛනයක් ගැන ආවා මේ නාමල් රාජපක්ෂ මහත්තයාගෙත් මේ නීතිඥ උපාධිය පිළිබඳව ප්‍රශ්නයක් කියලා. දිගින් දිගට ඔය චෝදනාආවා. ඔබතුමාට එහෙම ප්‍රශ්න නැද්ද...
උත්තරය - නැහැ. දැන් ඒ මොකද? ඉතින් ඔය චෝදනා මෙහෙමයි, දැන් මේ විපක්ෂයේ ඉන්න අයට ඔය බයිලා ගහලා වැඩක් නැහැ පාර්ලිමේන්තුවට ඇවිල්ලා. දැන් මේක හරි පුදුම වැඩක්නේ. මේගොල්ලන්ට පුරුදු කතාව පවත්වන එක විතරනේ. “වැඩ කරලා පුරුදු නැහැනේ”. දැන් මොනවා හරි වෙච්ච ගමන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අර පරණ කතාවක් අලුත් කරලා කියනවා. දැන් අවුරුද්දකට වැඩියි බලයට ඇවිල්ලා. දැන් මොනවද මේ පරණ ඇඳුම් ආයේ හෝද හෝද ඉන්නේ? එක්කෝ එහෙම නැත්නම් මොකක් හරි ඒකේ තියෙනවා නම් නීතියට අනුව වරදක්, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. නැත්නම් අඩු ගානේ ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් තියෙනවා නම් ආයෙමත් ඔය ගොබ්බ කතා නොකියා ඉන්න ඕනා. ඒ දෙකම වෙන්නේ නැහැනේ. මේගොල්ලෝ හිතන් ඉන්නේ තාම බලය තියෙන්නේ වෙන කාටවත්, ඒගොල්ලෝ ඉන්නේ විපක්ෂේ කියලා. ඉතින් ජනාධිපතිතුමා හිතන් ඉන්නවා අර වෙනදා වගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා “ලොරි ටෝක්” එකක් දුන්නම ඔක්කොම හරි කියලා. දැන් එහෙම නැහැ. බලයේ ඉන්නකොට කතාවලින් විතරක් දුවන්න බැහැ. “වැඩ ඕනේ”. ප්‍රාග්ධන වියදම් 22%ක් වියදම් කරලා තියෙන්නේ. කෝ වැඩ? නිදහසෙන් පස්සේ මොන ආණ්ඩුවක් යටතේද ප්‍රාග්ධන වියදම් 22%ක් තරම් සුළු ප්‍රමාණයක් අවුරුද්දකට වියදම් කළේ? අන්න පුනරුදේ. ඒක තමයි වැඩ.
ප්‍රශ්නය - දැන් ඔබතුමා පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ හිටියා නම් කෑබ් එකක් ගන්න තිබුණා.
උත්තරය - අනේ අම්මේ... වස් වදිනවා ඔය කැබ් අරන්. “පස්සේ ගෙඩි දාන”. ඔය කෑබ්වල ගියොත් මොකද දන්නවද? ඔය වාහන ගැන මොන තරම් ඉරිසියාකාර කතා කිව්වද. ගෝල්ෆේස් එකේ ප්‍රදර්ශනය කර කර මොන ගොන් ආතල් ගත්තද? ඉතින් ඒ නිසා ඒ කටවහ ඇස්වහ ඔක්කොම වැදිලා තියෙන වාහන. බුදු අම්මෝ, ඕකේ පස්ස තිබ්බොත් තියෙන එව්වත් එක්කම ඉවරයි. හැඳි ගෑවිලම යනවා.
ප්‍රශ්නය - දැන් හෙට (21) තමා දවස. යන්නේ නැහැනේ. තව ඉඩක් නැත්ද යන්න හිතක් පහළ වෙන්න?
උත්තරය - නැහැ, අපි ඒක ප්‍රතිපත්තිමය වශයෙන් අපේ තීරණය තියෙන්නේ. අපි හිතනවා ආණ්ඩුව පළවා හැරිය යුතුයි. හැබැයි ඒක ඉතා දියුණු ප්‍රතිපත්තිමය උපාය මාර්ගයක රාමුවක් පිළිබඳ එකඟතාවයක් ඇතුව. එහෙම නැතුව මිනිස්සුන්ව ආයෙමත් කතාබහක් ඇති කරලා, ආණ්ඩුවක් හදලා ටික කාලෙකින් මිනිස්සුන්ට එපා කරවලා, ඒ මිනිස්සු ලව්වම ආයේ ආණ්ඩුව පන්නන විදියේ තත්ත්වයකට මේ රට ගෙනියන්න අපි කැමති නැහැ.
අපේ ඒ සහෝදර පක්ෂවලට අපි සුබ පතනවා, ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි කියන්නේ, ආණ්ඩුවක් පෙරලලා ආණ්ඩුවක් හදන්න පුළුවන්. “ආණ්ඩුවක් පවත්වාගෙන යන්න අමාරුයි”. රටේ මිනිස්සු ඉවසන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුවටත් තව ටික දවසකින් ඒක පිළිගන්න වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුව පරද්දමු. ආණ්ඩුවක් හදමු. හැබැයි “තියාගන්න හිතෙන” ආණ්ඩුවක්. “එළවන්න හිතෙන” ආණ්ඩුවක් නෙවෙයි. මිනිස්සුන්ට ගත්තු තීරණය ගැන සතුටු වෙන්න පුළුවන් ආණ්ඩුවක්. ඇත්ත කියලා ගන්න බලයක්.
එහෙම නැතුව අපේ පක්ෂය සූදානම් නැහැ. ඒ කියන්නේ බලය ගත්තත් කෙටි කාලෙකින් ගත්තු බලය අතහරින්න සිදුවෙන විදියේ “ගමනකට” පාර කපන්න. ඒක අපේ වගකීම නෙවෙයි. අපේ භූමිකාව නෙවෙයි. ඉතින් ඒ නිසා අපි ඒක ඒ අයට සුබ පතනවා. නමුත් අපි අර බැරෑරුම් අදහසේ ඉන්න නිසා, ඒ බැරෑරුම් අදහස මත පදනම්ව යන ක්‍රියාදාමයකට අපි පූර්ණව එකඟ නිසා තමයි අපි ඒ වෙනුවෙන් මේ මතය දරන්නේ.
ප්‍රශ්නය - දැන් ඔබ 2015 දී ඔහොම නෙමෙයිනේ හිතුවේ. අවුරුද්දක් යන්න කලින්...?
උත්තරය - අතීතය කියන්නේ “පාඩම්නේ” සහෝදරයා. “අතීතය කියන්නේ පාඩම්”. සමහර වෙලාවල් තියෙනවා අපි “වලකට වැටිච්ච. හැබැයි මොළයට ලාභයක් කරගන්න ඕනේ. මොළයට ලාභයක් කර නොගන්න අතීතයේ වෙච්ච සමහර දේවල් වලින් අපි කැමති නැහැ. ඒක අතීතය කියන්නේ ගුරුවරයෙක්. ඒ ගුරුවරයාගේ ලබා දෙන මාර්ගෝපදේශකත්වයට අපි ඇහුම්කම් දෙන්න ඕන. ඒක පිළිගන්න ඕන. ඒ නිසා අපේ අතින් අතීතයේ යම්කිසි අඩුවක් වෙලා තියෙනවා නම්, ඒක නැවත නැවතත් කිරීම නෙවෙයි අපේ වගකීම. ඒ සේවය සුදුසු නැහැ. ඒ බැරෑරුම් අදහසින් තමයි අපි මේ සමස්තය දිහා බලන්නේ. ඒක මම හිතනවා නිවැරදියි කියලා.
ප්‍රශ්නය - ඒ කියන්නේ 'මහින්ද සුළඟ'ට පටන් ගැනීම වරදක් හැටියට?
උත්තරය - නෑ, නෑ. මම එහෙම නිශ්චිතව අහවල් එක අහවල් එක කියලා කිව්වේ නැහැ. ගොඩාක් නිවැරදි තීරණ අතරේ අඩුපාඩු වෙච්ච තීරණ තියෙන්න පුළුවන්. ඒවයින් ඉගෙන ගන්න ඕන.
ප්‍රශ්නය - දැන් මේකේ ඒකේ වෙනසක් දකිනවද ඔබ? දැන් එදා කරපු රැස්වීමයි, මෙදා කරපු රැස්...
උත්තරය - මම කැමති නැහැ ඒ ගැන වැඩිපුර විස්තර කරන්න. මොකද ඒ උත්සාහයට අනවශ්‍ය අගතියක් කරන්න මම එකඟ නැහැ. මොකද ඒ අර්ථයෙන් නෙවෙයි මම අපි මේකේ පාර්ශවකරුවෙක් නොවන්නේ. මම අර කියපු බැරෑරුම් අර්ථයෙන්. ඉතින් ඔය සරලව ඔය එක එක ඒවත් එක්ක සංසන්දනය කරලා උත්තර දෙන්න ගියාම මගේ ඒ සීමාව ඉක්මවා යනවා.
ප්‍රශ්නය - ඉදිරියේදී...
උත්තරය - ඔබට අවශ්‍යයි මාව සීමාවෙන් එළියට ගන්න, නමුත් මම පරිස්සම් වෙනවා ඒ සීමාව ඇතුළේ ඉන්න.
ප්‍රශ්නය - ඉදිරියේදී ඉතින් ඔබ වෙනම ගමනක් තියන්න, එතකොට වෙනම රැස්වීම් මාලාවක් තියන්න, වෙනම ජනතාව එකතු කරනවද?
උත්තරය - අපි මේ මෙන්න මේ කියන බැරෑරුම් අදහස සමාජගත කරන්න වෙනම ක්‍රියාත්මක වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ බැරෑරුම් අදහසට අනුකූල එකඟතාවයක් අනාගතයේ ගොඩනැගෙනවා නම්, ඒ දිහා සාධනීයව බලන්න අපි සූදානම්.
ප්‍රශ්නය - දැන් ඉදිරියේදී පළාත් සභා මැතිවරණ එයි කියලා හිතනවා. දැන් මේ එකතුවක් හදන්නේ සමහර වෙලාවට ඔතනට එන්න, ඔබ එතන නැති වෙයිද එතකොට?
උත්තරය - ඔව්, පළාත් සභා මැතිවරණය කියන්නේ ඉදිරියේදී එන්න තියෙන තීරණාත්මකම මැතිවරණය නෙවෙයිනේ. තව ඊට එහා තියෙනවනේ තීරණාත්මකම මැතිවරණ. ඉතින් ඒ අවස්ථාවන් වලදී අපි බලමු අපිට එන තත්ත්වයන් අභියෝග අනුව. අපි හිතන විදියේ බැරෑරුම් බවකින් යුක්ත පරිවර්තනයකට සූදානම් මිත්‍ර බලවේගවල එකතුවක් සිදු වෙනවා නම්, ඒක පිළිබඳව ධනාත්මකව හිතන්න සහ ක්‍රියාත්මක වෙන්න අපිට පුළුවන්.
ප්‍රශ්නය - ප්‍රවෘත්තියක් ආවා, ඉතිහාසයේ වැඩිම බදු ආදායම වාර්තා කරලා තියෙනවා කියලා. ඔබ කිව්වා ආදායම නැහැ ලංකාවේ කියලා මීට ඉස්සෙල්ලා.
උත්තරය - ආදායම නැහැ කිව්වේ නැහැ. මම කිව්වේ ප්‍රාග්ධන වියදම් 78%ක් හරවලා යවලා කියලා.
ප්‍රශ්නය - මේකේ ඇත්තටම කියන්නේ...
උත්තරය - නැහැ, වැඩිම බදු.
ප්‍රශ්නය - ඔව්.
උත්තරය - දැන් ඔබ දුරකථනයෙන් 'හලෝ' කියපු ගමන් ආසන්න වශයෙන් රුපියල් 40ක් විතර බදු. රුපියල් 100ක කාඩ් එකක් දාලා ඔබ කතා කළොත් ආසන්න වශයෙන් රුපියල් 40ක් විතර බදු. අන්තර්ජාල සේවා සඳහා දත්ත (ඩේටා) පාවිච්චි කරනවට 20.3%ක බද්දක් තියෙනවා. හඬ සේවා (කෝල්) ගත්තම තියෙනවා 38.4%ක බද්දක්. එතකොට රුපියල් 100ක් මුදලක් රීලෝඩ් කරලා කෝල් ගන්නේ නැතුව දත්ත භාවිතා කළොත්, රුපියල් 100න් ආසන්න වශයෙන් රුපියල් 79.30ක විතර කතා කරන්න පුළුවන්. රුපියල් 100න් 61ශත 60 ක කතා කරන්න පුළුවන්. එතකොට රුපියල් 100ක් දාලා කතා කරනකොට ආණ්ඩුව කතාව අස්සේ ගහනවා රුපියල් 39ක් විතර කොල්ල කනවා.
ඉතින් අපි කරන කතාවෙන් එහෙම ගහනවා නම්, ආණ්ඩුව බදු කන ඒවයෙන්, බොන ඒවයෙන්, දුවන පනින ඒවයෙන්, බෙහෙත් බොන ඒවයෙන්, මේ ඔක්කොගෙම ඉස්කෝලේ ගෙනියන ඒවයෙන්, සපත්තුවෙන්, සෙරෙප්පුවෙන්. පිටරට ඉඳන් ගෙනාපු මනුස්සයෙක් මොනවා හරි පරණ ෆ්‍රිජ් එකක් උපකරණ ටිකක් එවනවා. එහේ හිතින් පරණ කොට මෙහෙට ඒක අලුත් හින්දා. දැන් එහේ පරණ වාහන අපි ගෙනල්ලා මෙහේ පදින්නේ. ඉතින් ඒවා හොඳයි. දැන් අර මිනිස්සු ගෙදරට එවන බඩු ටිකත් ඒ වගේ ඉන්නත් බැහැ. එතකොට එහෙමත් ඒ පැත්ත පීඩනයට ලක් කරනවා. පහළට දෙන්න තියෙන පීඩනය නැත්තට නැති වෙන්න දෙනවා.
“පස් දෙනා තමයි ආර්ථිකයේ ගමන් මග තීරණය කරන්නේ”. පස් දෙනා තමයි; මලික් සමරවික්‍රම, ධම්මික පෙරේරා, ක්‍රිශාන් බාලේන්ද්‍ර, හනීෆ් යූසුෆ්, ඉෂාර නානාක්කාර. ඒ පස් දෙනාට ප්‍රශ්නයක් නැහැ. අපිට 'හලෝ' කිව්වම රුපියල් 40ක් ආණ්ඩුව ගහලා ගත්තට. ඒක ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නය - දැන් මේක සතුටෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතිහාසය කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ අපි බොහොම “සක්සස්” කියන...
උත්තරය - ඔව් ඉතින්. ඉතින් ඔබ කන ටිකෙන්, ඔබ අඳින එකෙන්, ඔබේ තියෙන පෑනෙන්, ඔබේ තියෙන දුරකථනයෙන්, ඔබ කරන දුරකථන ඇමතුමෙන්, ඔබ කරන අන්තර්ජාල පහසුකම ලබා ගැනීමෙන්, ඔබේ බෙල්ට් එකෙන්, ඔබේ යට ඇඳුමෙන්, ඔබේ කලිසමෙන්, ඔබේ සපත්තුවෙන්, ඔබේ මේස් එකෙන්, ඔබේ කොණ්ඩ කපන එකෙන්, ගැටුමක් ගැහුවොත් ඒකෙන්. ඔය ඔක්කොගෙන්ම ගන්නකොට බදු ආදායම සරුයි තමයි. අර පස් දෙනා පෙන්නන්නේ නැහැ උඩින් බදු ගන්න විදිය. උඩට බදු වැඩිපුර දෙන විදිය ඒගොල්ලෝ කියන්නේ නැහැ. රුපියල් ලක්ෂයක මාසික පිරිවැටුමක් තියෙන කඩේට තමයි දවසක පිරිවැටුමක් තියෙන කඩේට තමයි වැට් එක ගහන්න කියලා කියන්නේ. අන වැඩි කරන්නේත් වැට් නේ. ඒක එන්නේ කෙලින්ම පාරිභෝගිකයාටනේ. හැබැයි දැන් ඉතින් ගන්න තියෙන උපරිමයට ගිහිල්ලා ඉවරයි. තව ගන්න ගියොත් මම හිතන්නේ නැහැ මිනිස්සු දරා ගැනීමේ සීමාව ඉක්මවයි.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

