ඉතිහාසයේ වැඩිම කාලයක් දළදා මැදුරේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය තුළ වැඩිම කාලයක් දියවඩන නිලමේ තනතුර හෙබවූ පුද්ගලයා ලෙස ප්‍රදීප් නිලංග දෑල පත්ව ඇතැයි ශ්‍රී දළදා මාලිගාවේ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට මුල්වරට 2005 වසරේදී ඡන්ද 199 ක් ලබාගෙන තේරී පත්වූ ප්‍රදීප් නිලංග දෑල අද (නොවැම්බර් 7 වනදා) නැවත වතාවක් ඡන්ද 195ක් ලබා ගනිමින් තෙවැනි වතාවට තේරී පත්වීම තුළ ඉතිහාසයේ වැඩිම කාලයක් එම තනතුර හෙබවූ පුද්ගලයා ලෙස සිය නම ඉතිහාසයට එකතුකර තිබේ.
ඉතිහාසයේ වැඩිම කාලයක්
දළදා මැදුරේ දියවඩන නිලමේ
ප්‍රදීප් නිලංග දෑළ...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය තුළ වැඩිම කාලයක් දියවඩන නිලමේ තනතුර හෙබවූ පුද්ගලයා ලෙස ප්‍රදීප් නිලංග දෑල පත්ව ඇතැයි ශ්‍රී දළදා මාලිගාවේ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට මුල්වරට 2005 වසරේදී ඡන්ද 199 ක් ලබාගෙන තේරී පත්වූ ප්‍රදීප් නිලංග දෑල අද (නොවැම්බර් 7 වනදා) නැවත වතාවක් ඡන්ද 195ක් ලබා ගනිමින් තෙවැනි වතාවට තේරී පත්වීම තුළ ඉතිහාසයේ වැඩිම කාලයක් එම තනතුර හෙබවූ පුද්ගලයා ලෙස සිය නම ඉතිහාසයට එකතුකර තිබේ.
වසර දහයකට වරක් පවත්වනු ලබන දියවඩන නිලමේ තේරීමේ ඡන්දයෙන් ප්‍රදීප් නිලංග දෑල 2015 වසරේදී දෙවනවර තේරී පත්ව ඇත්තේ ඡන්ද 205ක් ලබා ගනිමිනි.
ශ්‍රී දළදා වහන්සේගේ මීළඟ ගිහි භාරකරුවා වීමට හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නැවත වතාවක් තරග වදින බව කල් තියාම දැනුම් දී තිබුණු අතර ඔහුගේ නාම යෝජනාවට එදිරිව ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ සහ මහනුවර මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක මහතාද පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ මහනුවර මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන මහතාද තරග කරන බව ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
ඊට අමතරව මෙම තරගයට මහාචාර්ය තිලක් සුබසිංහ, රොෂාන් ප්‍රියදර්ශන, නන්දන මඩුගල්ලේ හා ගාමිණී කළුහෙන්දිවෙල යන අයද තරග වදින බවට මාධ්‍ය මගින් තොරතුරු ප්‍රසිද්ධ වී තිබිණි.
එහෙත් නියමිත දිනය වූ නොවැම්බර් 07 වැනිදා නාම යෝජනා ඉදිරිපත් වූයේ වැඩබලන දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල, ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ සහ මහනුවර මහ නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ මහනුවර මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන යන නම් තුන පමණි.
මෙම උත්තරීතර ධූරය තෝරා පත් කර ගැනීම සඳහා මල්වතු අස්ගිරි මහා විහාර මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ දෙනම ප්‍රමුඛ උඩරට රාජධානියට අයත් රජමහා විහාරස්ථානවල විහාරාධිපති වහන්සේලා, නිලමේවරු ඇතුළු භාරකරුවන්ද, උඩරට රාජධානියට අයත් ප්‍රාදේශීය ලේකම් වරුද 267 දෙනෙක් ගෞරවණීය ඡන්දදායකයන් වූහ.
ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේගේ ගිහි භාරකරුවා ලෙස සුදුසු නිලමේවරයෙකු තෝරා ගන්නට වසර දහයකට වතාවක් පැවැත්වෙන දළදා මාලිගාවේ චන්දය 2025 නොවැම්බර් 07 වන දා හෙවත් අද දින ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල් ආර්. එම්. ගාමිණී සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී පැවැත්විණි.
නිලවරණයෙන් ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක ඡන්ද 13ක් ලබාගත් අතර දමින්ද බණ්ඩාර උඩුරාවණට ඡන්ද 50ක් ලැබී තිබීම කැපී පෙනෙන කාරණාවක් විය. කෙසේ වෙතත් ඡන්ද 195ක් ලබා ගනිමින් මෙවරත් ශ්‍රී දළදා මාලිගාවේ උතුම් වූ දියවඩන නිලමේ තනතුර තුන්වෙනි වතාවටත් බාර ගැනීමට සමත් වූයේ හිටපු දියවඩන නිලමේ හා වැඩ බලන දියවඩන නිලමේ ලෙස කටයුතු කළ ප්‍රදීප් නිලංග දෑල මහතාය.
මෙම ඡන්ද ප්‍රතිඵලයට අනුව ප්‍රදීප් නිලංග දෑල මහතා 2035 වනතෙක් තවත් අවුරුදු දහයක් එම උත්තරීතර ධූරයේ වගකීම් දරමින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ.
1973 වසරේ ඔක්තෝබර් 28 වන දින රත්නපුර දිස්ත්‍රික්කයේ දෑළ නම් ගම්මානයේදී ඩික්සන් සරත්චන්ද්‍ර දෑළ සහ සිසාර දෑළට දාව වනිගසේකර වනසිංහ මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නිලංග දෑළ මෙලොව උපත ලැබී ය. ඔහු 1978 වසරේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත්ව මූලික අධ්‍යාපනය ලබා ද්විතීයික අධ්‍යාපනය සඳහා 1980 වසරේදී කොළඹ නාලන්දා විදුහලට ඇතුළත් විය.
නාලන්දා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු 1992 වසරේදී නාලන්දාවේ කීර්තිමත් ම ශිෂ්‍යයාට හිමි සම්මානය ද හිමිකර ගෙන තිබේ. පාසලේ වාණිජ සංගමය, සාහිත්‍ය සංගම්, බෞද්ධ සංගම් වැනි ශිෂ්‍ය ක්‍රියාකාරකම් රැසකට ද ඔහු නායකත්වය ලබා දී ඇත.
1999 වසරේ පළමු වරට සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරයට පත්වූ එවකට 26 හැවිරිදි වියේ පසුවූ ප්‍රදීප් නිලංග දෑළ ඉනික්බිතිව රුහුණු මහා කතරගම දේවාලයේ ද බස්නායක නිලමේ ධූරයට 2001 වසරේදී තරගකර තේරී පත්විය.
2005 වසරේදී ජූලි 21 වන දින ඔහු ප්‍රථම වරට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස තේරී පත් විය. අනතුරුව 2015 වසරේ පැවති නිලවරණයෙන් දෙවන වරටත් 2025 වසරේදී තෙවන වරටත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස තේරී පත් වූ ප්‍රදීප් නිලංග දෑළ ලංකාවේ ශ්‍රී දළදා මාළිගාවේ ඉතිහාසයේ 19 වන දියවඩන නිළමේ වරයා ය.
තුන්වන වතාවටත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දිනාගත් ප්‍රදීප් නිලංග දෑල මහතාට colomboreport වෙබ් අඩවිය මෙලෙස සුබ ප්‍රාර්ථනා කරයි.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

