ශ්‍රී ලංකාවේ ජනගහනය 2012ට වඩා ලක්ෂ 14කින් වැඩිවෙලා...

කොළඹ, නොවැම්බර් 02 - ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණනයට සාපේක්ෂව 2024 වසර වන විට ලක්ෂ 14කට අධික ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය 30 වනදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම වර්ධනය මිලියන 1.4කට ආසන්න වන අතර, එය නිශ්චිතව 1,422,361කි.

Nov 2, 2025 - 09:15
 20
ශ්‍රී ලංකාවේ ජනගහනය 2012ට වඩා  ලක්ෂ 14කින් වැඩිවෙලා...

ශ්‍රී ලංකාවේ ජනගහනය 2012ට වඩා 

ලක්ෂ 14කින් වැඩිවෙලා...

කොලඹ අභිබවමින් ගම්පහ පළමු තැනට..

කොළඹ, නොවැම්බර් 02 - ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණනයට සාපේක්ෂව 2024 වසර වන විට ලක්ෂ 14කට අධික ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය 30 වනදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම වර්ධනය මිලියන 1.4කට ආසන්න වන අතර, එය නිශ්චිතව 1,422,361කි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශාමලී කරුණාරත්න මහත්මිය මෙම තොරතුරු ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, 2012 වසරේ ජන හා නිවාස සංගණනයේදී වාර්තා වූ ජනගහනය 20,359,439ක් වූ බවයි. ඒ අනුව, 2024 වසරේදී රටේ මුළු ජනගහනය 21,781,800ක් දක්වා වැඩි වී ඇත. මෙම කාල පරාසය තුළ වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය සියයට 0.7 සිට සියයට 0.5 දක්වා අඩු වී ඇති බවද ඇය සඳහන් කළාය.

2024 සංගණනයේ තොරතුරු අනුව, රටේ මුළු ජනගහනයෙන් සියයට 51.7ක් ස්ත්‍රීන් වන අතර, සියයට 48.3ක් පුරුෂයින්ය. ජනගහනයේ වයස් බෙදීම් සම්බන්ධයෙන්ද සැලකිය යුතු වෙනස්කම් දක්නට ලැබෙන අතර, වයස අවුරුදු 15ට අඩු ජනගහනය 2012 සිට 2024 දක්වා සියයට 25.2 සිට සියයට 20.7 දක්වා සියයට 4.5කින් අඩු වී ඇත. ඊට වෙනස්ව, වයස අවුරුදු 65ට වැඩි ජනගහනය සියයට 7.9 සිට සියයට 12.6 දක්වා වැඩි වී තිබේ. මෙය රටේ ජනගහනයේ වයස්ගත වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.

මෙම සංගණනයේ විශේෂත්වයක් වන්නේ දිස්ත්‍රික් මට්ටමින් ජනගහන බෙදීම්ය. 2024 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනය සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර, එහි වෙසෙන ජනගහනය 2,436,142කි. කොළඹ දිස්ත්‍රික්කය දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, එහි ජනගහනය 2,375,415කි. එහෙත්, 2012 සංගණනයේදී වැඩිම ජනගහනය වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මෙම වෙනස ජනගහනයේ නාගරීකරණය සහ ජීවනෝපාය මාරුවීම් පිළිබඳ සංඥාවක් ලෙස සැලකිය හැකිය.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම සංගණනය රටේ සංවර්ධන සැලසුම්කරණය, සමාජ සුබසාධන සහ ආර්ථික ප්‍රතිපත්ති සැකසීම සඳහා ඉතා වැදගත් බවයි. විස්තරාත්මක වාර්තාව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0