හමුදාවෙන් රජයට මිලියන 10 ක මාසික ඉතිරියක්...
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ මගපෙන්වීම යටතේ, දිගුකාලීනව භාවිතයෙන් පසු අබලන්ව භාවිතයෙන් ඉවත් කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාව විසින් සාර්ථකව නවීකරණය කර යළි ධාවනයට සුදුසු පරිදි සකස් කර ඇත. මෙම වාහන 2025 ඔක්තෝබර් 24 වැනිදා සිට යළිත් යුද්ධ හමුදා සේවයට එක්කර තිබේ.
අබලන් වූ වාහන 76ක් නවීකරණය කර
නැවත සේවයට...
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ මගපෙන්වීම යටතේ, දිගුකාලීනව භාවිතයෙන් පසු අබලන්ව භාවිතයෙන් ඉවත් කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාව විසින් සාර්ථකව නවීකරණය කර යළි ධාවනයට සුදුසු පරිදි සකස් කර ඇත. මෙම වාහන 2025 ඔක්තෝබර් 24 වැනිදා සිට යළිත් යුද්ධ හමුදා සේවයට එක්කර තිබේ.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියෙන් විදෙස් විනිමය ඉතිරිකිරීමට මෙන්ම කුලී පදනමේ වාහන සඳහා මාසිකව වැය වූ රුපියල් මිලියන 10ක පමණ මුදල රජයට ඉතිරි කර ගැනීමට හැකි වී ඇත. එම අරමුදල් යුද්ධ හමුදාවේ හා රටේ සංවර්ධන කටයුතු සඳහා යොදවා ගත හැකිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ට්‍රක් රථ, බස් රථ, ජල බවුසර්, යුනි බෆලෝ, කැබ්, ගිලන් රථ, වෑන්, ගල් බවුසර් ඇතුළු වාහන 76ක් යළි සේවයට එක්කර තිබේ.
හමුදාපතිවරයා විසින් යළිත් එම වාහන යළිත් යුද හමුදාවේ පරිහරණය සඳහා භාර දුන් අවස්ථාවේ ලබාගත් ඡායාරූප කීපයක් මෙහි දැක්වේ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

