ඇමති මාරුවේ ඇත්ත ප්‍රතිඵල ඇවිත්...

පසුගිය දිනවල සිදු වූ කැබිනට් අමාත්‍ය සංශෝධනයට අනුකූලව, ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශවලට අයත් විෂයයන්, කාර්යයන් සහ ආයතන පිළිබඳ විස්තර සහිත අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2025 ඔක්තෝබර් 18 වැනි දා නිකුත් වූ මෙම ගැසට් පත්‍රය මගින් දැනට පවතින අමාත්‍යංශ කිහිපයකට අයත් විෂයයන් සහ ආයතනවල සංශෝධන සිදු කර ඇති අතර, නව අමාත්‍යංශවලට ද ආයතන පවරා දී තිබේ.

Oct 22, 2025 - 09:43
 65
ඇමති මාරුවේ ඇත්ත ප්‍රතිඵල ඇවිත්...

එයාගෙන් ගලවා මෙයාට - මෙයාගෙන් ගලවා එයාට.


අමාත්‍යාංශ විෂයමාරුවේ ගැසට්ටුව ඇවිත්...

පසුගිය දිනවල සිදු වූ කැබිනට් අමාත්‍ය සංශෝධනයට අනුකූලව, ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශවලට අයත් විෂයයන්, කාර්යයන් සහ ආයතන පිළිබඳ විස්තර සහිත අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2025 ඔක්තෝබර් 18 වැනි දා නිකුත් වූ මෙම ගැසට් පත්‍රය මගින් දැනට පවතින අමාත්‍යංශ කිහිපයකට අයත් විෂයයන් සහ ආයතනවල සංශෝධන සිදු කර ඇති අතර, නව අමාත්‍යංශවලට ද ආයතන පවරා දී තිබේ.

මෙම සංශෝධනයන් තුළින් රජයේ පරිපාලන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පහත දැක්වෙන්නේ මෙම ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රධාන සංශෝධනයන්ය.

ආරක්ෂක අමාත්‍යංශයේ වෙනස්කම්

ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව ඉවත් කර එය මහජන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ඇත. ඊට අමතරව, ජාතික ජලශාස්ත්‍රිය සභාව සහ ශ්‍රී ලංකා ජාතික ජලශාස්ත්‍රීය කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය

මෙම අමාත්‍යංශය යටතට හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම සහ සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය ඇතුළත් කර තිබේ.

බලශක්ති අමාත්‍යංශය

සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගම සහ ඒ යටතේ පිහිටවූ නව සමාගම් බලශක්ති අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත. එහෙත්, මෙම අමාත්‍යංශයේ පැවති ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව ඉවත් කර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය වෙත පවරා තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය

කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුව මෙම අමාත්‍යංශයේ විෂය පථයට ඇතුළත් කර තිබේ.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය
මෙම අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ආර්බිට්‍රේෂන් සෙන්ටර් (ගැරන්ටී) ලිමිටඩ්, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය ඉවත් කර මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඇතුළත් කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

මෙම අමාත්‍යංශයේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට භාර දී තිබේ. එහෙත්, සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන් (පෞද්ගලික) ආයතනය, ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා හෙද සභාව යන ආයතන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කර මෙම අමාත්‍යංශයට පවරා තිබේ. ඊට අමතරව, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ද ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයට ඇතුළත් වේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශය
රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉවත් කර මෙම අමාත්‍යංශයට ලබා දී තිබේ. එමෙන්ම, ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතාව සඳහා වන හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය ද එම අමාත්‍යංශයට යටතට ගෙන ඇත.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මෙන්ම සීමාසහිත GSMB තාක්ෂණික සේවා පෞද්ගලික සමාගම පරිසර අමාත්‍යංශයෙන් ඉවත් කර මෙම අමාත්‍යංශය වෙත ඇතුළත් කර තිබේ.

නව අමාත්‍යංශවල ආයතන පැවරීම්

නව සංශෝධනය යටතේ පිහිටවූ ප්‍රවාහන, මහාමර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත ආයතන 17ක් පවරා දී ඇත. ඒ අතර මාර්ග සංවර්ධන අධිකාරිය, එහි පාලිත සමාගම්, මග නැගුම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය ආදිය අයත් වේ.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0