රාජ්‍ය දත්ත පද්ධතිය බිඳවැටි (Lanka Government Cloud - LGC) සති දෙකට පාඩුව කෝටි 200යි.
ශ්‍රී ලංකා රාජ්‍යයේ සියලුම දත්ත ඇතුළත් තොරතුරු හා සන්නිවේදන පද්ධතිය (Lanka Government Cloud - LGC) කිසියම් නොවැළැක්විය හැකි හේතුවක් නිසා මේ දිනවල බිඳවැටි ඇතැයි රජයේ අභ්‍යන්තර තොරතුරු මාර්ග හෙළිකරයි.
අනාවරණ
ඩිජිටල් උපදේශකගේ - කතාව දෝලාවෙන් ගමන පයින්
ශ්‍රී ලංකා රාජ්‍යයේ සියලුම දත්ත ඇතුළත් තොරතුරු හා සන්නිවේදන පද්ධතිය (Lanka Government Cloud - LGC) කිසියම් නොවැළැක්විය හැකි හේතුවක් නිසා මේ දිනවල බිඳවැටි ඇතැයි රජයේ අභ්‍යන්තර තොරතුරු මාර්ග හෙළිකරයි.
පහුගිය 10 වැනිදා ඇරඹුණු මෙම පද්ධතිය බිඳවැටීමේ අර්බුදය හේතුවෙන් රජයේ රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන 8 ක මහජන සේවාවන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් තවත් ආයතන 30කට අධික සංඛ්‍යාවක සේවාවන්ට සැලකිය යුතු බාධාවන් එල්ල වී ඇති බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.
මෙම කඩා වැටීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 200ට අධික පාඩුවක් මෙම දින කීපය තුළ සිදුව ඇතැයි ඇස්තමේන්තු ගත කර ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා මෙම බිඳවැටීම තහවුරු කළ අතර, 17 වැනිදා වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූයේ පොලිස් නිෂ්කාශන පද්ධතිය පමණක් බව ඔහු පැවසීය.
මෙය සයිබර් ප්‍රහාරයක ප්‍රතිඵලයක් නොවන බවත්, "අසීමිත දත්ත ප්‍රමාණයක්" හේතුවෙන් පද්ධතිය අධික පීඩනයකට ලක්වීමෙන් මෙම බිඳවැටීම සිදුවූ බවත් ඔහු සඳහන් කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉංජිනේරුවන් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙම මහා පරිමාණ බිඳවැටීම මධ්‍යයේ, ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඩිජිටල් ආර්ථික උපදේශක, ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ කැපී පෙනෙන නිහඬතාවය දැඩි විවේචනයට ලක්වෙමින් පවතී. ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ දැවැන්ත දැක්මක් වේදිකාවල උදම් අනමින් ප්‍රකාශ කළ ඔවුන්, මෙම අර්බුදය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැළකී සිටීම බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට හේතු වී තිබේ. විචාරකයින් දැන් ඔහුගේ "කතාව දහසයි, වැඩ බිංදුවයි" පිළිවෙත හොදින් මහජනතාව හමුවේ පැහැදිළි වෙතැයි දන්වා සිටී.
මහජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින මෙම අර්බුදය ගැන ICTA හි ඩිජිටල් ආර්ථික උපදේශක සුමුදු රත්නායක මහතා පැහැදිලි කළේ, මින් ඉදිරියට රටේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් උප්පැන්න සහතික ලබාගැනීමේ හැකියාව තාවකාලිකව අහිමි වී ඇති බවයි. ඒ වෙනුවට, තමන් උපන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම යාමට ජනතාවට සිදුවී ඇති අතර, එය මීට පෙර භුක්ති විඳි ඩිජිටල් පහසුවෙන් විශාල පසුබෑමක් බව පෙන්වා දෙයි.
එක දා ගන්න පෙරට එන විජේසුරියලා, හැමදේම කොට උඩ ගිය විට, රජ්‍ය නිලධාරියෙක් වන, ධනපාල මහතාව බිල්ලට දෙමින් නිහඩව සිටිතැයි රජ්‍ය නිලධාරීන් චෝදනා කරයි. ඒ පිළිබද ඔවුන්ගේ කලකිරීම වට්සැප් පනිවුඩ හුවමාරුවල මනාව දක්නට ලබේතැයි විශේෂ නියෝජිතයෙක් පවසයි.
මෙමගින් රටට සිදුවූ කෝටි 200 පාඩුවට, කරගහන්නේ විජේසුරියද, නියෝජ්‍ය ඇමති එරංග වීරරත්නද, රාජ්‍ය නිලධාරී ධනපාලද කියන එක විපක්ශයේ කටකාර මන්ත්‍රී කෙනෙකු ලබන 21 වනදාට පසු පාර්ලිමෙන්තුවේ අගමැතිනියගෙන් අහන්න සෑදි පැහැදි සිටිතැයි වාර්තා විය.
ලංකා රජයේ වලාකුළු (Lanka Government Cloud - LGC) යනු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතාගාරය (ICTA) විසින් ක්‍රියාත්මක කරන රජයේ ප්‍රධාන තොරතුරු පද්ධතියයි. මෙය රජයේ ආයතනවල වෙබ් ආධාරක යෙදුම්, ඊ-ගෝවර්නන්ට් සේවා සහ වැදගත් තොරතුරු පද්ධති ආරක්ෂිතව, විශ්වාසනීයව හා පිරිවැය අඩුවෙන් පවත්වාගෙන යාම සඳහා සැපයෙන ප්‍රධාන යටිතල පහසුකමකි. 2011දී LGC 1.0 පද්ධතිය ආරම්භ වූ අතර, 2016දී LGC 2.0 පද්ධතිය මගින් IaaS, PaaS සහ Big Data විශ්ලේෂණ වැනි උසස් සේවා ලබා දෙයි. Lanka Gate, eRevenue, eLocal Government වැනි වැදගත් යෙදුම් මෙහි ධාවනය වේ. මෙය රජයේ ඩිජිටල්කරණය වේගවත් කරමින්, සේවා ගුණාත්මකභාවය ඉහළ නංවයි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

