විමල් කියපු ඇත්ත කෝ...?

තංගල්ල ‍පොලිසියෙන් කරන ලද කැඳවීමකට අනුව ඔක්තෝම්බර් 09 වෙනිදා පෙරවරුවේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාල වෙත පැය තුනක් තිස්සේ ලබාදුන් ප්‍රකාශය ට අදාළ කට උත්තරය වෙනස් කොට විකෘති කොට යම් යම් වැදගත් කරුණු ඉවත් කොට ඔවුන්ට අවශ්‍ය කොටස පමණක් යොදා ගනිමින් පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කොට ඇති නිවේදනය තමන් විසින් ලබා දුන් ප්‍රකාශය නොවේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

Oct 10, 2025 - 18:08
Oct 10, 2025 - 18:49
 44

එම නිවේදනය ඔහු විසින් ඉදිරිපත් කර ඇති අදහස මෙසේය

''පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනත් වීරසිංහ නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.

මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.

පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහා කරන්නේ ''පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා'' පිළිබඳව සත්‍යය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.''

සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවයද ප්‍රශ්නයට ලක්කර ගෙන ඇතැයි විමල් විරවංශ සිය නිවේදනය තුළින් කර සිටියි. 

පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් බව ඔහු කියයි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0