බිමල්ට හොඳ වැඩේ රංග දිසානායක පත්කළේත් බිමල්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පත්කිරීමේ ක්‍රියාවලිය තුළ පොදු ජනතාවට සැක උපදවන ''විනිවිදභාවයකින් තොර'' කටයුතු කීපයක් සිදුව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පසුගිය 7 වැනිදා කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට රංග දිසානායක පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොමග යවා ඇති බවට ඔහු බරපතළ චෝදනාවක් එල්ල කළේය.
හරි නම් ඒ පුටුවෙ ඉන්න ඕනව මාධව තෙන්නකෝන්...
උදය ගම්මන්පිල තොරතුරු හෙළිකරයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පත්කිරීමේ ක්‍රියාවලිය තුළ පොදු ජනතාවට සැක උපදවන ''විනිවිදභාවයකින් තොර'' කටයුතු කීපයක් සිදුව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පසුගිය 7 වැනිදා කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට රංග දිසානායක පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොමග යවා ඇති බවට ඔහු බරපතළ චෝදනාවක් එල්ල කළේය.
ඔහු පෙන්වා දුන්නේ නියමිත පරිදි නිසි ''විනිවිදභාවයකින්'' යුතුව එම ක්‍රියාන්විතය සිදුවූයේ වූයේ නම් එම තනතුර සඳහා පත්වන පුද්ගලයා හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක නොව, නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ නීතිවේදී මාධව තෙන්නකෝන් බවයි.
ගම්මන්පිල මහතා එසේ චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පත්කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදුනොවීම පිළිබඳව ද මෙහිදී කරුණු රැසක් හෙළි කළේය.
''දූෂණ විරෝධී පනතේ, ඉංග්‍රීසි පිටපතේ තිබෙනවා අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්විය යුත්තේ ''අපරාධ නඩු පැවරීම පිළිබඳ වසර පහළොවක අත්දැකීම් තිබෙන'' නීතිඥවරයෙක් කියලා. ඇත්තෙන්ම 2024 ඔක්තෝබර් මාසේ 13න් වෙනිදා, රංග දිසානායක මහතා මේ තනතුරට අයදුම් කරනවා. නමුත් ඔහුට අපරාධ නඩු පැවරීම පිළිබඳ එක දවසකවත් පළපුරුද්දක් නෑ. අයදුම්පත් 16ක් එනවා. ඒකෙන් 10ක් පමණයි සම්මුඛ පරීක්ෂණවලට කැඳවන්නේ. හැබැයි ඒ 10ට මූලික සුදුසුකම් සම්පූර්ණ නොකළ රංග දිසානායක අයත් වෙනවා.
මේ සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබාගන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් වන මාධව තෙන්නකෝන් මහතා. දෙවනියට වැඩිම ලකුණු ලබා ගන්නේ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා. 2024 දෙසැම්බර් 31 වෙනිදා රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමට මේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දෙනවා. 2025 ජනවාරි 3 වැනිදා ව්‍යවස්ථාදායක සභාව රැස් වෙලා තමන්ගේ ලකුණු දෙනකොට ඒ අනුව අංක 1 වෙනවා මාධව තෙන්නකෝන් මහතා. අංක 2 වෙනවා රංග දිසානායක මහතා. ඔය අතරේ දෙන්නගෙන් වඩා සුදුසු කවුදැයි කියලා සභාවේ සාකච්ඡාවක් ඇති වෙනවා.
මාධව තෙන්නකෝන් මහතා පිළිබඳ මතු කරන ගැටලුව තමයි ඔහු දූෂණ විරෝධී කොමිසමේ ''ෆීජී රටේ නීති කළමනාකරු විදිහට කටයුතු කරන්නේ හමුදා ආණ්ඩුවක් යටතේ වීම නිසා'' ඒක නුසුදුසු කමක් විදිහට අවස්ථාදායක සභාවේ සාමාජිකා මහාචාර්ය දිනූෂා සමරසිංහ මතුකරනවා. වඩාත් බරපතළ චෝදනාවට ලක්වෙන්නේ රංග දිසානායක මහතා. රංග දිසානායක මහතාව නිර්දේශ කරන දෙන්නම ආණ්ඩුකාරවරු, උතුරු මැද වසන්ත ජිනදාස ආණ්ඩුකාරතුමයි, සබරගමුවේ ජම්පා රාජරත්න ආණ්ඩුකාරතුමියයි. මේ දෙන්නම දේශපාලන පත්වීම් ලබාපු දෙන්නෙක් වීම සම්බන්ධයෙන් දිනූෂා මහාචාර්යතුමිය ප්‍රශ්නයක් මතු කරනවා.
මේ වෙලාවේ රංග දිසානායක මහතා බේරගන්න මැදට පනින්නේ, සභානායක, බිමල් රත්නායක ඇමතිතුමා. එතුමා කියනවා, නෑ, නෑ, මේ දෙදෙනා ආණ්ඩුකාර තනතුරට පත් වෙන්නේ රංග දිසානායක මහතාව නිර්දේශ කළාට පස්සේ. ඒ නිසා ඔවුන් ඒ මොහොතේ දේශපාලන පත්වීම් ලබපු පළාත් දෙකක විධායකයේ කොටස්කරුවන් නෙවෙයි කියලා.
හැබැයි ඒක අතේ පත්තු වෙනවා. රංග දිසානායක මහතාගේ අයදුම්පතේ නිර්දේශ කරන අය ලෙස මේ දෙන්නගේ නම් සඳහන් කරලා තියෙන්නෙම සබරගමුවේ සහ උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරුන් විදිහට. අපිට පේනවා රංග දිසානායක මහතා කොහොමහරි අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්කර ගැනීමේ යටි අරමුණ බිමල් රත්නායක ඇමතිතුමා ව්‍යවස්ථාදායක සභාව නොමග යවන්න තීරණය කරලා තිබෙනවා.
ඒ බොරුව කියන්නේ සභානායක බිමල් රත්නායක ඇමතිතුමානේ. ඒ නිසා ඉතාම සද්භාවයෙන් දිනේෂා සමරරත්න මැතිනිය මේක පිළිගන්නවා. මාධව අබේරත්න මහතා පිළිබඳ මතු කළ ගැටලුව විසඳුනු නැති නිසාත්, රංග දිසානායක මැතිතුමා පිළිබඳ මතුවුණු ගැටලුව, බිමල් රත්නායක ඇමතිතුමා විසින් විසඳූව නිසාත්, දිනේෂා සමරරත්න මැතිණිය තීරණය කරනවා, තමන් ලකුණු දුන්න වගුව අරගෙන, තමන් වැඩියෙන් ලකුණු දීලා තිබුණු, මාධව තෙන්නකෝන් මහතාට වඩා රංග දිසානායක මහතාට ලකුණු වැඩිවෙන ආකාරයෙන් තමන්ගේ ලකුණු ලබාදීම යළි සංශෝධනය කරන්න.
ඒත් අංක එකට ඉන්නේ මාධව තෙන්නකෝන් මහතා. දෙන්නාගෙම නම් ලබාගත් ලකුණුත් සමග ජනාධිපතිතුමාට යැවීමට තීරණය කරලා ජනවාරි 3 වැනිදා ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අවසන් වෙනවා. හැබැයි අගමැතිනිය මැදිහත් වෙලා නැවත ජනවාරි මේ කාරණය සාකච්ඡා කරන්න ව්‍යවස්ථාදායක සභාව යළි කැඳවනවා. එතනදී සභාවේ එකඟතාවයක් ඇති කරගන්න බැරි වුණු නිසා සාමාජිකයන් අතර ඡන්දයක් පවත්වන්න තීරණය කළා. ඡන්දයේදී රංගට ඡන්ද පහයි. මාධවට ඡන්ද හතරයි.
වැඩි ඡන්ද ලබාගත් රංග දිසානායක මහතාගේ නම් ජනාධිපතිතුමාට නිර්දේශ කරන්න තීරණය කරලා ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු නතර වෙනවා. බිමල් රත්නායක ඇමතිතුමා කියූ ''ටොම් පචය'' විශ්වාස කරලා මාධව අබේරත්න මහතාගෙන් රංග දිසානායක මහතාට වැඩි ලකුණු ලබා දුන්නු මහාචාර්ය දිනේෂා සමරරත්න මැතිණිය ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ඡන්දය දෙන්නේ රංග දිසානායක මහතාට. එහෙම දීලා තමයි පහට හතර වෙන්නේ. සභාව නොමග යැව්වේ නැතිනම් මාධව තෙන්නකෝන් මහතා පහට හතරේ වැඩි ඡන්දයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත්වීමට නියමිතව තිබුණා.''
මහාචාර්ය දිනූසා සමරරත්න පසුව තොරතුරු අධ්‍යයනය කිරීමේදී බිමල් කියන ලද බොරුව තහවුරු කරගෙන ඇත. අල්ලස් කොමිසමේ පුරප්පාඩුවට අයදුම් පත් කැඳවන්නටත් පෙර ඉහත කී උතුරු මැද හා සබරගමු ආණ්ඩුකාරවරුන් පත් කර තිබූ බවට දින වකවානු වලින් හෙළිදරව් වී තිබේ. මහාචාර්යවරිය මේ ගැන පරීක්ෂණ කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙතද ලිපියකින් දන්වා ඇති බවට කරුණු ඇතැයි ගමම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ වන විට (ඔක්තොම්බර 10) බිමල් ගැන නිසි තීන්දුවක් රැගෙන ඇත්තේ මේ සියලු කරුණු සලකා බලා විය යුතු යැයි උදය ගම්මන්පිල විශ්වාසය පළකරයි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

