2025 ජනපති අනුර පරදා 2026 ජනපති අනුර ඉදිරියට..!

2025 වර්ෂයේ අයවැය ලේඛනයට අනුව ජනාධිපති වැය ශීර්ෂයේ රුපියල් බිලියන 2.9 ක්ව තිබූ ''ජනාධිපති වියදම'' ඉදිරි මුදල් වර්ෂය සඳහා රුපියල් බිලියන 11.37ක් දක්වා හතර ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Oct 4, 2025 - 08:39
Oct 4, 2025 - 09:20
 120
2025 ජනපති අනුර පරදා 2026 ජනපති අනුර ඉදිරියට..!

පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා වැඩ බලන මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් ''2026 මුදල් වර්ෂයේ සේවා වියදම'' සඳහා විධිවිධාන සැලසීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ''විසර්ජන පනත් කෙටුම්පතට'' අනුව මෙම වැය ශීර්ෂයේ ඉහළයාම පැහැදිලිවම පෙන්නුම් කර තිබිණි. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ (2024) බිලියන 6.6ක් ව පැවති ජනාධිපති වැය ශීර්ෂයේ ''අනවශ්‍ය යැයි'' තේරුම් ගත් වියදම් කපා හරිමින්, ''ජනතාවට නැති වරප්‍රසාද කිසිම දෙයක් දේශපාලඥයින්ට'' අවශ්‍ය නැතැයි පුරසාරම් දොඩවමින් ''කිරිකෝඩු පුනරුද ආණ්ඩුව'' ජනාධිපති වැය ශීර්ෂය බිලියන 2.9ක් දක්වා අඩු කළේ රටට ''අලුත් පූර්වාදර්ශ'' රැසක් හඳුන්වා දෙමිනි.
එහෙත් අවසානයේ රටේ පවතින යථාර්ථය තේරුම් ගත් වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයෙක් රටක් වෙනුවෙන් කළ යුතු වැඩ කොටස හා වගකීම් කොටස නිසි ලෙස ඉටු කරන්නට තම වැය ශීර්ෂය අනවශ්‍ය පරිදි කප්පාදු කිරීම් නොකර සාමාන්‍යකරණයකට  ගෙනවිත් ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය bbc වාර්තා අනුව විග්‍රහවන්නේ 2024 වර්ෂයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැය ශීර්ෂයට වඩා 2026 අනුර කුමාර දිසානායකගේ වැය ශීර්ෂය 72%ක අගයකින් වැඩිවී ඇති බවයි.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ එවන් වැඩිවීමක් දක්නට ලැබුණත් අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය 2024 බිලියන 1.15ක්ව තිබී 2025 වසරේදී එය බිලියන 1.17ක් බවට වර්ධනය වී, නැවතත් 2026 මුදල් වසර වන විට 0.975 අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවද වාර්තා වේ.

ජනාධිපති හා අගමැති වැය ශීර්ෂයේ වසර තුනක්

  • 2024
    ජනාධිපති රු. බි. 6.6
    අගමැති රු. බි. 1.15
  • 2025
    ජනාධිපති රු. බි. 2.9
    අගමැති රු. බි. 1.17
  • 2026
    ජනාධිපති රු. බි. 11.37
    අගමැති රු. බි. 0.975

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 2
Funny Funny 0
Angry Angry 0
Sad Sad 1
Wow Wow 1