නන්දනට හා උදයට වැඩ වරදින ලකුණු.. !
ශ්‍රී ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා අතර ඉතාමත් කීර්තිමත් ස්වාධීන කොමිෂන් සභාවක් වන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට එරෙහිව අභූත චෝදනා නැගීම හා අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජ වි පෙ නායකයකු වන නන්දන ගුණතිලකටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලටත් එරෙහිව ''පුරවැසි බලය සංවිධානය'' අද (03) අල්ලස් කොමිසමට වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඔවුන් විසින් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද්වේශ සහගත ලෙස විවේචනය කරන බව හා එමගින් මේ රටේ පොදු ජනතාව නොමග යවන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව සඳහන් වෙයි. පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

