මහජන චීනය ඊයේ (16) අලුත් අවුරුද්ද සමරයි.

මහජන චීනයේ පුරාතන සම්ප්‍රදායන්ට හා සංස්කෘතියට අනුව අලුත් අවුරුදු උදාව 16 වනදාට (ඊයේ) යෙදී තිබිණ. චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව, 2026 වසරේ නව අවුරුදු උදාව ට සමගාමීව (16) රාත්‍රියේ බෙයිජිංහි පැවැත්වුණු දැවැන්ත කලා ප්‍රසංගය හෙවත් “වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය” නව අවුරුදු උදාව සංකේතවත් කරනු ලබයි.

Feb 17, 2026 - 10:38
 18
මහජන චීනය ඊයේ (16) අලුත් අවුරුද්ද සමරයි.

මහජන චීනය ඊයේ (16)

අලුත් අවුරුද්ද සමරයි.

මහජන චීනයේ පුරාතන සම්ප්‍රදායන්ට හා සංස්කෘතියට අනුව අලුත් අවුරුදු උදාව 16 වනදාට (ඊයේ) යෙදී තිබිණ. චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව, 2026 වසරේ නව අවුරුදු උදාව ට සමගාමීව (16) රාත්‍රියේ බෙයිජිංහි පැවැත්වුණු දැවැන්ත කලා ප්‍රසංගය හෙවත් “වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය” නව අවුරුදු උදාව සංකේතවත් කරනු ලබයි.


2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය යනුවෙන් නම් කරතිබූ මෙම ප්‍රසංගයට නිර්මාණාත්මක රංගනයන් ගීත හා නැටුම් කරණම් කලාවන් සටන් කලාවන් නාට්‍ය හා මැජික් සංදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් අන්තර්ගත වී තිබිණි. මෙවර මෙම ප්‍රසංගයට චීනයේ කෘතිම බුද්ධි තාක්ෂණයේ මහිමය මෙන්ම රොබෝ තාක්ෂණයේ දියුණුවද දියුණුවද පෙන්නුම් කරන සුවිශේෂී අංග කිහිපයක් ඇතුළත්ව තිබීමද විශේෂත්වයක් විය. අති නවීන තාක්ෂණයත් සමඟ මුසුවූ චීන සංස්කෘතියේ පොහොසත් කලා අංග මේ ප්‍රසංගය හරහා, වඩාත් නවමු ආකාරයෙන් ඉදිරිපත් කළ අතර, ඊට විවිධ රටවලින් පැමිණි කලාකරුවන්ගේ අංග කිහිපයක් ද එක්කර තිබීම මෙවර වඩාත් සුවිශේෂී වී තිබුණි.


අපේ සංස්කෘතියේ අවුරුද්ද යනු සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමයි. ඒ ආකාරයට චීන සංස්කෘතිය අනුව පිළිගැනෙන්නේ සත්ව රාශි චක්‍රයකි. ඒ අනුව ඔවුන්ට අවුරුද්ද උදාවන්නේ අශ්වයාගේ රාශිය එළඹීමත් සමඟය. අශ්වයාගේ රාශිය එළඹීමත් සමගම චීනය වසන්ත උත්සව සැමරුම ආරම්භ කරනු ලබයි. චීන සම්ප්‍රදායට අනුව අශ්වයාගේ වසර ලෙසින් සැලකෙන මෙම වසරේ නව අවුරුදු තේමාව වූයේ "වේගවත් පිම්ම, නොනවතින ගැම්ම" යන්නය.


චීන මහජනතාවගේ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් චීනයේ බෙයිජින් නුවර සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයේ සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ රාත්‍රියේ (16) චීනය හා සබඳතා පවත්වන ලොව පුරා රටවල් දෙසීයක රූපවාහිනි නාලිකා ඔස්සේ ලොව පුරා බෙදා හැර තිබීම විශේෂත්වයකි. ලොව පුරා රටවල් සහ කලාප 200කට අධික සංඛ්‍යාවක සජීවීව විකාශය කරමින් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හරින ලද මෙම ප්‍රසංගය, ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් එකවර සජීවීව නරඹන ප්‍රසංගය ද වේ.


චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන මෙම වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු සමය තුළ චීනයේ සංස්කෘතික වටිනාකම් මනාව පිළිබිඹු කරන්නකි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0