"සෆියා යමික්" ඒක හරි ලස්සන ශ්‍රී ලාංකික නමක්...

සෆියා යමික්..! සම්ප්‍රදායට අභියෝග කළ දැරියක්. පාසැල් යන්නෙ මහනුවර විහාරමහ දේවියට. ඒක සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ පාසලක් හැටියටයි සැලකෙන්නේ.

Oct 27, 2025 - 11:44
 26
"සෆියා යමික්" ඒක හරි ලස්සන  ශ්‍රී ලාංකික නමක්...

"සෆියා යමික්"

ඒක හරි ලස්සන 

ශ්‍රී ලාංකික නමක්...

සෆියා යමික්..! සම්ප්‍රදායට අභියෝග කළ දැරියක්. පාසැල් යන්නෙ මහනුවර විහාරමහ දේවියට. ඒක සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ පාසලක් හැටියටයි සැලකෙන්නේ. 


එයාගේ ගමන පටන් ගන්නෙම වෙනස් කාලෙකට. ඊළඟට සිංහලෙන් ඉගෙන ගන්නවා. මළල ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. ඒවාට ගැලපෙන ඇඳුම් අඳිනවා.
ඒවා එයාගේ ආගමට, සම්ප්‍රදායට විරුද්ධයි. එයාගේ පල්ලිය මේවට විරුද්ධ වෙනවා. ගෙදරටම ඇවිත් ඒවා නවත්තන්න කියනවා.


ඒත් එයාගේ දෙමව්පියන් සෆියා සමග හිටගන්නවා. එයාගේ ගමනට ඔවුන් බාධා කරන්නේ නෑ. අද සෆියා දකුණු ආසියාවේම වේගවත්ම කාන්තාව.
ඇය අනවශ්‍ය සම්ප්‍රදායන් තමන්ගේ ගමනට බාධාවක් කරගත්තේ නෑ. ඇය ශ්‍රී ලාංකික දැරියක්. මේ රටට අවශ්‍ය එහෙම ළමයි. අන්න ඒ ආකාරයේ දෙමාපියන්.


අපි ඔබට සුභ පතනවා...

කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම ශිෂ්‍ය නායකයකුව කටයුතු කළ 
''දීප්ති ළමාහේවා'' තැබූ ෆේස්බුක් සටහනකින් උපුටා ගන්නා ලදී.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0